හෝටල සේවකයකු හා ව්‍යාජ මගපෙන්වන්නකු බව කියන ලෙස්ලි ශාන්ත නම් පුද්ගලයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තෙමාසයක සිරදඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීය.
ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම විය.
ජර්මන් ජාතිකයකුගේ රුපියල් 14000ක් වංචා කළැයි ඔහු වැරදිකරු විය.
ඔහු ජර්මන් සංචාරකයාට කොළඹ පෙන්වන බව කියා ත්‍රිරෝද රථයකින් කොම්පඤ්ඤවීදිය වටේ රවුමක් ගසා ගංගාරාමයේ සීමාමාලකය හා නිදහස් චතුරශ්‍රය පෙන්වා රුපියල් 14000ක් අය කළැයි උසාවියේ දී කියැවිණි.
සංචාරකයා නැවතී සිටි හෝටලය කියා ඇත්තේ එවැන්නකු තම හෝටලයට සම්බන්ධ නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට සංචාරකයන්ට වංචා කරන තව කීප දෙනෙක් ගැවසෙනවා ඔය අවට. කලකට ඉහත මේ විදිහට වංචාවට ලක් වුන කෙනෙක්ව අදාල පොලිසියට පැමිණිළි කිරීමට යොමු කළ බව මා දන්නවා. අපට ලැබුණ තොරතුරු අනුව මේ උදවිය ත්‍රීරෝද රථ රියදුරෝ ලෙස පෙනී සිටින අය සමග සම්බන්ධ වෙලයි මෙසේ කරන්නේ. පරික්ෂකාරිව බැලුවොත් මේ අයව ලේසියෙන් හදුනාගන්නත් පුළුවන්. (නදී)