රත්මලාන ගොළුමඩම හංදියේදී තිස් හැවිරිදි කතක පොලිස් වෙසින් පැහැරගත් පුද්ගලයෙකු ඇගේ රන් මාලයද, අත් බෑගයේ තිබූ රුපියල් විසිපන්දහසක මුදල්ද පැහැරගෙන එතෙර සිටින සැමියාට ඇය ලවාම දුරකතන ඇමතුමක් ගෙන ඇගේ බැංකු පොතෙන් රුපියල් අසූ දහසක්ද ගත් බව කියන පුද්ගලයෙකු සොයා පොලීසිය පරීක්ෂන අරඹයි.
පාරේ යමින් සිටි එම කාන්තාව බලයෙන් ත්‍රී රෝද රියක නන්වාගෙන ඇත්තේ ඇගෙන් කට උත්තරයක් ලබාගැනීමට යන මුවාවෙන් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ටිකේම පොලිස් වෙසින් ඇවිත් කරන්න හදපු අපරාධ කීපයක්ම ලංකාදීප පුවත් පතේ තිබුනා. ඇයි පොලිස් වෙසින් ඇවිත් පැහැරගෙන යන්න, කප්පම් ගන්න, පහරදෙන්න, මිනීමරන්න හොරකම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ?(නදී)
කවදාවත් අහන්න නොලැබෙන නිව්ස් අහන්න අපි මොනවා උනත් පින් කරලා තියෙනවා. රටේ අපරාද එන්න එන්නම වැඩි වෙනවා. පිට රටවල් වල ඉන්න අපිට තේරෙනවා ආශ්චර්යේ තරම. යුරෝ එක ගණන් ගිහින් මෙහෙ අපි ලක්ෂ ගණන් හම්බ කරලත් කඩේට බඩු ගන්න ගියාම ලංකාවේ ගානට ගන්නවා. ලංකාවේ මිනිස්සු සොච්චමක් හම්බ කරලත් ඒ ගාන නම් කොහේ කන්නද ? (නදී)
යුද්දය ඉවරයි. සමහර ආරක්ෂක නිලධාරීන් මහජනයා බියවද්දා ඔවුන් ජිවත් වෙනවා. යුද්දය තිබුනානම් හොදයි නේද.? (නදී)
මෙවන් සිද්දියක් උනොත් පොලිස් උනාට කරන්න දෙයක් නැහැ 119 එකට කතා කරලා කියන්න (දී)
මේ ගනු කෙනා ඇත්තටම ගොළු මඩමේ කෙනෙක් වෙන්න ඕන නැත්නම් සල්ලි ගන්න බැංකුවට ගියාම එතන අයට මේ ගැන කියන්න තිබුනා. රුවන් කියපු දේ තමයි මෙතන වෙලා තියෙන්නේ.(නදී)
මගේ දැනීමේ හැටියට මේක රඟපෑමක් කරලා දෙන්නත් එක්ක අර රට ඉන්න අහිංසකයාගේ සල්ලි වලට විදලා. (දී)
කාන්තාවක් අත් අඩංගුවට ගන්න නම් එතන පොලිස් නිලධාරිනියක ඉන්න ඔනෑ. මෙම කාන්තාවට කෑගහන්න තිබුණා. මේ කතාවේ නොදන්නා පැත්තක් තියනවා වෙන්න පුළුවන්.(නදී)
රූපවාහිනී නාලිකා වල යන මෙගා නාට්‍ය බල බල හිටියම මොනවද දන්නේ.(නදී)