ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 330 ගුවන් බසයක බෝම්බයක් ඇතැයි බොරු පණිවුඩයක් දුන් පුද්ගලයකුට එරෙහිව ලන්ඩන් උසාවියක නඩු පැවැරිමට යයි.
ඇලන් පැටේ(49) නම් පුද්ගලයා චෙම්ස් ෆෝඩ් උසාවියේ අද පෙනී සිටියේය.
මගීන් 267 දෙනකු රැගත් ගුවන් යානය පසුගිය සැප්තැම්බර් 20 වැනිදා දුන් මෙම බොරු පණිවුඩය නිසා එසෙක්ස් හි ස්ටෑන්ට්ස්ටඩ් ගුවන්තොටට ගොඩ බෑමට සිදු විය.
ගුවන් යානය ලන්ඩන් හීතෘ බලා පියාසර කරමින් සිටියදී යානයේ භාණ්ඩ රඳවා ඇති පෙදෙසේ ‘යම්කිසි දෙයක්’ ඇතැයි මගියකු කී කතාවක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනිණි ඔහු ස්ථිර ලිපිනයක් නැති පුද්ගලයෙකි.
මේ සම්බන්ධයෙන් 57 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික රුධිර පීඩනය තිබෙන මගියෙක් හිටියා නම් ඒක අහලා හර්ධා භාදයෙන් මිය යනවා. මොහුට උපරීම දඩුවම් දිය යුතුයි.(නදී)
එයාලටත් අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කරන්න වේවිද මන්දා. සේපාල ඒකනායකට අපේ අය කළා වගේ.(නදී)