පුද්ගල නාශක බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට හෝ "ඔටාවා" සම්මුතියට ශ්‍රී ලංකාව එකඟතාවය පළ කිරීමට නියමිත බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.
බිම්බෝම්බ ඉවත් කිරීම, විනාශ කිරීම, නිෂ්පාදනය සහ පුද්ගලනාශක බෝම්බ ප්‍රවාහනය හා විනාශ කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවයකට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළකර ඇතැයි ද බිම් බෝම්බ තහනම් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුම හෙවත්"ඔටාවා" සම්මුතියට 1997 සැප්තැම්බර් 18 වැනි දා අනුමැතිය හිමිව ඇතැයිද එය 1999 මාර්තු 01 වැනි දා සිට එය බලතේමක වී යැයි ද ඔහු කීවේය.
ආර්යසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සියලු පාර්ශයන්ගේ සහයෙන් බිම්බෝම්බ පිටුදැකීම සම්බන්ධව ජිනීවා නුවර ඊයේ පැවැති සාකච්ඡාවකදීය.
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් බිහි කළ එම සම්මුතිය ඓතිහාසික සම්මුතියක් ලෙස සැලකෙන අතර නිරායුධකරණය සම්බන්ධයෙන් වන මෙම ගිවිසුම මගින් බිම්බෝම්බ වලින් පීඩාවට පත්ව සිටින පාර්ශව වලට සහනයක් සැලසෙනු ඇත.
මෙම සම්මුතියට සම්බන්ධවීමෙන් සෑම රටක්ම ඔවුන් සතුව ඇති පුද්ගලනාශක බෝම්බ තොග විනාශ කිරීමට බැඳියි සිටියි.
සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනූව රටවල් 162ක් මෙම සම්මුතිය සමඟ බැඳී ඇති අතර ඉන් රටවල් 158ක්ම සඳහන් කර ඇත්තේ ඔවුන් සතුව බිම්බෝම්බ තොග නැති බවයි.
එසේම ලක්ෂ 470 ක් පමණ බිම්බෝම්බ තොග විනාශ කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ මානව හිතවාදී යෝජනාවක්. ඇමරිකාව ,රුසියා ,චීනය ,ඇතුළු බටහිර ආයුධ නිෂ්පාදන සමාගම් වල ලාභය. අත හරීවිද ...? මේ ඇමරිකන් රූකඩ ඒ.ජා.සංවිධානය කීවට ..? (ර)
බිම්බෝම්බ වලට අත උස්සන්න ඉස්සෙල්ලා යලි හිස ඔසවන පාතාලය ගැන අවධානය යොමු කරන්න. නැත්නම් ඒවා බෝම්බවී ඔබලාටම පත්තුවෙයි. යහපාලනය හැටහුටහමාරක් කතා කරන නමුත් වැඩ නොකරන පාලනයක් යන ලේබලය වදිමිනුයි තිබෙන්නේ. (ර)