IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බර්ටිගෙ හිටපු ලේකම්ගේ වැඩ තහනම්

උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිර්මලා ඒකනායක මහත්මියට තර්ජනය කර පහරදීමට තර්ජනය කර පහරදීමට තැත් කළැයි උතුරු මැද හිටපු මහ ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු  හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුස්තකාල සේවා විෂය භාර අධ්‍යක්‍ෂ පියරත්න හේරත් මහතාගේ වැඩ තහනම් කළ බව පළාත් අධ්‍යාපන ලේකම් ආර්.කේ. පේ‍්‍රමසිරි මහතා පවසයි. හේරත් මහතාගේ බිරිය මාරු කළැයි කියන සිද්ධියක් මත තමාට බැන වැදුණු බව ඒකනායක මහත්මියගේ පැමිණිල්ලේ සඳහන්වේ.
අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියකවූ කුමුදිනී ආරියවංශ මහත්මිය හේරත් මහතාගේ බිරියයි. ඇය මුලින් කලාප කාර්යාලයටත් ඉන් පසුව තඹුත්තේගමටත් මාරුකර ඇත.

 



අදහස් (0)

බර්ටිගෙ හිටපු ලේකම්ගේ වැඩ තහනම්

ද සිල්වා Tuesday, 06 August 2013 05:07 PM

එයාලටගේ ගෝලයන්ගේ සැර තාම අඩුවෙලා නැහැ (නි)

:       0       0

මිගිද Tuesday, 06 August 2013 05:08 PM

එතකොට බර්ටි මහත්තයා? (නි)

:       0       0

වන්නි Tuesday, 06 August 2013 11:21 AM

චන්දයක් එනවානේ ඉස්සරහට

:       0       0

ලලන්ත Saturday, 10 August 2013 01:17 PM

හැබැයි දැනුත් ඔය පළාත් සබාවේ ඉන්නේ පට්ට හොරු. කලින් එක්කෙනාගේ ඇම්බැට්ටයෝ ඔක්කොම දැන් මෙහාට පැනලා. පරණ තැටියම තමයි. අනේ අහිංසක මිනිස්සු කිදෙනෙක් රැවටිලා ඡන්දෙ දෙනවද? කසිප්පු කාරයෝන්ටයි පොකට් කාරයින්ටයි.(නදී)

:       0       0

සමන් Wednesday, 07 August 2013 06:14 AM

මේවට කියන්නේ කළකම් පලදෙනවා කියලා (නි)

:       0       0

නිහාල් Tuesday, 06 August 2013 12:04 PM

තර්ජනය කරන්නේ නැතුව වහලය උඩට නැග්ගානම් ඉවරයිනේ

:       0       0

සම්මානි Tuesday, 06 August 2013 12:04 PM

මාලුව නහින්නෙ කට හින්දලු.

:       0       0

සිරිපාල Wednesday, 07 August 2013 04:54 PM

පියරත්න හේරත් කියන්නේ යුක්තියට සාදාරණයට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක් (නි)

:       0       0

පියල් Tuesday, 06 August 2013 12:10 PM

මොකද්ද දන්නේ නැහැ නේද

:       0       0

විසුම් Wednesday, 07 August 2013 04:57 PM

බර්ටි කියන්නේ සිංහයෙක්. (නි)

:       0       0

සංජිව Tuesday, 06 August 2013 12:16 PM

නිර්මලා මඩම් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන් නීතියට වැඩ කරන කෙනක්, දෙසපාලකයන්ගේ පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. මැඩම්ට අපගේ උත්තමාචාරය.

:       0       0

චතුල වෙරෝනා Tuesday, 06 August 2013 12:50 PM

සාධාරනයිනෙ. ඇයි එයාගෙන් අහන්නෙ නැතුව මාරු කළේ? (නි)

:       0       0

රනා Tuesday, 06 August 2013 01:00 PM

මොනවා. ලංකාවේද ?

