පෙම්වතියගේ රුපියල් ලක්ෂ 16ක් හා රන් පවුම් 54ක් වංචා කළැයි කියන ක්‍රිෂාන් පීරිස් නම් පෙම්වතෙක් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
තමාට වය අවුරුදු 12 සිට ඔහු සමග පෙමින් බැඳී සිටි බවත්, නවසීලන්ත වීසා ලබා එහි පදිංචියට යන බව කියමින් මේ මුදල් හා රන් අබරණ ලබා ගත් ඔහු සමග පැවති ඇසුරේදී තමා ගැබිනියක වූ බවත් මොරටුවේ පදිංචි ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.
තම පෙම්වතා ස්ථිර ආදායමක් නැති පුද්ගලයකු බව ද, දෙදරු පියකු බව ද ඇය පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් යලි උපාය ගත හැක. නමුත් නැතිවූ වටිනාකම නැවත ලබාගත නොහැක (නි)
ටික කලක් ආදරය කරනවිට තේරෙන්නේ නැද්ද මිනිහා කවුද කියලා? දැන් මෙයා බොරුව දානවද කොහෙද? (නි)
ඔය ගැහැනු 'පත්තිනි අම්මා' පාට් එක දාගෙන හිටියට හොඳ රැවටිලිකාරයන්ට අහවෙනවා දන්නෙම නැතුව (නි)
දැන් එක දෙයයි කරන තියෙන්නේ. පැමිණෙන දුක් පැණි රසයි කියලා ඉන්න එක (නි)
ඔක්කොම අවසන් වුනාට පස්සේ දැන් එනවා බබා වෙන්න !!!! (නි)
අම්මි ..තාත්ති.. ඔලුව අතගාල බලනවද අන් දෙකට වැඩිය තියේද කියල.මෙහෙම හරක්. (අ)
ඉවසීම හා දුරදිග නොසිතීමේ දුර්වලතා හේතුවෙන් අන්තිමට දුක තමයි ඉතිරිවන්නේ. (නි)
මෝඩකමට බෙහෙත් නැහැනේ. දැන් ඉතින් මුළු ජිවිතයම විදවපන්කෝ.(නදී)
රෝහණ මටත් හිතාගන්න බැරි මේ ළමයට වැඩිහිටියෝ නැද්ද කියන එකයි. එහෙම නැත්නම් වෙන පවුල් ප්‍රශ්නයක් ඇති. මොක වුනත් පවුම් 54 ක් කියන්නෙත් ලොකු ගානක්නේ. නොදන්නාකමයි අන්ධ විශ්වාසයයි නිසාම ළමය අහුවෙලා වගෙයි. මේ මිනිහ නම් ආයුද පෙන්නන්න එක්ක යන්න වටිනා එකෙක්. (නදී)
මේක හිතාගන්න බැහැ. මේ ළමයාගේ වැඩිහිටියෝ නැද්ද? මේක ගැන හොයලා බැලුවේ නැද්ද? (නි)
තරුණිය ලක්ෂ 16 ක් වියදම් කලාට මොකද ඊට සරිලන දෙයක් ලැබිලා තියෙනවනේ! මදිද? දරුවෙකුගේ වටිනාකම මිල කරන්න බැහැනේ! (නි)
'මිනිස්සු සහ හරක්' මේ යෙදුම් දෙක මාරු කරගන්න දැන් කාලේ හරි ? (නි)
මේවා කාට කාටත් හොද පාඩම් (නි)
අවුරුදු 12 සිට පෙමින් බැදී සිටියදී වැඩිහිටියන් මේ ගැන හෙව්වේ නැද්ද? (නි)
පුදුම වැඩිහිටියෝ. ලක්ෂ 16ක් තිබුනා නම් ලෙහෙසියෙන්ම හොඳ රජයේ සේවකයෙක් බදින්න තිබුනා. ඒත් මේ ගැහැණු ළමයට පව්.(නදී)
ආදරෙන් අන්ධ වෙච්ච ළමයෙක්ද කොහෙද ?සල්ලිත් දීලා අනෙත් සබ්බ සකලමනාවම පූජා කරලා (නි)
අනේ පව් මේ ළමයට උසාවියෙන් සාදාරණයක් ඉෂ්ට වෙයිද?(නදී)