
(අංජුල මහික වීරරත්න)
බියගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ළමා රෝහල ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම රෝහල ඉදි කෙරෙයි.
මෙම රෝහල ඉදිකිරීම පිළිබඳව පසු විපරම් සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17)පැවැත්විණි.
එම ව්‍යාපෘතිය සම්බන්ධව දැනට පවතින අභියෝග සහ වත්මන් සැලසුම් පිළිබඳව එම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව රෝහලක් ඉදි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශගුණ විපර්යාසයි මේකෙ ඇති සම්බන්ධයයි මොකක්ද ?
චන්ද කඩාගන්න මේවා කලාට... අපි කියන්නෙ යකෝ තියෙන රෝහල් වලට බෙහෙත් දීපන් පළමුව අනික දොස්තරල සහ කාර්‍ය මණ්ඩලය නැතුව ගොඩනැගිලි වැඩක් නැහැ.. තොපි 75 ක් කලේ මේ වංචාව.. තවත් කරන්නේ වංචාව