(සුජිත් හේවාජුලිගේ)
ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල තක්සේරුවක් කරගෙන යන අතර එම තක්සේරුවෙන් අනතුරුව ලැබෙන වාර්තාව පදනම් කරගෙන ජීවිත තර්ජන ඇති අපේක්ෂකයන්ට මෙසේ විශේෂ ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ සභාපති ධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය.
කමිටුව ගන්නා තීරණ අනුව අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
තර්ජන පවතින අපේක්ෂකයන්ගේ නිවාසවලට මෙන්ම ඔවුන් එහා මෙහා ගමන් කරන අවස්ථාවන්හිදීද ඔවුනට විශේෂ ආරක්ෂාව සැපයීම මේ අනුව සිදුකෙරෙනු ඇත.
එසේම ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වන සියලුම රැස්වීම් සඳහා විශේෂ ආරක්ෂාව සැපයීමටද රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපතිවරණයට මෙවර අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වෙති.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බය අපේක්ෂකයන්ට ලොකු ආරක්ෂාවක්
සෙනෙවිරත්න Saturday, 17 August 2024 11:35 AM
මොකෙකුටවත් විශේෂ ආරක්ෂා එපා, ඔය හදන්නේ වෙන ලයින් එකකට එන්න.
රට පෙරට නාස්තිය අහසට Saturday, 17 August 2024 12:08 PM
නාමයෝජනා දෙන අපේක්ෂකයෙක් වෙනුවෙන් මිලියන 200 ක් මැතිවරණ කොමිසමේ වියදම් යෙදෙනවා. දැන් ආරක්ෂාව දුන්නොත් තවත් මිලියන තිහක් විතර අලාභයක් වෙනවා. ඔය අතරේ පරිසරයට කෙරෙන හානි සඳහා මිලියන 100ක් විතර වියදම් කරන්න ඕනෑ... සාමාන්‍යයෙන් එකෙකුට මිලියන 400 ක් නම් අනවශ්‍ය නාමයෝජනා නිසා මිලියන 400×33 කියන්නේ පොල්ලෙලි නොවෙයි ජනතා මුදල් තමයි...!
samSunday, 18 August 2024 12:10 PM
ඇප මුදල වැඩි කරන්න
පිටිගල මිලානෝ Saturday, 17 August 2024 01:56 PM
පාරෙ යන්න බය නමුත් හොරකම් කරන්න බය නැහැ. තව ටික දවසකින් ඔය බය ගොඩක් අයට ජේලර් මහත්තුරුන්ගේ ආරක්ෂාව පැය විසිහතරේදීම ලැබෙයි...
Prabha Saturday, 17 August 2024 02:10 PM
ආරක්ෂාව ඕනෑ නම් මුදල් ගෙවලා ගන්න කියන්න...!
අරවින්ද මොනරවිල Saturday, 17 August 2024 04:35 PM
සමහරු නාමයෝජනා බාර දෙන්න ඇත්තේම රුපියල් හැත්තෑපන් දාහකට දවස් තිස් හයකට ලැබෙන මේ ප්‍රභු ආරක්ෂාව ගන්න වෙන්න ඇති.
ගමේ එකාලා Saturday, 17 August 2024 05:01 PM
දේශපාලුවන්ට මොකටද ආරක්ෂාවක්. ඔය තරම් බය නම් තමන්ගේ ආරක්ෂාව ගැන තමුන්ටම සපයා ගන්ඩ බැරියෑ?
chandima Sunday, 18 August 2024 07:44 AM
පණ බයේ මොන මගුලකට නහිනවද මන්දා රටට සේවය කරන්න? සමහරු පණ බයේ විතරක් නෙවෙයි, මරණ බයේ ගිලන් රථ පස්සෙන් අරන් යනවා. සමහර වෙලාවට වෙන රස්සාවක් කරන්න දන්නේ නැති නිසා වෙන්න ඇති...
ලුම්බිණි Sunday, 18 August 2024 10:38 AM
අනවශ්‍ය දෙයක් .
manjula Sunday, 18 August 2024 03:06 PM
බය නම් මොකටද චන්දෙ ඉල්ලන්නේ .ඔය තරම් බයනම් කොහොමද රටේ මිනිස්සු ආරක්ෂා කරන්නේ . ඔයා පස්සේ රටින් පනින්න ප්ලෑන් එක හදා ගන්නවා