පුංචි බොරැල්ලේ දී ත්‍රීරෝද රථයකින් පිරිසක් පැහැරගෙන ගොස් තියුණු ආයධවලින් පහර දී තුවාල සිදු කළැයි පොලිසියට බොරු පැමිණිල්ලක් කළ බව කියන මැගසින් බන්ධනාගාර නියාමකයකු වන ගැමුණු සඳරුවන්ට නොවැම්බර 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නොතීසි නිකුත් කළේය.
පසුගිය සැප්තැම්බර් නව වැනි දා සැකකරු කර ඇත්තේ බොරු පැමිණිල්ලක් බව පරීක්ෂණවලදී හෙළි වීයැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බොරු පැමිණිලි හරියට දානවා. නඩු දාන්න හේතුවක් හොයාගන්න ඕනෑ වුණහම කරන්නේ බොරු පැමිණිල්ලක් දාලා ආරවුලක් හදලා පෙන්වන එක. පැමිණිල්ල දාලා දවස් 2 න් නඩුත් ෆයිල් කරනවා. (නි)
අපෝ! බොරු පැමිණිලි නම් හරියට දානවා. අහිංසකයින්ට පොලිසියේ හයියත් නැහැ. මෙහෙම කරලා හරියට මිනිසුන්ව අපහසුතාවයට පත්කරනවා. ඇත්තටම බොරු පැමිණිලි වලට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග අපිට පහදා දෙනවා නම් හරි වටිනවා. (නි)
බොරු පැමිණිලි දාන අය ඒක දාන්න කලින් පොලිසියේ මහත්තුරුන්වත් අල්ලලා තමයි දාන්නේ. එතකොට පරීක්ෂණය වුණත් වෙන්නේ බොරුකාරයගෙ පැත්තට වාසි වෙන්න. මෙය වළක්වන්න ක්‍රමයක් හැදිය යුතුමයි. (නි)
මේ වගේ ප්‍රවෘත්ති වලට දැඩි ප්‍රචාරණයක් දියයුතුයි. එවිටවත් මෙලෙස බොරු පැමිණිලි කරලා මිනිසුන් අපහසුතාවයට පත්කරන එක නවතියි කියලා හිතෙනවා. බලය ඇති දේශපාලනමය සම්බන්ධතා ඇති අය තමයි වැඩිපුර මේවා කරන්නේ. (නි)
බොරු පැමිණිලි හරියට දානවා. නමුත් මේක පස්සේ පන්නන්න වෙලාවකුත් හා හැකියාවක් නැති නිසා බොරු පැමිණිලිකාරයො දිනනවා පොලිසියෙදි. ඒ වාර්තාව අරගෙන ගිහින් උසාවියටත් ඉදිරිපත් කරනවා. ඇත්තටම පොලිසියේ මහත්තුරුන්ට වගකීමක් තියෙනවා පැමිණිල්ලක් දාපුවහම එහි ඇත්ත නැත්ත සාධාරණව සොයා බලලා, කාගෙවත් පැත්ත නොගෙන කටයුතු කිරීමට. (නි)
බොරු පැමිණිලි දාලා අහිංසකයෙක් වැරදිකාරයෙක් කරන එක අපරාධයක්. දෙවියොත් දඬුවම් දෙයි. හැබැයි මේවට නීතියෙනුත් දඬුවම් තිබිය යුතුමයි. (නි)
බොරු පැමිණිලි දාන අයගෙ පොදු ලක්ෂණයක් තමයි පැමිණිල්ල දාලා දවස් ගානෙන් ඒකත් අමුණලා නඩුවක් දාන එක. ඒ කියන්නේ නඩුව කලින්ම සූදානම් කරලා ඉවරයි. ඒකට සාක්කියක් විදියට බොරු පැමිණිල්ලක් දානවා. (නි)
බොරු පැමිණිලි සහ බොරු නඩු අතර සරලරේඛිය සම්බන්ධතාවයක් තියෙනවා. ඕනෑනම් සමීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. (නි)