
(සුජිත් හේවාජුලිගේ)
ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල තක්සේරුවක් කරගෙන යන අතර එම තක්සේරුවෙන් අනතුරුව ලැබෙන වාර්තාව පදනම් කරගෙන ජීවිත තර්ජන ඇති අපේක්ෂකයන්ට මෙසේ විශේෂ ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ සභාපති ධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය.
කමිටුව ගන්නා තීරණ අනුව අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
තර්ජන පවතින අපේක්ෂකයන්ගේ නිවාසවලට මෙන්ම ඔවුන් එහා මෙහා ගමන් කරන අවස්ථාවන්හිදීද ඔවුනට විශේෂ ආරක්ෂාව සැපයීම මේ අනුව සිදුකෙරෙනු ඇත.
එසේම ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වන සියලුම රැස්වීම් සඳහා විශේෂ ආරක්ෂාව සැපයීමටද රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපතිවරණයට මෙවර අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෙකුටවත් විශේෂ ආරක්ෂා එපා, ඔය හදන්නේ වෙන ලයින් එකකට එන්න.
නාමයෝජනා දෙන අපේක්ෂකයෙක් වෙනුවෙන් මිලියන 200 ක් මැතිවරණ කොමිසමේ වියදම් යෙදෙනවා. දැන් ආරක්ෂාව දුන්නොත් තවත් මිලියන තිහක් විතර අලාභයක් වෙනවා. ඔය අතරේ පරිසරයට කෙරෙන හානි සඳහා මිලියන 100ක් විතර වියදම් කරන්න ඕනෑ... සාමාන්‍යයෙන් එකෙකුට මිලියන 400 ක් නම් අනවශ්‍ය නාමයෝජනා නිසා මිලියන 400×33 කියන්නේ පොල්ලෙලි නොවෙයි ජනතා මුදල් තමයි...!
පාරෙ යන්න බය නමුත් හොරකම් කරන්න බය නැහැ. තව ටික දවසකින් ඔය බය ගොඩක් අයට ජේලර් මහත්තුරුන්ගේ ආරක්ෂාව පැය විසිහතරේදීම ලැබෙයි...
ආරක්ෂාව ඕනෑ නම් මුදල් ගෙවලා ගන්න කියන්න...!
සමහරු නාමයෝජනා බාර දෙන්න ඇත්තේම රුපියල් හැත්තෑපන් දාහකට දවස් තිස් හයකට ලැබෙන මේ ප්‍රභු ආරක්ෂාව ගන්න වෙන්න ඇති.
දේශපාලුවන්ට මොකටද ආරක්ෂාවක්. ඔය තරම් බය නම් තමන්ගේ ආරක්ෂාව ගැන තමුන්ටම සපයා ගන්ඩ බැරියෑ?
පණ බයේ මොන මගුලකට නහිනවද මන්දා රටට සේවය කරන්න? සමහරු පණ බයේ විතරක් නෙවෙයි, මරණ බයේ ගිලන් රථ පස්සෙන් අරන් යනවා. සමහර වෙලාවට වෙන රස්සාවක් කරන්න දන්නේ නැති නිසා වෙන්න ඇති...
අනවශ්‍ය දෙයක් .
බය නම් මොකටද චන්දෙ ඉල්ලන්නේ .ඔය තරම් බයනම් කොහොමද රටේ මිනිස්සු ආරක්ෂා කරන්නේ . ඔයා පස්සේ රටින් පනින්න ප්ලෑන් එක හදා ගන්නවා