එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලය සදහා වන බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වන ජොයිස් ඇනෙලේ සාමිවරිය දෙදින නිල සංචාරයක් සදහා සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරයේදී ඇය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම අවධාරණය කරනු ඇති බවත් සංහිදියාව සහ දූෂණය පිටුදැකීමේ පියවර පිළිබදව ද අවධානය යොමු කරන බවත් කියති.
සඳුදා (7) උතුරේ සංචාරයක නිරත වන ඇය ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සහ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමුවන අතර, බ්‍රිතාන්‍ය හැලෝ භාරය මගින් ක්‍රියාත්මක කරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ද නිරීක්ෂණය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එන්නේ අපිට කරුණාවට නෙමෙයි (නි)
මේ ලංකාවට එන කිසිවෙකුත් කොටින් නිසා විපත පත් වූ සිංහලයන් ගැන සොයා බලන්නේ නැද්ද/ එසේත් නැත්නම් ඒවා සොයා බලන ලෙස පැවසීමට තරම් පන ඇති කොන්දක් අපේ පාලකයනට නැද්ද?(හේ)