බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ ක්‍රිකට් සමාජයේ දී ශ්‍රිලංකා ජාතික ක්‍රිකට් කණ්ඩයම හිටපු දඟ පන්නදු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් හමුවිය. බ්‍රිතාන්‍ය අගමැති එහිදී ක්‍රීකට් ක්‍රීඩාවේ ද යෙදුනේය.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ ක්‍රිකට් සමාජයේ දී ශ්‍රිලංකා ජාතික ක්‍රිකට් කණ්ඩයම හිටපු දඟ පන්නදු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් හමුවිය. බ්‍රිතාන්‍ය අගමැති එහිදී ක්‍රීකට් ක්‍රීඩාවේ ද යෙදුනේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුත්තයියා මුරලිදරන් විනිසුරු පසු කරමින් පන්දුවක් යැවුවා, ඩේවිඩ් කැමරන් ඉදරියට පැන වේගවත් පහරක් එල්ල කළා.පන්දුව ඉහලින් ඇදියනවා .ලකුණු 6යි. (නි)
විමුක්ති , ඔබ කියන දේවල් හරියටම හරි. ඒ දේවල් තේරුම් ගැනීමට අද බලයන්ට නොහැක. ඒ නිසා ඔහුන් සමග තර්ක කිරීම නිෂ්පල දෙයක්.(නදී)
මම හිතන්නේ කැමරන් මහත්තයා එංගලන්තෙදීවත් ඉන්නේ නැතුව ඇති මෙච්චර සැහැල්ලුවෙන්. ඔච්චර දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රටේ කොටි ත්‍රස්තවාදය නැති හින්දා බව අමතක කරන්න එපා. (නි)
තිලක් කුමාර ,මුරලිව පිළිගන්න ඕනෑ නියම ශ්‍රී ලාංකිකයකු විදියට. ක්‍රීඩාවට ජාති කුල දේශපාලනය ඕනෑ නැහැ. අගමැතිතුමාට තමන්ගේ රටේ තියෙනවා ඕනෑතරම් දේවල් විසදන්න.අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න (නි)
මුරලි දාමුද හොද දුස්රාවක් කුට්ටම ගැලිවිල යන්න (ස) .
නියමයිනේ (නි)
ප්‍රශ්න තියෙන තැන් වලින්නේ විමුක්තිය උදා කරගන්න ඕනෑ.අනේ විමුක්ති, අපි නොදන්නා ලයිව්.ප්‍රශ්න නැති රටවල් හොයන්න ඔයාට පුළුවන් වෙන්නේ කොහොමද.මේ ලෝකේ එහෙම රටවල් තිබුනෙත් නැහැ,ඇති වෙන්නෙත් නැහැ.දැනටත් නැහැ.දේශපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව වගේ ඔය ගොඩක් වචන බිහිවෙලා තියෙන්නේ ප්‍රශ්න නිසා තමයි.මේ සමාජයේ පැවැත්මත් දියුණුවත් තියෙන්නේ ප්‍රශ්න මතම තමයි.තමුන්ගේ දේශපාලන දැනීම පේනවා දීලා තියෙන උදාහරණ දෙකෙන්ම. (නි)
පුරන් අප්පු කියපු කතාව 100% ඇත්ත. මෙයාලා විරුද්ධ අපි කොටි විනාශ කළාට නෙමෙයි, ඊට පස්සේ ජාතිවාදී වුණාට. ඒවා නිසයි මෙයාලා තරහ වුණේ. (නි)
මුත්තයියා, ඔබ අපිට සම්පතක්.ඔබට දිගාසිරි! (නි)
තිලක් කුමාර,මුරලි සිංහලයෙකු නොවුණත් ,ඔහු නියම ශ්‍රී ලාංකික මහත්මයෙක් හැටියටයි අපි පිළිගත යුත්තේ. (නි)
විමුක්ති, නැහැ යාළුවේ. තැනේ හැටියට ඇණේ ගැහුවා. ඒකේ වැරැද්දක් නැහැ නේ (නි)
බිතාන්‍ය අගමැති හමුවුණත් මුරලි ටී ෂර්ට් එක ඇදගෙන ගියේ. පේනවනේ නිරහංකාරකම (නි)
