IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


බයිඩන්ට ගෙදර යන්න කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට මේ අවස්ථාවේ ඇමෙරිකාව වෙනුවෙන් කළ හැකි එකම සේවය වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට ඉඩ ලබාදීම බව ඇමෙරිකානු මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් එක හඬින් ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වූ විවාදය අවසන් වී පැය 19 ගතවෙත්ම නිව් යෝර්ක් පොස්ට් පුවත්පතේ කතෘ මණ්ඩලය එම පුවත්පතෙහි මාර්ගගත සංස්කරණයේ කතු වැකියක් පළ කරමින් කියා සිටියේ ජනාධිපති ජෝ බයිඩ්න් වසර 50 කට වැඩි කාලයක් ඇමෙරිකාවට සේවය කර තිබෙන බවත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔහුට කළහැකි හොඳම දෙය නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වීම බවත්ය.

ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය සූදු ක්‍රීඩාවක් බඳුවී ඇති බව විවාදයේ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇති බවත් ඔහුට වඩා රටට සේවය කළ හැකි බොහෝ දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින බවත් එම පුවත්පත සඳහන් කළේය.

එසේම ඇමෙරිකාවේ ඉහළ ගරුත්වයක් හිමිකරගෙන තිබෙන ඇට්ලාන්ටික් වෙබ් අඩවියද ජනාධිපති බයිඩ්න්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වී ගෙදර යාමට කාලය එළඹ ඇතැයි පවසමින් ලිපි 6 ක් පසුගියදා පළ කර තිබිණි. එසේම එම්.එස්.එන්.බී.සී නාලිකාවේ මෝර්නින්ග් ජෝ වැඩසටහන මෙහෙයවූ නිවේදකයාද ප්‍රසිද්ධියේ මෙම මතය ජනගත කර ඇත.

ජනාධිපති බයිඩ්න් ඇට්ලන්ටාහි පැවැත්වූ විවාදයේදී දැක්වූ දුර්වලතා හේතුවෙන් ඔහුට ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට තව දුරටත් හැකියාවක් නැතැයි බොහෝ දෙනාගේ මතය වූවේය. වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර පසුගිය 27 වැනිදා පැවැති විවාදය සමස්ථයක් ලෙස මිලියන 51.3 ක ජනතාවක් නරඹා තිබිණි. නමුත් එය 2020 වසරට වඩා අඩු ප්‍රතිශතයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 



අදහස් (5)

බයිඩන්ට ගෙදර යන්න කියයි

Ruwan De Silva Sunday, 30 June 2024 07:35 PM

අපේ රනිල් වගේ තමයි බයිඩන්, වයසක මිනිස්සු රටේ මහා පුටුව දුන්නම ඔහොම තමයි ලංකාවේ රජවරු වුනත්, තරුණ නායකයන්ට තමයි රට ගොඩ නගන්න එක්සේසත් කරන්න පුළුවන් දුටුගැමුණු රජතුමා රජ වුනේ අවුරුදු 60 පැනලා නම් එළාර පරද්දන්න බෑ. ලී ක්වාන් යූ අවුරුදු 60 පැනලා නම් රටේ අගමැති වුනේ තාමත් සිංගප්පූරුව මුඩුක්කු රටක්.

:       13       71

Lalla Sunday, 30 June 2024 11:57 PM

රනිල් නොව මයිනා වගේ. රනිල්ගේ කල්පනා ශක්තිය අනිත් සූට් මහගත්ත අයට වඩා තවම විශිෂ්ඨයි. ඒ ඔක්කොම චරිත ඝාතනය පමණයි.

:       10       3

MD Monday, 01 July 2024 09:09 AM

ඇත්තටම වයස්ගත වෙනකොට රටේ නායකත්වයක් දරන්න අමාරු වෙනවා.කඩිසර බව හොඳ මානසිකත්වය ඉවසීම අත්‍යවශ්‍ය වනවා.නමුත් ලොකුම අභියෝගය කෝ අද ඵහෙම කරන්න පුළුවන් ශ්‍රි ලාංකීය තාරුණ්‍යය සමාජයක්.ඵ් සමාජය මත්ද්‍රව්‍ය සල්ලාල කම් වලට ගණිකා වෘත්තියට යොමුවෙලා.යමක් උගත් යයි හිතන දරුවන් ළග මනුෂ්‍යකම පිරිහිලා.තමන්ගේ දෙමාපියන්ට වැඩිහිටියන්ට ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට කරුණාව දයාව ගරුත්වය දක්වන්නේත් දන්නේ නෑ.වයසක අම්මා තාත්තා බස්හොල්ට් ඵකේ පාරේ අතහැර දමා යනවා.ෆෝන් ඵකේ ගේම් වලට ඇබ්බැහි වෙලා යක්ෂ යක්ෂණියන් වෙලා දෙමාපියන් බොහොම මහන්සියෙන් හම්බකරගත් දේ නැතිභංග කරනවා.මේ වගේ කාළකණ්නි මාර දූවරු වැඩිහරියක් ඉන්න ඵ මේ රටේ තරුණ තරුණියන්ට රට බාර දෙන්න පුළුවන්ද?

:       9       6

නිශාන්ත Monday, 01 July 2024 12:36 PM

MD සමහරවිට කියන්නේ එයාගේ පුතා හරි දුව හරි ගැන වෙන්නැති. තමුන්ගේ දරුවන්ට වඩා හාමු මහත්වරුන්ගේ දරුවන්ට ආදරේ කළාම ඔහොම වෙනවා. ඒත් MD ට කියන්න කැමැති බේබිලා තුන් දෙනාට වඩා උගත් බුද්ධිමත් අවංක තරුණ දරුවෝ ඕනෑතරම් මේ රට භාරගන්න ඉන්නවා. ඒත් එම්ඩී ගේ හාමුලා ඔවුන්ට ඉස්සරහට එන්න දෙන්නේ නෑ. එම්ඩී වගේ තමුන්ගේ පවුල හාමුලගේ වලව්වට යවපු නිවට පිරිමි ඉන්නකල් ඔවුන්ව ඉස්සරහට ගන්නත් බෑ. අනික ඔය එම්ඩී කියන මහත්වරු තමයි 88/89 කාලේ මේ රට භාර ගන්න හිටපු තරුණ තරුණියෝ 65000 ටයර් සෑයවල් උඩ මරා දැම්මේ. පුස්තකාල ගිනි තිබ්බේ. ජාතිවාදය, ආගම් වාදය පැතිරුවේ.

:       0       7

රවී Monday, 01 July 2024 01:06 PM

රනිල් වටේ හුඟ දෙනෙක් එකතු වෙලා ඉන්නේ තව අවුරුදු 2-3 කින් බයිඩන්ට, මහින්දට වුණ දේ රනිල්ටත් වෙනවා කියලා දන්න නිසා හිස්වෙන පුටුවට පනින්න

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site