IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බ‍්‍රැඞ්බි පළිහ විනිශ්චයට ජොනතන් කප්ලන් එයි

ලෝක රග්බි පිටියේ කීර්තිමත් රග්බි විනිසුරුවරයකු වන දකුණු අප‍්‍රිකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මහනුවර පල්ලෙකැළේ පිහිටි ති‍්‍රත්ව රග්බි පිටියේදී ජූනි මස 1 වැනිදා පැවැත්වෙන මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 69 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජොනතන් කප්ලන් මහතා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ජූනි මස 2 වැනිදා බෝගම්බර පිටියේදී පැවැත්වෙන තරගයේ විනිසුරු ලෙස ද කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවසයි.

පාසල් ශිෂ්‍යයකුව සිටියදීම, 1984 වසරේ රග්බි විනිසුරු දිවිය ඇරඹු ජෙනතන් කප්ලන් මහතා රග්බි ලෝක කුසලාන තරගාවලි තුනක විනිසුරු ලෙස කටයුතු කළ පළමු දකුණු අප‍්‍රිකානු විනිසුරු ලෙස ද ඉතිහාසයට එක්ව සිටියි. ඒ මහතා 1999, 2003 සහ 2007 වසරවල පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලිවල විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ.  

කප්ලන් මහතා රටවල් දෙකක් අතර වැඩිම තරග සංඛ්‍යාවක විනිසුරු ලෙස කටයුතු කිරීමේ ලෝක වාර්තාවටද හිමිකම් කියයි. ඒ මහතා ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර පැවැති රග්බි තරග 50 ක විනිසුරු ලෙස කටයුතු කර තිබේ. 



අදහස් (0)

බ‍්‍රැඞ්බි පළිහ විනිශ්චයට ජොනතන් කප්ලන් එයි

ප්‍රිය Wednesday, 29 May 2013 01:38 PM

ඇග සුර ගන්නේ නැතුව සෙල්ලම් කරන්න මෙයාලා. (නි)

:       0       0

ජීවන් Wednesday, 29 May 2013 04:56 PM

රග්බි ලංකාවේ ජනප්‍රිය වේවා! කාලය කා දමන මිනිස් පැය විනාශ කරන ක්‍රිකට් වලපල්ලට යත්වා! (නි)

:       0       0

අංජන Wednesday, 29 May 2013 05:19 PM

නිල්මිණි ඔයා නෙමීනේ ගෙවන්නේ ඒ ප්‍රශ්නයක් කර ගන්න එපා . අපිට හොද මැච් එකක් බල්ලන්න පුළුවන් මේ පාර.(නදී)

:       0       0

ඩිල්රොය් Wednesday, 29 May 2013 05:43 PM

මේක නෙමෙයි වෙන්න ඕනෑ. අපේ විනිසුරුවන් හොදට පුහුනු කර ජාත්‍යයන්තර මට්ටමට ගෙනෙන්න ඕනෑ. (නි)

:       0       0

nilmini Wednesday, 29 May 2013 02:41 PM

මේවට ගෙවන්නේ කව්ද දැන් ? (ස)

:       0       0

පරා Wednesday, 29 May 2013 02:41 PM

එස්. එල් රග්බි විනිසුරුවනි ඔබත් ඉගෙන ගන්න (දී)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 11:45 AM

එක තරගයකට විතරක්, කව්ද මේවට වියදම් කරන්නේ. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙයට වියදම් කරනවා නම් අනුමත කිරීමට බැහැ. (නි)

:       0       0

දයාන් Thursday, 30 May 2013 04:58 AM

මෙතුමා මෙතුමාගේ රග්බි ජිවිතයට සමු දෙනවා සිකුරුයි (දී)

:       0       0

කුමාරසිරි Wednesday, 29 May 2013 01:01 PM

ත්‍රිත්ව රාජකීය දරුවනේ අපි ලෝකයටම ආදර්ශමත් විදිහට සෙල්ලම් කරමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site