ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරිමේ මානුෂික මෙහෙයුම සඳහා එම රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ඇමරිකන් ඩොලර් 811,311 ක් (රුපියල් මිලියන 108 කට ආසන්න) ආධාර මුදලක් ලබාදීමට තිරණය කර ඇත.
ආධාර ගිවිසුමට අද (13) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ දි ජපාන තානාපති කෙනිචි සුගනුමා මැතිතුමා හා ද හේලෝ ටිරස්ටිහි වැඩසටහන් කළමණාකාර ඩෙමියන් ඕබ්‍රියන් මහතා අත්සන් තැබිණි.
ද හේලෝ ටිරස්ට් විසින් ක්‍රියාත්මක කළ උතුරු ශ්‍රි ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරිමේ මානුෂිය මෙහෙවර සඳහා වු ව්‍යාපෘතිය මඟින් උතුරේ ජනතාවට නැවත පැමිණ තම ජිවිකාවන් ආරම්භ කිරිම සඳහා ශ්‍රි ලංකා රජය මගින් ක්‍රියාත්මක වන බිම්බෝම්බ වලින් තොර ආරක්ෂිත ප්‍රදේශයක් ඇති කිරිම මුලික පරමාර්ථය වේ.
දැනටමත් හේලෝ බිම්බෝම්බ නිෂ්ක්‍රීයකරුවන් විසින් බිම්බෝම්බ 12000 කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර එම ප්‍රදේශ වල ජනතාව ජිවත් වන බව ඕබ්‍රියන් මහතා කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉවත්කර සංවර්ධනය කරන්න හොද අවස්ථාවක්. (ර)
බළලා මැටියෙන් වුණත් කම් නැත මීයන් අල්ලනවානම් (ම)
බොහොම හොඳයි (නි)
ඉක්මනින් බිම්බෝම්බ ඉවත් කරන්න ලැබේවා.! (ර)
ශ්‍රී ලාංකිකයන් දැන් සුද්දන්ට සමානයි ද? (ස)
ලංකාවට ගිය කලක් (ම)
හෙලෝ ට්‍රස්ට් එක ගිවිසුම අත්සන් කළේ ලංකා රජය වෙනුවෙන්ද නැත්නම් හෙලෝ ට්‍රස්ට් එක වෙනුවෙන්ද?අත්සන් කළේ හෙලෝ ට්‍රස්ට් එක වෙනුවෙන් නම් ඩෙමියන් ඕබ්‍රියන් ශ්‍රී ලංකා ධජයක් පිටුපස ඉඳගෙන සිටින්නේ ඇයි? මෙහිදී ජපාන තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් කඩ කර ඇති බව පෙනේ.හෙලෝ ට්‍රස්ට් එක බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා හොද වැඩ කොටසක් කරනවා විය හැකිය. නමුත් යුධ හමුදාව හා වෙනත් දේශීය රාජ්‍ය නොවන සංවිධානත් බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා හොද වැඩ කොටසක් සිදු කරති. ජපාන ආණ්ඩුවට කෙලින්ම මේ කර්තව්‍ය සඳහා ලංකා රජයට හෝ දේශීය රාජ්‍ය නොවන සංවිධානවලට ප්‍රතිපාදන ලබා දිය නොහැක්කේ මන්ද? (බ)