IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බීමත් රියැදුරා පොලිසිය අන්දමන්ද කරලා

(ලක්මි කුඩලිගම)

හොරණ නගරයේ බීමත්ව යතුරු පැදියක් පැදවූ (45) හැවිරිදි පුද්ගලයකු  අත්අඩංගුවට ගෙන ⁣පොලිස් යතුරු පැදියේ නංවා පොලිසියට ගෙන යද්දී යතුරු පැදිය පැදවු පොලිස් නිලධාරියාගේ කරට උඩින් අතක් දමා යතුරු පැදිය ඇන්ජිම නවතා යතුරත් අරන් පැන දුවද්දී  පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු නැවතත් අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

හොරණ පොලිසියේ රථවාන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක විමල් ආනන්ද මහතා ඇතුළු නිලධාරින් පිරිසක් බීමත් රියදුරන් සොයා  හොරණ නගරයේ මහජන පුස්තකාලය අසල රථවාහන පරික්ෂා කර තිබේ.

එහිදී බීමතින් යතුරු පැදියක් පදවාගෙන පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන බීමත් පුද්ගලයා පැමිණි යතුරු පැදිය පොලිස් භාරයට ගෙන සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් යතුරු පැදියක පසුපස නංවා ගෙන පොලිසියට රැගෙන යාමට කටයුතු කර ඇත.

එසේ රැගෙන යද්දී හොරණ කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිස් යතුරු පැදියේ පිටුපස ගිය සැකකරු ක්ෂණිකව හිටගෙන ⁣යතුරු පැදිය පැදවු පොලිස් නිලධාරියාගේ කරට උඩින් අතක් දමා යතුරු පැදියේ යතුර කරකවා එහි ඇංජිම නවතා යතුරත් රැගෙන පලා යාමට උත්සාහ කර තිබේ.

එහිදී වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් සැකකරු පසුපස හඹා ගොස් නැවත අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බව පොලිසිය පවසයි.

 



අදහස් (3)

බීමත් රියැදුරා පොලිසිය අන්දමන්ද කරලා

Nimantha Friday, 15 December 2023 08:40 AM

ඉතා අපරීක්ශාකාරී , කලහකාරී ලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයන් / කන්ඩායම් සෑම ප්‍රදේශයකම පාහේ සුලභ දසුනකි. මෙසේ වැටලීම , නිතර පරීක්ෂාව අගය කල යුතුයි .

:       0       19

RatharanFriday, 15 December 2023 08:26 PM

ඔයා බය වෙන්න එපා. ගොඩක් දෙනෙක් ඉක්මනින්ම එලොව යනවා

:       0       0

Bamunuarachchi Friday, 15 December 2023 08:49 PM

පොලිස් මැට්ටෝ... වෙන මොනවා කියන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site