
(රෝහණ සමරවීර)
වෙලන්ගහවෙල ප‍්‍රදේශයේ ආරම්භකර ඇති බියර් මත්පැන් හල වහා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා මහා සංඝරත්න ගම්වාසීහු පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප‍්‍රධාන මාර්ගයේ කුට්ටිගල වෙලංගහවෙල ප‍්‍රදේශයෙන් මාර්ගය හරස් කරමින් ව්රෝධතාවයක නිරත වූහ.
එම මාර්ගයේ වාහන ගමනා ගමනයට තරමක බාධා ඇති වූ අතර එම විදෙස් සංචාරකයන්ට හා ගිලන් රථවලට බාධා නොකළහ.
මාර්ගය අවහිර නොකර විරෝඡ.ාන නිරතවන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අවනත නොවූ ව්රෝධතාකරුවන් හා පොලිසිය අතර උනුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.
තම ප‍්‍රදේශයේ දරුවන් මත්පැනට දිනෙන් දින ඇබිබැහි වන බවත් අනාගත පරපුර රැක ගැනීම සදහා විරෝධය පවත්වන නිසා වහා එම ස්ථානයට බලධාරියෙක් කැදවන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ පොලිසිය ව්රෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ එයට මැදිහත් වන්න හැකි නමුත් මාර්ගයෙන් ඉවත් වන ලෙසය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර් වැහුවා කියලා සදාචාරය හැදෙන්නේ කොහොමද? මොකද ඔය බාර් එකට බොන්න පිටින් මිනිස්සු එන්නේ නෑනේ. ගමේම ඉන්න මිනිස්සු තමයි එන්නේ. එතකොට ඒ මිනිස්සු හරියට හදා ගත්තා නම් හරි. බාර් එකේ මත්පැන් තියෙනවා කියලා ඒක වහනවා නම් ඉන්ටනෙට් එකේ තියෙනවාට මොකද කරන්න කියන්නේ..?
ඕක කරන්න පහසුම ක්‍රමය තමයි ඔය දෙයක් කරන්න සම්බන්ධ දේශපාලන ප්‍රබලයාට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම... ඒ සමගම ඒ පුද්ගලයා දේශපාලන කටයුතු වලින් අතරමං කරන්න...
රටේ තරුණ පරපුර වනසන බාර් වැසීමේ රැල්ල මුළු රටේම ඇතිවිය යුතුයි.
හොඳ ට්‍රෙන්ඩ් එකක්...
මොවුන්ට විකාරද?
බොන අයට බොන්න දීලා බොන්නේ නැති අය පාඩුවේ හිටියා නම් ඉවරයිනේ... මොකද බොන එකා බොන්නේ තමනිගේ සල්ලිවලට නම් අනිත් අයට තියන ප්‍රශ්නෙ මොකක්ද?
ඕක වහන්න දඟලන උන් කුඩු වලටත් විරැද්ද වෙයල්ලා . මත්ද්‍රව්‍ය වගේ හානියක් බියර් වලින් නෑ