දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ කොස්තාපල්වරයකුට වෙඩි තබා ඔහුගේ රියට ගිනි තැබීමේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත්, සක්කරයා එවැනි වරදක් කළත් ඊට දඬුවම් දිය යුතු බවත් සමූපාකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා කියයි.

ඔහු පැවසුවේ සතියකට පමණ පෙර තමා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පාර්ලිමේන්තු යද්දී මෙම කොස්තාපල් තම රියදුරාට දඩ කොළයක් දුන් බවයි.

මන්ත්‍රීවරයකු වාහනයේ සිටින බව කොස්තාපල්ට කී විට ඔහු රියදුරාට බැන වැදී ඇති බවත්, දඩය ගෙවූ තමා එම කොස්තාපල් ගැන දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පවසයි.

මෙම උප්පරවැට්ටියේ ඇත්ත නැත්ත වැඩි දිනක් යන්නට පෙර හෙළි වනු ඇතැයි ඔහු කියයි.