උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ වැලිමඩ පුහුල්කොළ සිට වැල්ලවාය අඹකොටආර දක්වා උමං මාර්ග දෙකක් ඉදිකිරීමෙන් බණ්ඩාරවෙල අවට ගම්මානවල ළිං සිඳීගොස් ජලය නැතිවීමත් ඊට පිළියම් නොයෙදීමත් යන කරුණුවලට විරොධය පා විශාල පිරිසක් බණ්ඩාරවෙල නගරයේ අද උද්ඝෝෂණයක නියැලුණහ. බණ්ඩාරවෙල ධර්මවිජය විහාරය අසලින් ආරම්භ වූ විරෝධතාවට එක් වුවෝ පා ගමනින් බණ්ඩරවෙල නගරය වෙත ගොස් පැයක් පමණ උද්ඝෝෂණයේ නියැලුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරවෙලට වතුර නැත. එය දන්නේ බණ්ඩාරවෙල වසන ජනතාව පමණයි. සතියට පැය දෙකයි. ජන ජීවිතයට එය ඇද්ද? මරණයකදී මඟුලකදී වතුර සල්ලි වලට බවුසර් වලින් මිලදී ගතයුතුයි. වගකිවයුත්තන්ගේ ඇස් කවදා බණ්ඩාරවෙලට යොමුවෙයිද? අපි සිතමු රජයේ මේ ගැන අවධානය යොමුකර ඉක්මන් පියවරක් ගනු ඇතැයි කියා. (නි)
දුරදිග නොබලා ගත්, ජනප්‍රිය තීරණ නිසා වූ විනාශයක්. (නි)
කිසිම දුරදිග බැලීමක් නැතුව පටන්ගත් ව්‍යාපෘතියක්. ඔය උමග හාරන පැති වල මිනිසුන්ගේ ළිං වල වතුර හිඳිලා, වගා කරගන්න විදියක් නැහැ. ගෙවල් වල බිත්ති ඉරිතලලා. මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ ඕවා නවත්තයි කියන බලාපොරොත්තුවෙන්. (නි)
අබරන්, මම ඔබ හා එකඟයි...ඒ ප්‍රදේශයට ජල හිඟයක් තිබුනේ නැහැ..නමුත් ...නුගත්, බුද්ධි හින , කට්ට කයිරාටික දේශපාලුවෝ ටිකක් එකතුවෙලා බණ්ඩාරවෙල තියන ජලය හම්බන්තොටට හරවන්න යෝජනා ක්‍රමයක් දියත් කළා.. .කිසිම පරිසර අධ්‍යයනයකින් තොරවම ඉරානය ට මේ කොන්තරාත්තුව දුන්නා...ඌව පළාත නියෝජනය කරපු දෙස්පාලුවොත් එයට සහයෝගය දුන්නා...ටික දිනක් යනකොට තමයි වැටහුනේ වැඩේ අප්සෙට් කියලා...යසට තිබුන ජල මට්ටම හිදී ගියා.මිනිස්සුන්ට බොන්නවත් ජලය නැතිවුනා...මට තියෙන ප්‍රශ්නය මෙයයි..මේ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නවත්වලා දමන්නේ නැත්තේ ඇයි ..? මෙයින් මිලියන් කි සියයක් කොමිෂන් ගැහැවුවාද ..? ඒ කවුද..? උන්ට දඬුවම් දෙන්නේ නැතිද...?මේ වගේ අය රටක් පාලනය කළා කියලා කියන්නත් ලැජ්ජයි..මිනිස්සුනේ උබලාට ජිවත්වන්න තියන අයිතියට අභියෝග කරන්න, තුට්ටු දෙකේ දේශපාලුවන්ට කොහෙත්ම අයිතියක් නැහැ.ඔබේ සටන නොකඩවා දිගටම ගෙන යන්නට ඔබට ශක්තියක් හා දිරියක් වන්නට මමත් සුදානම්. (ස)
අබරන්, මම ඔබ හා එකඟයි. කට්ටියක් එකතුවෙලා බණ්ඩාරවෙල තිබෙන ජලය හම්බන්තොටට හරවන්න යෝජනා ක්‍රමයක් දියත්කළා. කිසිම පරිසර අධ්‍යයනයකින් තොරවම ඉරානයට මේ කොන්ත්‍රාත්තුව දුන්නා. ටික දිනක් යනකොට තමයි වැටහුනේ වැඩේ බරපතළකම. ජලය හිඳීගියා. මිනිසුන්ට බොන්නවත් ජලය නැතිවුණා. මේ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නවත්වා දමන්නේ නැත්තේ ඇයි? (නි)
නම ගෙනියන්න කරන තීරණ නිසා, වතුර තිබුන පළාත්වලත් වතුර හිදිලා. මහා අපරාදයක්නේ. (ර)
බණ්ඩාරවෙල කියන්නේ ලංකාවේ තියෙන පිරිසිදු පානීය ජලය තිබෙන පලාතක්. ඒ ප්‍රදේශයට ජලය හිඟ නම් සෙසු පළාත් ගැන කියනු අසනු කවරේද ? (ස)
මුහුදුකරය එපා වුණාම මමත් බණ්ඩාරවෙල, වැලිමඩ පැතිවල සිටින කෙනෙක්.(නි)
බණ්ඩාරවෙල අපිට මොකක්ද මේ සිද්ධවුණේ? (නි)