ගිය වසරේ සැප්තැම්බර 30 වැනි දා ශ්‍රී ලංකාවේ සිට හීත්‍රෝ ගුවන් තොටුපොළට පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් තමා ළඟ බෝම්බ ඇතැයි බොරු කියා පැහැර ගැනීමට තැත් කළ ඇලන් පටී නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයාට එසෙක්සිහි අධිකරණය වසර තුනක සිර දඬුවමක් ලබා දී ඇත.

ස්ථිර පදිංචියක් නොමැති ඇලන් පටී 49 හැවිරිදි අයෙකි.

උතුරු ලන්ඩනයේ ස්ටන්ස්ටඩ් ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමෙන් අනතුරුව මොහු සහ තවත් 57 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගනු ලැබූවත් පසුව ඔහු නිදහස් කැරිණි.