:       0       0

කපිල Tuesday, 06 August 2013 01:13 PM

බෙර්ටිට ඉස්සර තිබ්බ බලේ දැන් නැනේ

:       0       0

වජිර සේනානායක Wednesday, 07 August 2013 05:57 PM

කෙලින් වැඩ කරනවට වඩා නැවිලා ලකුණු දාගන්නවා කියල තමා දන්නා අය කියන්නේ. අනික ඔය කියන විදියට නිර්මලා නෝනට බැන්නා,තර්ජනය කළා කියන්න කිසිම සාක්ෂියක් නෑ. මම මේ සිද්දිය මුල ඉදලම දැක්කා. (දී)

:       0       0

ප්‍රදීපා Tuesday, 06 August 2013 01:21 PM

බාලයින්ගේ සැර බලන්නකෝ

:       0       0

බන්දු-චන්ද්‍ර Tuesday, 06 August 2013 01:49 PM

මේවා මෙහෙම වෙනකොට අද හංගන සමහර දේවල් වල ඇත්ත එළියට එන්න තව කොච්චර කල් යාවිද? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 07 August 2013 06:27 PM

වගකියන්න ඕනෑ ඉතින් දේශපාලන මැදිහත්වීමකින් තනතුරු ලබා ගත්ත අයම තමා (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 06 August 2013 02:14 PM

පුස්සෝ සුදුද්දෝ වෙනකොට ඔහොම තමයි

:       0       0

ධම්ම Tuesday, 06 August 2013 02:17 PM

බ්ර්ටී කියන්නේ කව්ද?

:       0       0

වජිර Wednesday, 07 August 2013 06:55 PM

හේරත් මහත්තයත් එක්ක පළාතේම ජනතාව ඉන්නවා. දෙපාර්තමේන්තුව ඇතුලේ දේශපාලන පළිගැනීම් නිසා අවංක නිලදාරීන්ට ඉඩක් නැහැ. ඔබට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

කමල් Wednesday, 07 August 2013 07:10 PM

වැරදි වැඩ (දී)

:       0       0

කපිල Wednesday, 07 August 2013 07:10 PM

දේශපාලන බලය (දී)

:       0       0

රන්ජිත් Wednesday, 07 August 2013 07:25 PM

හේරත් මහත්තය කියන්නේ කොන්ද කෙලින් තියාගෙන් වැඩ කරන කෙනක්, අසාධාරණය පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. සර්ට අපගේ උත්තමාචාරය. (අ)

:       0       0

සද රේඛා Tuesday, 06 August 2013 03:49 PM

මේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දේශපාලන කැඳ හැලියක්. හැබැයි අවංකව කියනවා නම් මේ අලුත් අධ්‍යාපන ඇමතිතුමා වෙනසක් කරන්න උත්සාහ කරන කෙනෙක්. මේ විවිධ කණ්ඩායම් එක්ක එතුමා තවමත් ඇමතිකම බේරාගෙන ඉන්න එකත් ලොකු දෙයක් (නි)

:       0       0

වරුණ Tuesday, 06 August 2013 03:50 PM

දීපාල් සිල්වාගේ සින්දුවේ කොටසක් මේකටත් ගැළපෙනවා (නි)

:       0       0

පිටිගල Tuesday, 06 August 2013 04:39 PM

තමිල්නාඩුවේ මහා ඇමතිලා ඒගොල්ලන්ගේ ප්‍රාන්තයට වැඩ කරනවා. ජනතාව වෙනුවෙන් බොරුවටහරි කෑ ගහනවා. තමන්ගේ පළාතේ ජනතාවට හිරිහැර කරන්නේ නැහැ.

:       0       0

කුමාර Wednesday, 07 August 2013 09:09 PM

අලුත් අයගෙන් පරණ අයට ප්‍රහාරයක් වගේ. (අ)

:       0       0

තුසිත Wednesday, 07 August 2013 09:17 PM

පියරත්න හේරත් ගුරුතුමා නම් ගොඩක් හොඳ කෙනෙක් මේ වගේ වැඩක් කරවී කියල හිතන්න අමාරුයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site