හිටපු ප්‍රභූ කතකගේ කොණ්ඩය සැකසූ කෙනකුටද ගිය රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇතැයි විදේශ ඇමැති මංගල සමරවීර කියයි.
ගිය රජය සමයේ 2800 දෙනකුට මෙම බලපත්‍ර නිකුත් කර ඇතැයිද එම ප්‍රමාණය එවැනි රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඇමරිකා රජයවත් නිකුත් කර නැතැයිද ඇමැති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහෙන් ඔරෝ කියවන්නේ නැතුව නියම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැටියට සාක්ෂි ඇතුව ජනතාව දැනුවත් කරන්න. දැන් මාස ගානක් තිස්සේ කියනවා අහවලා අරක කරා මේක කරා කියලා. හැබැයි ඔප්පු කිරිල්ලක් නැහැ. ඒ වගේම තමන්ගේ සහෝදරයන්ට සලකපු හැටිත් කතාකරන්නේ නැහැ.(අ)
යහපාලනය පත්කළේ පහුගිය වැරදි හදන්නනේ. දැන් මොකක්ද මේ වෙන්න යන්නේ. (නි)
කම්මනා වසලෝ හෝති -කම්මනා හෝති බ්‍රාහ්මණෝ - නජජ්ජා වසලෝ හෝති -නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ... (නි)
මම අසා ඇති අන්දමට හිටපු ජනාධිපති උතුමාණන්ට බාබර් ට අමතරව ඔහුගේ කොණ්ඩය සහ රැවුල කළු කර පාට කිරීමට සහ ඔහුගේ ආර්යාවගේ කොණ්ඩය පාට කිරීමට පමණක් තවත් සේවකයකු ඉඳලා ඉහල වැටුපක් ලබමින් , වයසට වඩා අඩු වයසක් පෙන්වීම තමා ඔහුගේ රාජකාරිය (බ)
අපේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන පර්මිට් එක ලක්ෂ 200 ක් විතර වෙනවා. අපේ මන්ත්‍රීවරු 225 ක් විතර ඉන්නවා. රජයට විශාල බදු මුදලක් අහිමි වෙනවා. මේ අනවශ්‍ය වරප්‍රසාද ඉවත් කරලා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර කීපයක් රජයේ ඉස්පිරිතාලවලට ලබා දෙන්න කියල අගමැතිතුමාගෙනුත් ජනාදිපතිතුමාගෙනුත් කාරුණිකව ඉල්ලනවා. (අ)
මෛත්‍රී මහත්තයට මේ වෙලාවේ කල හැකි වැදගත්ම දේ නම් ජම්බෝ කබිනට්ටුවත් සමගින් නැති වූ ජනතා විශ්වාසය යළි අත්පත් කර ගැනීමයි. කැබිනට් සංශෝධනයකින් හෝ ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. මේක මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන ප්‍රධාන පොරොන්දුවක්නේ.ජාතික ආණ්ඩුවක් හින්ද කාටවත් පනින්න තැනකුත් නැහැ. රනිල් මෛත්‍රී දේපල දැඩි ස්ථාවරයක සිටියොත් මේක පහසුවෙන් කරන්න පුළුවන්. අනික මෛත්‍රී මහත්තය ජනතා විශ්වාසය දිනා ගත්තොත් ඔය කව්රු නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ජනතා විශ්වාසය දරුණු ලෙස පලුදු වීමට ප්‍රථම කැබිනට් සංශෝධනයක් ගෙනෙන්න. ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. (අ)