නිශාන්, පුරන් අප්පු කියන දේ නම් ඇත්තක් තිබෙනවා. නමුත් ඔබේ තක්සේරුව නම් වැරදියි. බ්‍රිතාන්‍යන් අපට විරුද්ධ වුණේ අපි ජාතිවාදී වීමක් නිසා නෙමෙයි. මිලිබෑන්ඩ් අපේ ජනාධිපතිතුමා පෞද්ගලිකව හමුවෙලා යුද්දේ නවත්වන්න කරපු බලපෑමටවත් යට නොවීමෙන් ඔවුන්ගේ අහංකාරකමට වැදුණු පහර නිසා. ඒකට අපට රිදවන්න වුවමනා නිසා. එහෙම විරුද්ධ වීම ඇමෙරිකාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දෙයක් නිසා. නැතුව ඔවුන්ගේ 'මානව හිතවාදයක්' හින්දා නම් නෙමෙයි. (නි)
මටත් හිතෙන්නේ අසංග වෙන රටක ජීවත් වෙනවා වගේ. අනේ අම්මපා රටේ ප්‍රශ්න දවසින් දවස වැඩියි. මෙච්චර ප්‍රශ්න තියෙද්දී මෙහෙම කියන මිනිහෙක් රටේ ඉන්නවා දැක්කමයි (නි)
අපි දන්නවා මෙයා කාටද එන්නෙ කියලා. (නි)
සහතික ඇත්ත පුරන් අප්පු. රාජ්‍ය නායකයෝ එන්නේ ලංකාවට නෙමෙයි දැන්, කොළඹට සහ යාපනයට. හෙට යාපනයට වෙනමත් එන්න ගනියි (නි)
හරිම ලස්සනයි. පාටත් ලස්සනයි. නමුත් මෙයාලගේ විදේශ ප්‍රතිපත්ති මතක් වෙනකොට ගහලා එලවන්න හිතෙනවා. (නි)
තිලක් කුමාර,පටන්ගත්තද නැවතත්? අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් කියන එක දන්නෙ නැද්ද? (නි)
ජනාධිපතිතුමා නියම කතාවක් කිවුවා කෙරුමට රිදෙන්නත් එක්ක. "වීදුරු ගෙවල් වල ඇතුලේ ඉදගෙන ගල් ගහන්න එපා " නියමයි. (නි)
මුරලි අයියෙ, දේශපාලනයට නම් එන්න එපා.ඔබ අපගේ ගෞරවය දිනාගත් පුද්ගලයෙක් (නි)
මුරලි ඇහුව කැමරන්ගෙන් ඔහු ලංකාව ගැන ව්‍යාජ ප්‍රචාර වලට අහුවෙලා වගේ නේද කියා. .(නදී)
බලන්න, දැන් කරුණලා, පිල්ලෙොන්ලා, කේ පී ලා එහෙම කොච්චර ලස්සනට අපේ රටේ ජීවත් වෙනවද? (නි)
අසංග නම් ලංකාවේ ඉන්නේ කියලා පේනවා.විමුක්ති නම් ජීවත් වෙන්නේ වෙන රටක වගේ. නමෙන්ම පේනවා පතන විමුක්තිය. (නි)
මුරලි, මම සිංහල රෝමන් කතෝලික. ඔබ හින්දු දෙමල. අපි අතරේ වෙනසක් නැහැ. අපි හැමෝම මිනිස්සු. ඔයාට වයස තියනවා අායෙත් ටෙස්ට් වලට එන්න. (නි)
කලකට පෙර මුරලි කියලා තිබුනා රටේ දැන් හැමෝම හොදින් ඉන්නවා කියලා. ඒක පත්තරේක පළවුණා. ඒක නැවතත් පළකරන්න. මුරලිටත් අමතක වෙලාද දන්නේ නැහැනේ. කැමරන් අපිට ගරහන විදියට තාම හිතන්නේ යටත් විජිතයක් කියලා. මේ මොකුත් නැහැනේ චෝගම් නෛාතිබුණා නම් (නි)
මුරලි සිංහලයකු නොවන බැවින් ඔහු නියම ද්‍රවිඩ ජාතිකයකු ලෙසද සිංහල බෞද්ධ අපි පිළිගත යුත්තේ? (නි)
අහෝ බන්දු(ල), රතුපස්වල මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැද්ද? ටී.එන්.ඒ. එක 80% ගත්තේ යාපනේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැති නිසාද?(තව ඕනෑතරම් ලියන්න පුළුවන් අපි මෙතන අත කඩාගෙන ටයිප් කළාට වැඩක් නැහැ) (නි)
විමුක්ති කියන්නේ කවුද කියලා පේනවා අදහස් වලින්ම (නි)
