මහා බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී පිහියෙන් ඇන මරා දැමුණූ ශ්‍රී ලංකාවේ කවීෂ පීරිස්ගේ පවුලේ සාමාජිකයෝ බ්‍රිතාන්‍ය පොලීසියට හා මාධ්‍යට බෙහෙවින්ම ස්තූතිය පළ කරති.
පරිගණක ඉංජිනේරුවරයකු වන කවීෂ පීරීස් (25) සිය අලුත් රැකියාව භාර ගැනීමට පෙර දින සිය අතුරු රැකියාවේ යෙදී සිටිමින් පිට්සා ඇනැවුමක් රැගෙන යමින් සිටියදී පිහි පහරට ලක්ව මිය ගියේ පසුගිය 27 වැනිදාය.
ඝාතකයන් බව කියන දෙදෙනා (අවුරුදු 17 හා 25 ) අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය පොලිසියටත් උදව් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටත්, ඩොමිනෝ පිට්සා හලටත් ,බ්‍රිතාන්‍ය මහ ජනතාවට හා මහජනතාවටත් එහි ශ්‍රී ලාංකිකයන්ටත් ස්තූවන්ත වන බව කවිෂගේ සොහොයුරු චේතක පීරිස් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට ලංකාවේ පොලිසිය තංගල්ලේ මිනි මරුමට මොනාද කරේ .?චෝගම් නිසා දැන් නඩුව අලුතින් අරන්.(නදී)
නියමයි! (නදී)
ලෝකය වෙලා ගත්තු අන්ත වාදී ජාතියක් නිසා අපේ උගත් කෙනක් අපට නැතී උණා! (නදී)
අර කුරාම් ෂේක් මරපු කෙනාටත් තංගල්ලේ ඔය ගමන්ම ස්තුති කරන්න ඉක්මනින් නඩුව ආපසු පටන් ගත්ත නිසා (නදී)
චරිත් ඔබ හරියට හරි. තංගල්ලේ රතු කුරුස සාමාජිකයා මැරිලා අවුරුද්දකට වැඩියි. එතකම් අපේ රට නිදි.(නදී)
ඔබට ස්තූතියි (නි)
ලංකාවේ විතරයි නඩු (ඉඩම්, මිනීමැරුම් ආදී) අවුරුදු 5 -10 -15 අදින්නේ. (නි)
අර කුරාම් ෂේක් මරපු කෙනාටත් තංගල්ලේ ඔය ගමන්ම ස්තුති කරන්න ඉක්මනින් නඩුව ආපසු පටන් ගත්ත නිසා. මිනීමරුවන් සභාපති පුටුවේ මෑතක් වෙනකම් තනතුරු දැරුවා කියලත්. (නි)
ඕකයි අපේ රටයි සුද්දගේ රටවලුයි අතර තිබෙන වෙනස. (නි)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ(නදී)
අපේ රටට උගත් කෙනෙක් නැති වුණා. මේ ජාතිවාදීන් මොනවා ලබා ගන්නද මේ අහිංසක ජීවිත නැති කරන්නේ? ඔබට නිවන් සුව! උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා! (නි)