අගුණකොළපැලැස්සේ මහවැලි ඉඩමක වසර 15ක් සිටි බව කියන නිහාල් රංජිත් නම් දෙදරු පියෙක් එම ඉඩමෙන් කොටසක් හෝ වෙනත් ඉඩමක් ඉල්ලා අගුණකොළපැලැස්ස මහවැලි කාර්යාලය අසල මහ වැස්සේ කොහොඹ ගසකට නැග සිටී.
ඔහුගේ බිරිය හා දරු දෙදෙනා ගස යට සිටී.
අගුණකොළපැලැස්සේ මහවැලි ඉඩමක වසර 15ක් සිටි බව කියන නිහාල් රංජිත් නම් දෙදරු පියෙක් එම ඉඩමෙන් කොටසක් හෝ වෙනත් ඉඩමක් ඉල්ලා අගුණකොළපැලැස්ස මහවැලි කාර්යාලය අසල මහ වැස්සේ කොහොඹ ගසකට නැග සිටී.
ඔහුගේ බිරිය හා දරු දෙදෙනා ගස යට සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා දරුවන් මෙවන් උද්ඝෝෂණ වලට සම්බන්ධ කරගැනීමෙන් වැළකී සිටියා නම් හොඳයි (නි)
ගහක් උඩට නැගලා හරි බලෙන් හරි අනුන්ගේ ඉඩමක් අයිති කර ගන්න තියනවා නම් කොච්චර ෂෝක්ද? (ර)
අපේ තාත්තාට ඉඩම් අක්කර අටක් තිබිලත් මට බිම් අඟලක්වත් දුන්නේ නැහැ, තාත්ත අකමැති කෙනෙක් කසාද බැන්ඳා කියා. මම නම් ඉඩමකුත් මිලට අරගෙන ගෙයකුත් හැදුවා (නි)
ඩිලාන්, ඔයාගේ ගෙවල් ළඟ නඟින්න ගහක් තිබුනේ නැද්ද? (නි)
මේ අහිංසක මනුස්සය ඉඩම් කැල්ලක් ඉල්ලනේ දරු පවුල එක්ක ජිවත් වෙන්න මිසක් ජනාධිපති, අගමැති, මැති ඇමති, මන්ත්‍රී වෙන්න වත් නෙමෙයි. විල්පත්තු විනාස කරගෙන සුළු ජාතිකයන් අක්කර දහස් ගණනක් බෙදා ගනිද්දී මේ සිංහල මනුස්සයට සිංහලයන් වශයෙන් ඉහත සම හරක් දල තියන අදහස් දැක්කම ජාතිය වල පල්ලට යන එක ගැන කතා කරන්න දෙයක් නැහැ.(අ)
මෙවන් අසරණ මිනිස්සු කි දෙනෙක් මේ ලංකාවේ ඇද්ද?(හේ)
මිනිසුන්ගේ දුක් ඉදිරියේ එයාල තවත් අසරණ වෙන්න හිනා වෙන්න හොඳ නැහැ නේද.? (ර)
බඳින්න ඉස්සෙල්ලා කලයුතු දේවල් නේද? (අ)
මේ අය අපේ සත්ගුණවත් ඉඩම් ඇමතිතුමා හමු වුණා නම් තවත් 'ජොගිං ට්‍රැක් ' එකක් මකවලා හරි ඉඩමක් හදලා දෙනවා නොඅනුමානයි. (අ)
මේ අසරණ මිනිසුන්ට ඉඩම් කෑල්ලක් දුන්නා නම් වටිනවා නේද. අපි ඔක්කොම මිනිස්සු.කොච්චර සල්ලි තිබුණත් නැතත් අපි හැමෝම උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. (ම)
අනිවාර්යෙන්ම ඉදිරි දින දෙක තුන ඇතුලත මහින්ද රාජපක්ෂ ගහකට නගිනවා සිකුරුයි ,,,,, එයාගේ ආරක්ෂාව ඉල්ලලා (බ)
මේ අහිංසක මනුස්සය ඉඩම් කැල්ලක් ඉල්ලනේ දරු පවුල එක්ක ජිවත් වෙන්න. (ර)
මේ වගේ දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් හැමෝම පොහොසත් කරන්නේ කොහොමද???? (ම)
මහවැලි ඉඩම් දෙන සම්මත පරිපාටියක් තියෙනවා. අපි කවුරුත් මොකුත් නොදැන නේද මේ අදහස් දාන්නේ? අපි නොහිතන විදිහේ ප්‍රශ්නයක් මෙතන ඇති බව පේනවා. (බ)
පව් අසරණ මිනිස්සු. තම පවල ජිවත් කරන්න කරන ව්‍යායාමයක්. (ර)
උපන් රටේ අසරනවෙන සිංහලයෝ (ම)
උපන් බිමේ සිංහලයෝ අසරණයි. (නි)
දැන් ඉඩමක් ලැබෙයිද? (නි)
වසර 5 එකම නිවසේ ජීවත් උන අයෙක් එම නිවසින් එලියට දැමීමට නොහැකි නීතියක් රටේ තිබෙන විට වසර 15 මේ ය ජීවත් වූ ඉඩමෙන් එලවුවේ කෙසේද කවුරුන්ද.? (ර)
ඉඩමක් ඉල්ලන්නේ වගාකරන්නනේ. ඉතින් දහදිය මහන්සියෙන් හම්බ කරගෙන කන්න ඉඩම් කෑල්ලක් දුන්නා නම් මොකද වෙන්නේ? (නි)
මේ ගස් නැඟීම දැන් විලාසිතාවක් වෙලා (නි)
යහපාලනයට මේවා පෙනෙන්නේ නැහැ. කැලේ කපලා පදිංචි කරන ඒවා පේන්නෙත් නැහැ. අනේ මන්දා ලංකාවේ අහිංසක මිනිහෙක් කැලේ දර කෑල්ලක් කැඩුවොත් අවුරුදු ගාණක් හිරේත් දානවා. (නි)
නීතියක් නැති රටේ කැලයක් එළිකර ඔබත් ගෙයක් හදාගත්තා නම් හරිනේ (නි)