බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් ඉන්දුනීසියාවේ පැවැති 2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියෙහි හොඳම නව නිපැයුම සඳහා වූ රන් පදක්කම සහ විශ්ව නව නිර්මාණ බුද්ධිමය දේපළ සංගමයේ පිරිනමන තරගාවලියෙහි දක්ෂතම නව නිර්මාණයට හිමි කුසලානය දිනා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙහි තරිදු හේෂාන් කළුබෝවිල සමත්විය. ඔහුට උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය රංග ශාලාවේදී අද (18) පැවැත්විණි.
හොරණ මුණගම දික්හේනපුර 4 වැනි පටුමගෙහි පදිංචි ඔහු 2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම ද 2016 වර්ෂයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ ශි‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ද ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ඔහු සමත් වූ බව ද විදුහල්පති කසුන් ගුණරත්න මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අතින් මේ ළමයා දියුණුයි ...ඔහු ජාත්‍යන්තර පිලිගැනීමක් ලබලා තියනවා .(හේ)
දක්ෂයි පුතේ ඔයා.(හේ)
අනර්ඝ සොයා ගෙනිමක් පුතේ. ඔයාට මෙවැනි දේවලට තවත් දිරිය ලැබේවා.(හේ)
ඔබට සුබ පැතුම්! (නි)
ලංකා පෙරේරා , ඕක දන්නවා නම් ඔබට තිබුනනේ නිර්මාණය කාරන්න. කෙනෙකුගේ දක්ෂකමක් හෑල්ලුවට ලක්කරන්න පුළුවන් කුහක මානසිකත්වයක් ඇති කෙනෙකුට පමණයි. (නි)
හොඳ නිර්මාණයක් (නි)
සුබ අනාගතයක් පතමි! ඔබට තෙරුවන් සරණයි!!! (නි)
මේ වගේ දේවල් අවතක්සේරු කරන්න හොඳ නැහැ. මොවුන්ට අපි අතදෙන්න ඕනෑ (නි)
හොඳ නිර්මාණයක් ඉදිරිපත් කර ජයගත් ඔබට සුභ අනාගතයක් මෙන්ම මීටත් වඩා තවත් නව නිර්මාණ කිරීමට වාසනාව ලැබේවා!
සුබ පැතුම්! (නි)
පුතා, ඔබට ජයවේවා! (නි)
පුතේ, නුඹට සුබ අනාගතයක්! (නි)
පුතා, ඔබට සුබ අනාගතයක්! (නි)
අපේ රටේ ගොඩක් දක්ෂ නිර්මාණාත්මක දරුවන් , මිනිසුන් ඉන්නවා. නමුත් මේවා මෙතනින් ඉවරයි. මේ වගේ අයට රජයෙන් සහය දීල,, උනන්දුකරලා රට දියුනු කරගන්න උපකාර කරගන්නේ නැහැ.හැම තිස්සෙම බලන්නේ, හැමදේම පිට රටින් ගෙනවිත් කොමිස් ගහන්නි. ඉතින් කොහොමද රට දියුනුවෙන්නේ? (අ)
සුභ අනාගතයක් පුතා (අ)
මේක පුතේ රජයේ කන්තෝරුවට සෙට් කරන්න බැරි ද ? (ම)
පුතා, ඔබට ජයවේවා! (ම)
උණුසුම් සුබපැතුම් මේ දරුවට ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලුම දෙන සුබපැතුම් එක කල යුතුයි.(හේ)
හොඳ සොයාගැනීමක් ජයවේවා... (ර)
ඔබවන් දරුවන් රටට වාසනාවක් (ම)
මොනාද පුතා මේ කරන වැඩ? සුබපැතුම්! (ර)
මල්ලි, ඔබට සුභ පැතුම්!(හේ)
ඔන්න ජාතියේ පිනට පහල වෙච්ච දරුවෝ....! තව තවත් නව නිපැයුම් නිපදවන්න මේ පුතාට ධෛර්යය ශක්තිය ලැබේවා...!(හේ)
බීපු මිනිහෙක් කට ඉම්ඹා කියලා කිවුවොත් ඔය උපකරණයෙන් පුලුවන්ද නැහැ බිලා හිටියා කියලා ඔප්පු කරන්න. සමහර අපේ මහජන නියෝජිතයෝ බිලා හිටියත් කියන්නේ පිස්සුද මම බිලා නැහැ බීපු මිනිහෙක් මගේ කට ඉම්ඹා කියලනේ.(හේ)
කාටද ආඩම්බරේ!! ජයෙන් ජය !! (ම)
පුතුනි නුඹ වැනි දරැවන් රටට සමීපතකි. නුඹට සුභ අනාගතයක්.(ම)
ඔබට ජය (හේ)
මේක කරා කියල ඔයාට වැඩක් නැහැ මොකද අපේ උන්ට අපේ දෙයක් අගය කරන්නේ නැහැ, පිට රට වුණා නම් ඔබට උදව් කරයි, කෙසේ නමුත් ඔබේ ඉදිරි අනාගතය ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.... (ම)
වෙන රටක නම් ඔය උපකරණය නිෂ්පාදනය කරලා අපනයනය කරනත් ප්ලෑන් කරලා දැනටමත්. ලංකාවේ ඕක ඔතනින් ඉවරයි. තව ටික කලකින් ඔයවගේ එකක් පිටරටකින් හැදුවම ගෙනල්ල ලංකාවේ පොලිසි වලට දෙයි. ඉතින් ලංකාව හැමදාම දියුණු වෙමින් පවතීවි. (අ)
එම්.කියු 3 සෙන්සර් හැමතැනම ගන්න තියනවා. පුරාම.ඉතින් මේ ළමයා එක පොඩි සර්කිට් එකෙක්ට සෙට් කරලා..මේක නව නිපැයුමක් නෙවෙයි. සර්ච් කරලා බලන්න . (අ)
ලස්සනයි වැඩේ තව තව දෙවල් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.!! (ම)