බීමත්ව රිය පැදවීම හා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම යන චෝදනා දෙකට අධිකරණයේ වරදකරුවකු වු හිමිනමකට රුපියල් 13500 ක දඩ මුදල් හා වසර දහයකට අත්හිටවු මාස හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් මහව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියම කළාය.
මෙසේ දඩ නියම වුයේ දොම්පේ විහාරස්ථානයක ඉන්දොලේ පඤ්ඤාරතන හිමියනටය.
මහෙස්ත්‍රාත්වරිය එලෙස දඩුවම් නියම කරන බව අධිකරණයට පැවසු අවස්ථාවේ ‘ අම්මාද ගැහැණියකි බිරිදද ගැහැණියකි නංගිද ගැහැණියකි අක්කාද ගැහැණියකි‘ යනුවෙන් කවි දෙපදයක් උස් හඬින් ගායනා කරන්නට විය.
වහාම ක්‍රියාත්මක වු අධිකරණ පොලිසිය ඔහුගේ කට වසා අධිකරණ සිර මැදිරිය වෙත රැගෙන ගියේය.
මහව පොලිසියේ රථ වාහන අංශය විසින් ඉකුත් 31 වැනිදා දහවල් 12.30ට පමණ මහව දළදාගමදී මේ හිමි නම අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් අණ නොතකා රිය ධාවන කිරීම හේතුවෙනි.
හිමි නමට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති විමත් එම අවස්ථාවේ බීමත්ව රිය පැදවීමත් කරුණු අනාවරණය විමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන මහව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම අවසන් වේගෙන යනවා වගේ. ඒකත් ආනයනය කරන්න වෙන හැඩයි (නි)
පැවිදි වන්නේ ලෞකික දේට ආසා නැති වෙලාද, ඇති වෙලාද? (ස)
දඬුවම නියම කළේ පුද්ගලයාගේ තත්වය නොබලාද?දඬුවම තද වැඩියි. (ස)
කොයි තරම් නම් මිනිසුන් මෙවැනි අයට වඳිනවා පුදනවා ඇත්ද? (ස)
මේ වගේ අය ශාසනේ හිටියොත් බුදු දහම ඉක්මනින්ම ඉවරයි. (නි)
බුද්ධාගමෙ මහා නායක හිමිවරු සිටිති. මේ අයගේ කාර්ය භාරය මොකක්ද කියලා සොයා බලන්න වටිනවා. මේක ආගම් ප්‍රශ්නයක් නෙවෙයි. වැරදියට හිතන්න එපා. මොකද මිනිස්සුන්ගේ ආරක්ෂාවත් මේ වගේ වැඩ වලින් නැතිවෙනවා නේද? වැරැද්ද කවුරු කළත් වැරැද්දම වේ. (නි)
කවි කියන වේලාවේ අන්තිම සිල් පදය කිව්වනම් වඩා හොඳයි නේද? (ස)
සේනාරත්න,ඔබ හරි. (නි)
අරයගේ ගෝලයක් වෙන්න ඇති (නි)
බන්දුල මොනවද කතා කරන්නේ? කොහොම වුණත් ගමේ දායකයෝ මෙයාට සාදාරනය ඉස්ඨ කරයි කියලා බලාපරොත්තු වෙනවා. මෙයාව අධිකරණයට ඉදිරිපත් කරන්න තිබුනේ සරමක් කමිසයක් අන්දලා. හිමිනමක් කියලා නොවෙයි. මෙහෙම ගියොත් ශාසනයම ඉවරයි (නි)
සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි... සාදු සාදු සාදු! (නි)
මොවුන් වැන්නන්ට දන් දෙන අයද මෝඩයින්ය (නි)
සාධාරණයි ඒ වැඩේ (දී)
මේ වගේ අයට හිමිනමක් කියල දැමීම සිල්වත් හිමිවරුන්ට කරන අපහාසයකි. චීවරදාරියෙක් කියල දාන්න. (දී)
මෙහෙම අයට අපි දානයත් දෙන්න ඇතිනේ.... (නි)
මෙහෙමත් වැඩ (දී)
මම දැන්නේ දැක්කේ මේ සිද්ධිය අපේ හෙල දෙරණේ වෙලා තියෙන්නේ. මේ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්. බුදුන් පවා පය තිබ්බා උතුම් සිතින් දෙතුන් විටක්. (නි)
නිතිය ක්‍රයාත්මක කරන්න කාටත් පොදු නිතිය (දී)
හනේ කාලේ වනේ වාසේ කියන්නේ මේකට තමයි . අනෙක් කතෝලික පූජකතුමන්ලා මේ වගේ වැඩ කරන්නේ නෙහෙ නේද ? ඔවුන්ට නීති තියෙනවා, අපේ හාමුදුරුවන්ට මොකුත් නැහැ (දී)
නායක හාමුදුරුවෝ ගන්න තීන්දුව මොකක්ද
අහවලාට පුළුවන් නම් මට බැරි මොකෝ? (නි)
බන්ධනාගාරගත කරන්න. (දී)
අපේ හාමුදුරුවෝ වෙනුවෙන් මොකුත් කියන්න බැහැ බීලා හිටිය නිසා.හැබයි දඬුවම සැර වැඩියි (දී)
අනේ බෞදග්මට ගිය කලක් නිදන් හාරනවා හොර උපාදි දෙනවා බිලා ,රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවනවා අනික උසාවියට වත් ගරුකරන්නේ නැ තීන්දුව දුන්නම සින්දු කියනත් එනව තව හයමසකට ඇතුලේ තියන්න ඕනේ උසාවියට අපහස කරනවට දැන් නම් බෞදගම විනාසයි (දී).................
