
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවශ්‍යතා තක්සේරුවට අනුව ගුවන් යානා විසි හතක් අවශ්‍ය බහු පැවසේ පැවසේ.
පසුගිය වසරේ අගෝස්තු දොළහ දිනට සමාගම යටතේ භෞතික හා මෙහෙයුම් ගුවන් යානා ඇණි පිළිවෙලින් 22ක් සහ 18 ක් විය.
ඉන් ගුවන් යානා තුනක් 2013 වර්ෂයේ ඔක්තෝබර් 29 දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව ඇත. එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2023 වසරේ මාර්තු 31 දිනට අලාභය රුපියල් කෝටි 59960ක් බව එම වාර්තාවේ දැක්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කිව් නොකිව් අලාභවල බර දරන්නේ අහිංසක දුප්පත් ජනතාව ද ඇතුළුව බව දැනදැනත් රජය මෙම ව්‍යාපාරය තවදුරටත් පාඩු ලබමින් පවත්වාගෙන යන්නේ ඇයි ... බලය ලබා ගැණීමට පෙර කිව් වැඩ කිඩ කෝ.....රජය ව්‍යාපාර නොකළ යුතුය..
ගුවන් සේවයේ විශාලත්වය වෙනුවට, අවශ්‍යතාවය මත සලකා කුඩා කොට පවත්වාගෙන යන්නේ නම්, අලාභය අඩු කර ගත හැකියි. ශ්‍රී ලාංකික මගින් Dubai හෝ Singapore වැනි hub වෙත ගෙන යෑම ප්‍රමාණවත්. විශාල ගුවන් යාන තබාගෙන යුරෝපයේ හෝ ඈත ගමනාන්ත වෙත ගෙන යාම අනවශ්‍ය නාස්තියක් යෑයි හැගේ. විශාල ගුවන් යාන සමගම් රාශියක් ඇති බැවින් ඒවා සමග තරග කිරීම පහසු නොවේ. ඉන්දියාවේ පැවති ගුවන් යාන සමාගම් රාශියක් පහුගිය කාලය තුල බංකොලොත් වී කඩා වැටුණු අතර, මෙහි ඇති බැරාරුම් කම එමගින් පෙනේ. මේ නිසා පාඩුව අවම කර ගැනීම සදහා, ආර්ථික කියවෙන පරිදි, scale down කිරීමක් කිරීම අත්‍යවශය කාරණයක් බව පෙනේ.
අපට අවශ්‍ය කලාපය ආවරණය සඳහා ජනප්‍රිය ගමනාන්ත වලට සේවය කරන කුඩා ගුවන් සේවයක් බව ඇත්ත නේද? දුර මහාද්වීපික ගමනාන්ත වලට ඕනතරම් ජාත්‍යන්තර ගුවන් සේවා තියනවා. අනික හැමදාම ප්‍රමාද ගුවන් සේවයක ඵලක් නෑ.වැදගත් ගමනක් හෝ අමාරුවෙන් ඉතිරි කර සැලසුම් කරන පවුලේ සංචාරයකට සුදුසු නෑ.ගමන කඩාකප්පල් වුනොත් වන හානිය නිසා.