බරපතල දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ බොරු සාක්කි ලබා දීම හා කොමිසම අපකීර්තියට පත් කිරීමට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීමට සාධාරණ හේතු ඇතොත් ලබන 17 වැනි දා කරුණු දක්වන්නැයි එම කොමිසම අද (04) ආරක්ෂක අමාත්‍යංශයේ ද සහායෙන් පිහිටවූ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීවරයකු වන විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දරට නියෝග කළේය.
කොළඹ බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වෙන නඩු විභාගයේ දී තමා බොරු සාක්කි ලබා දුන් බව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජයසුන්දර පිළි ගත්තේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ අසීමිත ආදරයක් හා ගෞරවයක් ඇති බවත්, ඔහු අමාරුවේ වැටෙන බව සිතා තමා බොරු සාක්කි දුන් බවත් ඔහු කීවේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කැරුණු මේ කොමිසමේ සාමාජිකයෝ පස් දෙනෙක් වෙති.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීදි පද්මන් සූරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පී ඒ පද්මතිලක ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේට නම් දඬුවම් දියයුතුමයි. (නි)
ගෝඨා බේරගන්න මුහුදේ වුණත් පනින්න සූදානම්වෙලා හිටපු මිනිස්සු කේපී ව ළංකර ගන්නකොට ඒක නීතිවිරෝධී මෙන්ම සදාචාරවිරෝධී කියලා කියන්න මේ එක් කෙනෙකුටවත් හැකියාවක් තිබුනේ නැහැ. දැන් ඉතින් සත්‍යයට මුහුණ දෙනකොට සියලුම සායම් සේදිලා ඉවරයි. (නි)
මේ වගේ අයත් හමුදාවේ ඉන්නවනේ (නදී)
මේ මහත්තයට කවුරුහරි බලපෑමක්වත් කරලද? (නි)
මුළු හමුදාවටම ලැජ්ජයි (නි)
මේකත් බොරුවක් නෙමෙයි නේද? (නි)
තමන්ගෙ පුතා බේරගන්න වැදූ අම්මා බොරු සාක්කි දුන්නත් උසාවියෙන් හිරේදානවා.වහාම මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ඉදිරියටත් මේ වගේ අය බේරගන්න බොරුසාක්කි දෙන එකක් නැහැ. (නි)
ඔය විදිහටම දුප්පත් මිනිස්සු ගැනත් හිතෙනවා නම්.... (නි)
ලාල්,වැදගත් මිනිසුන් බොරු කියන්නේ නැහැ. ලාල්,සහ බමුණු ආරච්චි වගේ බත් කන මී හරකුන් ඉන්න රටක වසන අපට අබ සරණයි! (බ)
ගෝඨාභය මහතා බේරාගන්න කළා නම් මොනවා කිවුවත් කමක් නැහැ මට නම් (නි)
තමා ආදරය කරනවා කියා, කළ වැරදි වසන්නට බොරු සාක්කි දීම නීතියට කරන සරදමක්.මොහුට නීතියෙන් ඉහළම දඬුවම් දියයුතුය (නි)
බොරු සාක්කි දුන්නොත් අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනෑ නේද? (නි)
ඇත්ත කියන එකයි වටින්නේ මහත්තයෝ (නි)
ගාමිණී ජයසුන්දර කියන්නේ හොඳ වැදගත් කෙනෙක් (නි)
අපි කළා නම් මෙලහකට කූඩුවේ (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)
වැදගත්කම බොරු කීමෙන්ම පැහැදිලි වෙනවා. (නි)
අනේ! හරි වැදගත් අය... (නි)