දඬුවම මදි කියලා මට නම් හිතෙන්නේ. බීමත්කම, බලපත්‍ර නැහැ, හිමි නමකට වාහන පදවන්න තහනම්, කොහොම වුණත් අධිකරණය තම කාර්යය කළා. දැන් තියෙන්නේ සංඝාධිකරණයේ කාර්යය (නි)
සාසනයට අවනම්බු කරනවා (දී)
ආයෙත් පන්සලට එවී හිරේ ඉඳල සාසනේ ඉවරයි (දී)
ශාසනෙම කනවා... (නි)
පස්සේ අපේ අහවලා වගේ 'පොරක්' වෙයි (නි)
අධිකරණයේ යුතුකම කළා.දැන් මහනායක හිමිවරුන්ගේ වාරයයි. (නි)
ගරු අධිකරණයට චීවරධාරියකු ලෙස අපහාස කළාට දැඩි දඬුවම් පමුණුවමින් සියලු දෙනාට පුර්වාදර්ශයක් දෙන්න. (නි)
ශාසනේ සුන්! (නි)
උපරිම දඬුවම් දීලා සසුනෙන් නෙරපන්න. (නි)
තව කෙනෙක් ඉන්නවා ඕක ඇතුළට යන්න,මෙයාල ඔක්කොම ශාසනය කන හොරු (නි)
කෝ අපේ සේනාව? මෙන්න කරන්න ඕනෑ නම් වැඩ. වෙ (නි)
වීරගේ කතාව හරි. හැම දෙයකටම බුද්ධාගම වැරදි නැහැ. කව්රු කළත් වැරැද්ද වැරැද්දමයි. නිසි දඩුවම් ලබා දෙන්න ඕනෑ (නි)
සාසනේට අවනම්බු නොකරන්න. (ස)
එයාට දානය දෙන්නේ කවුද? එයාගේ දායකයෝ කවුද? එයාට වාහනයක් දුන්නේ කවුද? (නි)
මෙවැන්නන් උපැවිදි කල යුතුයි. (ස)
ඉතිරි පද දෙක දන්නා කෙනෙක් කියන්නකෝ (නි)
මොකද සේනාව මේකට කියන්නේ? (නි)
අර ඇමතිගේ මල්ලි අදික වේගයෙන් රිය පදවල 119 ඈවිත් ඇල්ලුවාහම පොලිසිය මොනවද කලේ. හිමිනම ඇතුලට දාල එයාව එවෙලේම එලියට දැම්ම නේද? බීලත් හිටියලු නේද? (නදී)
නියම දඬුවම! එතකොට සිවුර ඉවත් කරන්නේ නැද්ද? තාම හිමි නමද? (නි)
පිටිගල එක්ක මමත් එකඟයි. සාමාන්‍ය රියදුරෙකුට මෙවැනි දඬුවමක් දෙනවා මම ළඟකදී දැක්කේ නැහැ පත්තරේකවත්. හැබැයි, ගිහියන් වන අපි මෙහෙම කීම ඇත්තටම සුදුසු නොවුනත් නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේලා මේ 'හිමියන්' ගැන තීරණයක් ගැනීම නම් අත්‍යවශ්‍ය බව කියන්න වෙනවා. (නි)
අන්න අහවල්ලුන්ට බැදිලා ලොකු තනතුරක් ගැනීමට නියම සුදුසුකම (නි)
දඩ ගෙවන්නේ හම්බ කරපු ඒවාගෙන්ද? අපේම සල්ලි.... (නි)
බීපු එකනම් වරදක් තමා. අද කවුරත් හරි දේවල් කරන අය නැහැ. (නි)
ගුනේ, ඔබගේ කතාව හරි. කතෝලික පූජකතුමන්ලාට නීති රීති තියනවා. කතෝලිකයෙක් හැටියට මං ඔබට ගරු කරනවා.. (නි)
සංඝ සභාවක් තිබෙනවා නේද? මෙවැන්නන්ට චීවර හැඳීම ජීවිතාන්තය දක්වා තහනම් කිරීමක් සංඝ සභාවෙන් කළ හැකි නේද? නැත්නම් කහ චීවරය දෙසද වපර ඇසින් බලන කාලය ඉක්මනින්ම එළඹෙනු ඇත. අපේ ලොකු හාමුදුරුවරුන් සංඝ විනය පිළිබඳව නම් ඉක්මන් තීරණයක් ගන්නා සේක්වා. (නි)