වෑඋඩ විල්ලිහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක බෝයගොඩ වෑඋඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරාධිපති එළවිටිගම ඉන්දරතන නාහිමියෝ අපවත්වූහ.
ගුණවත්කම සිල්වත්කම හා බොහෝ ඇසූ පිරූ තැන් වලින් පිරී ගිය මෙම සංඝ පීතෘන් වහන්සේ වයඹ පමණක් නොව මුළු රටම බැබළ වූ බව කතානායක කරු ජයසූරිය මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
අපවත් වන විට 80 හැවිරිදි වියෙහි පසු වූ උන්වහන්සේ කාලයක් රෝගාතුරව සිටියහ. සමාජ සේවකයකු ලෙස ද ප්‍රකට ඉන්දරතන හිමියෝ වාස්තු විද්‍යාෙව් ද දක්ෂතා දැක්වූ හිමිනමකි.
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා බෝයගොඩ ශ්‍රී සුගතාරාම විහාරයෙහි තැන්පත් කර තිබෙන අතර ආදාහනය බදාදා (21) මාවතගම ක්‍රීඩාංගනයේ දී සිදු කැරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අපේ වන්දනීය පූජනීය නායක හාමුදුරුවෝ සිදුකළ උත්තරීතර සේවය කෘතවේදීව අගය කරමි (නි)
ඔබ වහන්සේට නිවන් සුව! (නි)
අද මුළු රටම ශෝකවෙනවා (නි)