ඉංගිරිය හඳපාන්ගොඩ ටෙලිකොම් වැඩ පරීක්ෂකවරයකුගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි පොලිසියට එරෙහිව මිනී පෙට්ටිය ද පාරේ තබා පසුගිය හතර වැනි දා පැවැත්වූ විරෝධයේ දී ජන ජීවිතයට අඩාල කළැයි සැකපිට අත්අඩංගුවට ගත් 21 දෙනකුට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප නියම කළේය.
හොරණ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංජිත් දාබරේ හා කාන්තාවක ද සැකකරුවන් අතර වෙති.
මහේස්ත්‍රාත්වරයා ඔවුනට අවවාද කරමින් පැවසුවේ වීදි බැස මෙවැනි දේ කරනවාට වඩා පොලිසියට සහයෝගය දී සැකරකුවන් අත්අඩංගුවට ගැනීමට උදව් කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පොලිසිය කියනකම් හිටියෙ උදවු කරන්න.(නදී)
අපේ බදු වලින් පඩි ගෙවල, තව මොනවද ඉල්ලන්නේ (දී)
මොනවද ඕන?මේක සෑහෙන්න බොන්න වෙන වැඩක් වගේ . (දී)