බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට නියමව සිටින ’රක්නා ලංකා‘ ආරකෂක සමාගමේ සාමාන්‍යාධිකාරි විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර වහාම ක‍්‍රියාත්මක වන ලෙස එම තනතුරින් ඉවත් කොට ඇතැයි වාර්තා වේ.
ඔහුගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ’රක්නා ලංකා‘ ආරක්ෂක සමාගම දැඩි අපහසුතාවයකට මෙන්ම අවමානයකට පත්ව ඇති බව සඳහන් කරමින් එහි සභාපති වික්ටර් සමරවීර මහතා මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ගාමිණී ජයසුන්දර බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට නියම නියම කොට ඇති බවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතාට දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කිවුවත් බොරු කිව්වත් රක්නා ලංකා කියන්නේ මම දන්නා විදිහට ලෝකයේ විශිෂ්ටතම ආරක්ෂක සංවිධානයක් (නි)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
නිහාල්, දන්නවද? (ර)
විශිෂ්ටයකු හෝ දක්ෂකයෙකු වීම නීතිවිරෝධී ක්‍රියා කිරීමට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් නොවේ. කවුරුත් නීතිගරුක වියයුතුය. නීතියේ ඉදිරියේ කවුරුත් එක සමානය. (නි)
මෙතන කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා තේරුම් ගන්න බැහැ (අ)
හේවාවිතාරණ, ඔයා නොදන්නා ඒවා ගොඩක් තියනවා. (නි)
හේවාවිතාරණ මහත්තයෝ ඔබතුමා මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ මම ඒක සැක නැතිව කියන්නම් මේ තරම් හොර ගුලක් ලංකාවේ තවත් නැහැ. (ම)