(ඉන්දිකා රාමනායක)
කටුනායක ගුවන් තොටුපලේ පර්යන්ත (2) හි බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැරිය බව ගුවන් තොටුපල පොලීසිය පවසයි.
මෙම සිසුවා ඊයේ (25) පස්වරුවේ ජංගම දුරකථනයෙන් තොටුපළ හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දෙමින් එහි බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇත.
ඇමතුම අනුව නිලධාරීන් එම පර්යන්තය පරික්ෂා කිරීමේදී විනාඩි කිහිපයකින් නැවතත් එම සිසුවා ඇමතුමක් ලබා දෙමින් තමන් සිදුකළේ විහිළුවක් බවට දැනුම් දී ඇත.
කළුබෝවිල සුනන්දාරාම පාර පාරේ පදිංචි මෙම සිසුවා පොලිසියට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර , සිසුවා මෙම ක්‍රියාවේ බරපතල බව නොදන්නාකමට සිදු කළ ක්‍රියාවක් බවට අනාවරණය වීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කර මුදා හැරිය බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බෝම්බයක් ගැන විහිළුක් කළ සිසුවාට තරයේ අවවාද