IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’බොරු කුඩු පාර්සල්’’ පරික්ෂා කරන්න කෝටි තුනක් වතුරේ‘

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින්  ඉදිරිපත්  කෙරුණු   "බොරු මත්ද්‍රව්‍ය සාම්පල" පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් පොලිස් ස්ථානවලින් පසුගිය වසරේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සාම්පල 16,479 කින් සාම්පල 1035 ක කිසිදු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළත් නැතැයි පසුගියදා තොරතුරු අනාවරණයවිය.

ඒ තොරතුරු අනාවරණය වූයේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගියදා  ගොස්  කළ විමර්ශනයකදීය.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සාම්පලයක් පරීක්ෂා කිරීම සඳහා රුපියල් විසිපන්දහසක පමණ මුදලක් වැයවන බව ගණන් බලා ඇත. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය නොමැති සාම්පල පරීක්ෂා කිරීමට   රුපියල් 35,000 ක පමණ මුදලක් වැයවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 වියදම එසේ වැඩි වන්නේ ඒවායේ සෑම මත්ද්‍රව්‍ය වර්ගයක්ම තිබේ දැයි වෙන වෙනම පරීක්ෂා කිරීමට සිදුවන නිසා බව පැවසේ.

මේ අතර පන්සල් ඇතුළු ආගමික ස්ථාන වල පිං කැට (  පොඩි) කැඩීම් වල සොරුන් අල්ලා ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ කරවා ගැනීමටද ඇතැම් පොලිසිවලින් ජෛව සාම්පල එවන තත්වයක් දක්නට ලැබෙන බව රජයේ රස පරීක්ෂිකා  දීපිකා සෙනවිරත්න මහත්මිය පැවසුවාය.

එවැනි සාම්පල දෙසීයකට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරේදී ලැබී ඇතැයි සඳහන් කරන සෙනෙවිරත්න මහත්මිය මෙවැනි සාම්පල පරීක්ෂා කිරීමටවීමෙන් විශාල මුදල් ප්‍රමාණයක්
නාස්ති වන බවද  සඳහන් කළාය.

සාමාන්‍යයෙන් කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන එක් සාම්පලයක  ඩී.එන්.ඒ  පරීක්ෂාව  සඳහා  රුපියල් විසිදාහක් පමණ වැයවන බව ගණන් බලා ඇත. යම් අපරාධයකට අදාළව  සාම්පල කිහිපයක් තිබේ නම් එම මුදල රුපියල් හතළිස් පන්දහසක් දක්වා වැඩි වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවැනි අනවශ්‍ය සාම්පල නැවත හරවා යැවීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇත.

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ මෙවැනි නොමනා ක්‍රියා ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල පිරිසකට පසුගිය කාලයේදී  නිකරුණේ  රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට සිදු වූ බවට තොරතුරු අනාවරණයවී යැයි   අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් බාරදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.


 



අදහස් (0)

’’බොරු කුඩු පාර්සල්’’ පරික්ෂා කරන්න කෝටි තුනක් වතුරේ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site