IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය අගමැති අවුරුද්දට සුබ පතයි

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනමා ඇත.

" බ්‍රිතාන්‍යයේත් ශ්‍රී ලංකාවෙත් ලොවවටාත් සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද සමරන සියලුම දෙනා වෙත සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

ලොව වටා විශාල ජනතාවක් මෙම වැදගත් චාරිත්‍රය සමරන බව මම දනිමි" යනුවෙන් අගමැතිවරයාගේ නමින් නිකුත්කර ඇති ලිපියක සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික සිංහල සහ දෙමල ජනතාව විසින් මේ රට වෙනුවෙන් ඉටුකරනු ලබන උත්තම සේවාවන් නිරන්තරයෙන් අගය කරනු ලබන බවත් මෙම පිරිසගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතික සහ වාණිජ අංශයන්ගේ නියෝජනය ඉතාම වැදගත් වන බවත් ඔහු පවසා ඇත.

එම ලිපියෙහි  මෙසේ  ද සඳහන් වෙයි. "එංගලන්තයේදී නව අවුරුද්ද සමරන සියලුම දෙනා නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ නෑදෑ හිතමිත්‍රාදීන් සිහිපත් කරනු නොඅනුමානය. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ කල සංචාරයේදී එරට වැසියන් දැක්වූ මිත්‍රශීලී බව සහ ආගන්තුක සත්කාරය මේ අවස්තාවේදී මගේ සිහියට නැගෙයි. එදා මා සංචාරය කල හැම තැනකදීම මුණ ගැසුන සාමාන්‍ය ජනතාව පෙන්වූ අසාමාන්‍ය ලෙන්ගතුකම වගේම එම රටේ ඇති ඇති විශිෂ්ට සුන්දරත්වය මගේ මතකයෙන් කිසිදිනක ගිලිහී නොයනු ඇත."

ලැබුවාවූ නව වසර ඇතුලත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශයන් තව දුරටත් එකමුතුව ක්‍රියා කරනු දැකීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනු කැමති බවද එම ලිපියෙහි දැක්වෙයි.

ලන්ඩන් නුවර කොන්සර්වේටිව් පක්ෂයේ ශ්‍රී ලාංකික මිතුරු සන්සධයේ සභාපති ලයනල් සමරසිංහ වෙත එම ලිපියෙහි පිටපතක් ඒවා තිබුණි.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති අවුරුද්දට සුබ පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site