බුද්ධගයාවේ බෝම්බ පිපිරීම පරීක්ෂා කිරීම සඳහා මහා රාෂ්ට්‍ර හා අන්ද්‍රා ප්‍රදේශ් ත්‍රස්ත මර්දන පොලිස් කණ්ඩායමක් බුද්ධගයාවට පැමිණි බව ඉන්දිසාවේ එන්ඩීටීවී රූපවාහිනිය කියයි.
මෙම කණ්ඩායම් සමග ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය ද එක්ව සිටියි.
ඔවුන්ගේ මූලික අවධානය යොමු වී ඇත්තේ ආරක්ෂක කැමරාවේ ඡායාරූප දෙසයි.
එම වීඩියෝ දර්ශනවලින් කිහිප දෙනකු සැකකරුවන් සේ වෙන්කරගෙන ඇතත් මෙතෙක් ඔවුන්ගේ හැටරුව ඇතුළත් විස්තර මහජනයාට ලබා දී නැත.
ඉන්දියා මුජහිදීන් ත්‍රස්තවාදීන් හැර සෙසු පිරිස් ගැන ද පොලිසියේ අවධානය යොමු වී ඇත.
පසුගිය දින කිහිපයේ බුද්ධගයාවේ හෝටලවල නතර වී සිටි පුද්ගලයන්ගේ සියලුම නම් ද, එම හෝටලවල ආරක්ෂක කැමරා දර්ශන ද පොලිසිය ලබා ගෙන ඇත.
ගයා ප්‍රදේශයේ දුරකතන කුලුනුවලින් ලබා ගත් දුරකතන ඇමතුම් ගැන ද සොයයි.
පොලිස් පරීක්ෂකයකු පැවසුවේ එක් බෝම්බයක් බුදුපිළිමයේ අඩි 20ක් ඉහළින් තබා ඇති බවයි. එසේ තිබීම සඳහා ඉනිමගක් පාවිච්චි කරන්නට ඇතැයි කියන පොලිසිය ඊට සම්බන්ධ බව කියන වීඩියෝපටයේ ඇතැම් පුද්ගලයන් ගැන යම් ඉඟියක් ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම වෙනකම් ඉන්දියාවේ ආරක්ෂක අංශය බලාගෙන ඉඳලා දැන් එක එක කතා කියවනවා (නි)
මේ ඔක්කොම වෙනකල් ඉන්දියාවේ ආරක්ෂක අංශ මොකද කළේ? (නි)
ඉන්දියාවේ අයත් අපේ වාහිනී නාලිකා වගේ නියම කතා ගොතනවා වගේ (නි)
මොකටද මේ බෝම්බ ප්‍රශ්නය ගැන අපි හැමදාම කතා කරන්නේ? මේකෙන් සුළු හානියක් විතරනේ වුනේ (නි)
ඔය දේවල් ආරක්ෂක අංශ ඇල්ලුවත් නැතත් ඇස් පනා පිට ලැබෙන දඩුවම් කොටසට මෙම දේවල් එකතු වෙනවා. පෙනෙන්නේ නැද්ද අහිංසක අනික් අයට කරුණාව දක්වන කොටසක් එතන හිටියේ. ඒකය් ජිවිත් ඔක්කොම රැකුණේ. කොහොමද ජෙරුසෙලමේ හරි ඔය ෂරියා නිතිය ගැන කියන අයගේ තැනක හරි පිපිරුණා නම් හෙම ජිවිත කියක් යනවද? (නි)
එහෙනම් කට්ටිය දින කිහිපයක් වැඩේට මිඩංගු කරලා තියෙනවා (නි)