කව්රු මොනව කිවුවත් කැමරුන් හරිම සතුටින් ඉන්න. රැවුලත්,කැදත් දෙකම ඕනෑනේ. මුරලිට කවුද ආදරේ නැත්තේ ? (නි)
මම හැම දෙනාටම කාරුණිකව දන්වනවා මගේ නමින්ම තවත් කෙනෙක් මෙතන අදහස් පලකරනවා.අනවශ්‍ය දෙයක් පලකරොත් මව වරදවා තේරුම් ගන්න එපා. (නදී)
මනරම්. (දිල්)
මුරලි අපේ රටට වටිනාම පුද්ගලයෙක්....ඔබවත් ඔය සුදු මාත්මයට කියන්න මේ රටේ අපි කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙනවා කියල.(දිල්)
බන්දු(ල) ඔබ මට 2013-11-16 23:26:01 දුන් පිලිතුරේම මම මෙතෙක් කියන්නට හැදු දේ තියෙනවා ඔබ එවනි පිළිතුරක් දීපු එක ගැන මට සතුටයි .දේශපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව,මානව හිමිකම් හරියට නැති නිසා තමා මේ සියලු ප්‍රශ්න අපියු.එන් වගේ සංවිධාන වල සාමාජිකයෝ ඒවායේ සාමාජිකයෝ වෙද්දී අපි පොරොන්දු වෙනවා රට තුල ඉහත ඒවා හරියට ක්‍රියාත්මක කරනවා කියලා. ඒවා අපි හරියට නොකරද්දී බලවත් රටවල් එම ප්‍රශ්න වලට ඇගිලි ගහන්න හදනවා. පිල්ලේ නෝනා ඇවිල්ල කරපු මාධ්‍ය සාකච්ඡාවෙදී වැඩියෙන් කතා කලේ 2009 න් පස්සේ මේ රටේ වෙච්ච දේවල් ගැන අන්තිමට මොකද කිව්වේ "ශ්‍රී ලංකාව ඒකාධිපතිත්වයක් කරා යනවා " මම අහන්නේ මෙහෙම රටක ඉදන් .දේශපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව,මානව හිමිකම් හරියට ක්‍රියා කරන්න පුලුවන්ද? තව දෙයක් ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු දැන් නැති එක සහ දයාන් ජයතිලක වගේ ඉන්න මිනිස්සු සුදුසු තැන් වලට දාපු නැති නිසා අපි ජාත්‍යන්තරය ඉදිරියේ තව කිච වෙනවා.(නදී)
එංගලන්ත අගමැති කොච්චර නිහතමානි සැහැල්ලු පුද්ගලයෙක්ද කියලා හිතෙනවා දැක්කම. අපේ නායකයන්ට එතුමා විශාල ආදර්ශයක් (නි)
මේ ශීතල නොවැම්බරයේ මේ වගේ සැහැල්ලුවට ඇඳගෙන සෙල්ලම් කරයි එංගලන්තේ හිටියා නම්. අහලා බලන්න බොරුද කියලා. (නි)
හැම දෙයක්ක්ම නියම විදිහට සංවිධානය කරලා තියනවා .(දිල්)
බ්‍රිතාන්‍ය ජාතිකයන් වත් කොටි ගොඩට තල්ලු කෙරන්න එපා. ප්‍රභාකරන් මරනකොට කොටි හිටියේ පොඩ්ඩයි ,ඒ සමග කොටි මක බෑ වෙලා ගියා , අපේ වරදින් දැන් ඕනේ නැති වැඩපිළිවෙලක් හින්ද, ඔක්කොම කොටි ගොඩට එකතුකරනවා , ඒ දවස් වල තමිල්නාඩුව කොටි හොයාගන්න බැරි උනා, ජය ලලිතා හිටියේත් මරණ ලැයිස්තුව , එක හින්ද මේවා විචාර බුද්ධියෙන් බලන්න පුරුදු වෙමු (නදී)
මුරලි කවදාවත් රටට එරහිව කටයුතු නොකරපු ලක් මෑණියන්ගේ නියම පුතෙක්. (නදී)
අසංග උඹ වෙන රටකද බන් ජීවත් වෙන්නේ(නදී)
ඔය අපිටත් පන්දුවකින් දමාගසා තිබෙන්නේ (නි)
මුරලිත් ළඟදීම ....................?(නදී)
විමුක්ති, මම නම් අපේ උතුම් රටට ආදරය කරන ලංකාවේ ජීවත් වෙන කෙනෙක්. ඔබ අදහස් පළකරන විදිය බැලුවම විමුක්ති කියන නමටත් අගෞරවයක්. (නි)