IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බොරු පොලිස් හොරු අට රිමාන්ඩ්

මිරිහාන  පොලීසියේ යැයි කියමින් දඹුල්ල නාගරික මන්ත්‍රී  දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කෑමට පැමිණි බව කියන  සැකකරුවන් අට දෙනා ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත් කරන්නැයි දඹුල්ල අතිරේක මහේස්ත්‍රාත්  ජයම්පති ඒකනායක මහතා නියෝග කළේය.

ඒ සී උපුල් නිලන්ත,ධනංජය හේමචන්ද්‍ර,සහන් අනුරාධ,තිරු සුසන්ත, චනක ඒකනායක,එස් උදයංග,මනෝජ් නිශාන්ත හා දුලාන් හේමචන්ද්‍ර මෙසේ රිමාන්ඩ් කෙරිණි.

සැකකරුවන් හා වෑන් රථය බී වාර්තාවක් මගින්  අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.



අදහස් (0)

බොරු පොලිස් හොරු අට රිමාන්ඩ්

මදු Saturday, 07 December 2013 02:02 PM

ඔය මුණු ටිකත් පත්තරේ දාන්නකෝ බලන්න ! (අ)

:       0       0

ව. සිල්වා Friday, 06 December 2013 03:33 PM

කැසිනෝ කියන්නේ මංකොල්ලයක් .ඒවට යන්න බැරි දුප්පත් මිනිස්සු හොරකම් කරනවා.රටට ගිය කලක්. (ස)

:       0       0

කුමාරි Friday, 06 December 2013 03:41 PM

ඔය මොන බන්ධනාගාරේ දැම්මත් ටික දවසකින් එලියේ.ඊට පස්සෙ ඔය ක්‍රමයට නැතුව වෙනමම ක්‍රමයකට තව කොහේ හරි හොරකමක් කරාවි.වේලක් කාලා වේලක් බඩගින්නෙ හිටියත් හොරකම කරන එක හොඳ නෑ. (ස)

:       0       0

සිරියලතා කෙන්ය Friday, 06 December 2013 03:49 PM

හොරා පොලිස්... (ස)

:       0       0

සත්‍යයා Friday, 06 December 2013 05:09 PM

කවුද ඇත්ත පොලිස් කවුද හොරා පොලිස් කියල හොයා ගන්න බැරි තත්වය ට ප්‍රශ්නය දුර දිග ගිහින්. වැඩි කල් නොගිහින් හොරා පොලිස් වලටත් අයිජීපී ල ඩීඅයිජි ල පත් කරන්න වෙනවා. ඊට පස්සේ මුළු රටම පුනරුත්තාපනය කරන වෙලාවක හොරා පොලිසුත් පුනරුත්තාපනය කරගන්න පුළුවන්.(අ)

:       0       0

අමල් Friday, 06 December 2013 05:18 PM

හංගපු ආයුධ එහෙම නැතිව ඇති.? (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 05:26 PM

කොට්ටෝරුවා, ගහෙන් ගහට කොට, කොට, යනවා. කෙහෙල් ගහට ඇන්න දාට ඔන්න ඕක වෙනවා. (නදී)

:       0       0

ෂෙහාබ්දීන් Saturday, 07 December 2013 06:53 AM

එවුන් හිරේට යවන්න. මහජන සල්ලි වලින් කන්න බොන්න දීලා නිවාඩුවක් යවන්න.(නදී)

:       0       0

ආරියසේන Friday, 06 December 2013 07:48 PM

හොරුන්ට දුප්පත් පොහොසත් බේදයක් නැහැ.අනුකම්පාවක් හිතක් පපුවක් නැහැ. සමාජ ක්‍රමයේ වරද ,ආර්ථිකයේ වරද ,දුප්පත් කියලා හොරුන්ට හොරකම් කරන්න කියලා නැහැ.ඒ කියන අයට ඒ වගේ දෙයක් වුණු දවසට ඔය කියන අනුකම්පාවක් තියේ ද ? (නි)

:       0       0

මධු Friday, 06 December 2013 09:01 PM

මේ ඔක්කොමම මිනිස්සුනේ. ඒ අයට අවවාද කරලා නිදහස් කරන්න.(නදී)

:       0       0

විමල් Friday, 06 December 2013 10:07 PM

ලාකාවේ බොහෝ අය අද ජීවත්වෙන්නේ බොරුවෙන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site