මහනුවර ත‍්‍රිත්ව විදුහලත් කොළඹ රාජකීය විදුහලත් අතර බ‍්‍රැඞ්බි පළිහ සඳහා පැවැති 68 වැනි රග්බි තරග මාලාවේ පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් රග්බි ක‍්‍රීඩාංගනයේදී පැවැති දෙවැනි අදියරේ තරගයෙන් ලකුණු 36-20 ක පහසු ජයක් ලැබීමට ත‍්‍රිත්ව ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙම ජයග‍්‍රහණයත් සමග තරග මාලාවේ අදියර දෙකම ජයගත් ඔවුහු මෙවරත් බ‍්‍රැඞ්බි පළිහ දිනාගැනීමට සමත් වූහ.
කොළඹදී පැවැති පළමු අදියරේ තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 34-11 ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව අදියර දෙකේදීම ලකුණු 70-31 ක් ලෙසට මුළු තරගාවලිය ජය ගැනීමට ත‍්‍රිත්ව විදුහල සමත් විය.
තරග විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතාගේ නලා හඬින් තරගය ආරම්භ වී 10 වැනි විනාඩියේදී තම වේගය උපයෝගි කර ගනිමින් ප‍්‍රතිවාදී ලකුණු සීමාව ආක‍්‍රමණය කිරීමට ත‍්‍රිත්ව පිලේ ලෝචන ගිරිහාගම සමත් විය. එහි ප‍්‍රවර්තනය තිසිල කරුණාතිලක සාර්ථක කරගත් අතර 17 වැනි විනාඩියේදී ත‍්‍රිත්ව ලකුණු සීමාව ආක‍්‍රමණය කිරීමට රාජකීය පිලේ වසීම් බාවා සමත් විය. එහි ප‍්‍රවර්ථනය රිම්සි ජමල්ඞීන් විසින් සාර්ථක කර ගන්නා විට ලකුණු තත්ත්වය 7-7 ක් ලෙසට සම විය.
25 වැනි විනාඩියේදී රාජකීය පිලේ ඉරෝශන් ද අල්විස් ත‍්‍රිත්ව ලකුණු සීමාව ආක‍්‍රමණය කළ අතර එහි ප‍්‍රවර්ථනය අසාර්ථක විය.
ප‍්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 12-07 ක් ලෙස රාජකීයන් ඉදිරියෙන් පසුවීමට සමත්විය.
දෙවැනි අර්ධයේ 15 වැනි විනාඩියේදී ත‍්‍රිත්ව පිලේ දර්ශන උදලාගම උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්ථනය අසාර්ථක වූ බැවින් ලකුණු 12-12 ක් ලෙස සම විය.
20 වැනි විනාඩියේදී රාජකීයන් මීටර 25 වැනි සීමාවේ සිට දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 15-12 ක් යළිත් ඉදිරියට පැමිණි අතර ඉන් මොහොතකට පසු නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රාජකීය පිලේ වසීම් බාවා සමත් වුවත් එහි ප‍්‍රවර්ථනය අසාර්ථක විය.
26 වැනි විනාඩියේදී තම සුපුරුදු ජයග‍්‍රාහී ගමන ආරම්භ කළ ත‍්‍රිත්ව ක‍්‍රීඩකයෝ රාජකීයන් අතිනත යවමින් සිටි පන්දුවක් තම වේගය උපයෝගී කර ගනිමින් මැදට පැන ඩැහැගෙන උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. උදලාගම විසින් එහෙත් එහි ප‍්‍රවර්ථනය ද අසාර්ථක විය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ‍්‍රැඞ්බි පලිහ ත‍්‍රිත්ව විදුහලට