මිරිහාන පොලීසියේ යැයි කියමින් දඹුල්ල නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කෑමට පැමිණි බව කියන සැකකරුවන් අට දෙනා ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත් කරන්නැයි දඹුල්ල අතිරේක මහේස්ත්‍රාත් ජයම්පති ඒකනායක මහතා නියෝග කළේය.
ඒ සී උපුල් නිලන්ත,ධනංජය හේමචන්ද්‍ර,සහන් අනුරාධ,තිරු සුසන්ත, චනක ඒකනායක,එස් උදයංග,මනෝජ් නිශාන්ත හා දුලාන් හේමචන්ද්‍ර මෙසේ රිමාන්ඩ් කෙරිණි.
සැකකරුවන් හා වෑන් රථය බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මුණු ටිකත් පත්තරේ දාන්නකෝ බලන්න ! (අ)
කැසිනෝ කියන්නේ මංකොල්ලයක් .ඒවට යන්න බැරි දුප්පත් මිනිස්සු හොරකම් කරනවා.රටට ගිය කලක්. (ස)
ඔය මොන බන්ධනාගාරේ දැම්මත් ටික දවසකින් එලියේ.ඊට පස්සෙ ඔය ක්‍රමයට නැතුව වෙනමම ක්‍රමයකට තව කොහේ හරි හොරකමක් කරාවි.වේලක් කාලා වේලක් බඩගින්නෙ හිටියත් හොරකම කරන එක හොඳ නෑ. (ස)
හොරා පොලිස්... (ස)
කවුද ඇත්ත පොලිස් කවුද හොරා පොලිස් කියල හොයා ගන්න බැරි තත්වය ට ප්‍රශ්නය දුර දිග ගිහින්. වැඩි කල් නොගිහින් හොරා පොලිස් වලටත් අයිජීපී ල ඩීඅයිජි ල පත් කරන්න වෙනවා. ඊට පස්සේ මුළු රටම පුනරුත්තාපනය කරන වෙලාවක හොරා පොලිසුත් පුනරුත්තාපනය කරගන්න පුළුවන්.(අ)
හංගපු ආයුධ එහෙම නැතිව ඇති.? (අ)
කොට්ටෝරුවා, ගහෙන් ගහට කොට, කොට, යනවා. කෙහෙල් ගහට ඇන්න දාට ඔන්න ඕක වෙනවා. (නදී)
එවුන් හිරේට යවන්න. මහජන සල්ලි වලින් කන්න බොන්න දීලා නිවාඩුවක් යවන්න.(නදී)
හොරුන්ට දුප්පත් පොහොසත් බේදයක් නැහැ.අනුකම්පාවක් හිතක් පපුවක් නැහැ. සමාජ ක්‍රමයේ වරද ,ආර්ථිකයේ වරද ,දුප්පත් කියලා හොරුන්ට හොරකම් කරන්න කියලා නැහැ.ඒ කියන අයට ඒ වගේ දෙයක් වුණු දවසට ඔය කියන අනුකම්පාවක් තියේ ද ? (නි)
මේ ඔක්කොමම මිනිස්සුනේ. ඒ අයට අවවාද කරලා නිදහස් කරන්න.(නදී)
ලාකාවේ බොහෝ අය අද ජීවත්වෙන්නේ බොරුවෙන්.(නදී)