මඩු රක්ෂිතයේ දැව ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා බුරුත දැව කදන් 40 ක් සමග මඩු පාර රක්ෂිතයේ සිට වවුනියාවට ප්‍රවාහනය කරමින් සිටියදි මඩුපාර අඩවි වන නිලධාරීන් ඇතුලු කන්ඩායමක් විසින් අද (21) අත් අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම් සදහා මන්නාරම දිසා වන නිලධාරී ඊ.එම්.ඒකනායක මහතාගේ උපදෙස් මත මඩුපාර අඩවි වන නිලධාරි එල්.ඒ.ඡි.යාපා,බට්ටු වන නිලධාරී.එච්.කේ.ඩි.ඡයන්ත, එස්.එම්.එස්.ඩි.කරුණාරත්න, එම්.ඩි.ඒ.එල්.විඡේරත්න, එන්.රොෂාන්, ඒ.එම්.ඡයන්ත, ඉන්දික ප්‍රසාද් යන නිලධාරිහු සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න (නි)
මෙහෙම කැළෑ විනාශ කරද්දී වැසි නොලැබීම පුදුමයක්ද? (නි)