මංගල මහත්තයෝ ,ගොඩක් දෙනා කියනවා වගේ වහෙන් ඔරෝ නැතුව කෙළින්ම නම් ටික කියමුකෝ. අපිටත් ආසාවක් තියෙනවා අපේ බදු මුදල් වලට මොකද වුණේ කියලා හරියටම දැනගන්න. මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්නේ නැතුව කෙළින්ම පොල්ලෙන් ගැහුවා වගේ කියමු සේරම නම් ටික. (නි)
රට තමන්ගේ බුදලේ වුනහම මොනවා කරන්න බැරිද අප්පා ? (බ)
අනේ වෙච්චි දේවල් නොවේ තවම අලුතින් එක හොඳ සංවර්ධන වැඩක් වත් පටන් ගත්තේ නැහැ නේද. හොරු අල්ලන ගමන් කයිවාරු නැතිව වැඩ පෙන්වන්න බලන්න. නැතිනම් අපිටත් කියන්න වෙන්නේ අලිමංකඩ යනවා කියල පාමංකඩ තමයි යන්නේ කියල තමයි. (ම)
අපේ විදේශ ඇමති තුමාට විෂය පථයට අදාළ වැඩ නැතිද. මේ දක්වා කියුම් විතරයි , තවම එක හොරෙක් වත් අල්ල ගන්න බැරි වුණා නේද. අලුත් ආණ්ඩුවේ යටත් හැම විනාඩියකටම වියදම් වෙන්නේ අපේම සල්ලි තමයි.. (ම)
අච්චර දුන්නා මෙච්චර දුන්නා කියන්නේ නැතිව පුළුවන්නම් නම් දීපා තියෙන කට්ටියගේ නම් ටික දුන්නු දිනත් එක්ක ප්‍රසිද්ධ කරමු නේද ? (බ)
කලින් සිටි රජය මෙම රජයේ සොරුන් මැරයන් ආරක්ෂා කළා මෙන්ම , නව රජයද එදා කලින් සිටි රජයේ සොරුන් මැරයන් රැකිම අනිවාර්යක් , දේශපාලන වාසි තකා වාචික මඩ ගැසිම දෙපැත්තම කරනවා , අපි ඕවාට රැවටෙනවා හැමදාම(අ)
මෙච්චර හොරකම් කරා කියනවා මිසක් අල්ලලා දඩුවම් දීපු එකෙක් කියමු බලන්න (ම)
අපේ සල්ලි නේද මේ.? (ර)
මොකට අපි මරාගන්නවද අප්පා මේවට.තව තවත් මෙයාලටම චන්දෙ දීලා පත් කරගමු කාගන්න බැරිනම් විකාගනිල්ල කියලා.මොකා ආවත් ජනතාවට ඇති සෙතක් නැහැනේ,....(රේ)
මෙම පවුල් වල සිටි බාබර්ලා සහ සුළු සේවකයන් පමණක් නොව , මොවුන් ළඟ සිටි සුරතල් බල්ලන් පවා අපට වඩා සැප වින්දා , අපිට වඩා හොඳ කෑම බිම කාලා ආදරය ලැබුවා (රේ්)
නෙළුම් කුළුනෙත් සමහරු ගෙවල් හදන්න බලං හිටියා කියා ආරංචියි. අපේ බදු සල්ලි. (ත)
පසුගිය රජය යටතේ රටේ නායකයාගේ සහ පවුලේ අයගේ කොණ්ඩ කපන බාබර්ලා , රුප විලාසිත කරන අය , තේ කොපි හදන කුස්සියේ අය , සියල්ලන්ට රජයේ විශේෂ ගුවන් ගුවන් ගමන් බලපත් සමග ගුවන් ගමන් සහ යන රටේ හොටෙල් කාමර වලටද වියදම දැරුවේ රජයේ මුදලින් (අ)
පසුගිය රජයේ බලවතුන් ළඟ බලු කුක්කෙක් වෙන්නත් වාසනාව තියෙන්න ඕනෑ. සමහරු නම් ඒකට ඊර්ෂ්‍යා වගේ (නි)
කුරුදු පොල්ලෙන් ගැහුවා වගේ නම් ටික කියන්නකෝ (ත)
මේවයින් වෙන්නේ රජය නිකන් හෑල්ලු වෙන එකයි. (ත)
එහෙම තමයි. පසුගිය රජය නොමැති නම් තවමත් බෝම්බ පුපුරනවා. ඉතින් සැළකුවට මොකද වෙන්නේ? අපිට මතකයි කවුරු කවුරුත් ඒ කාලයේ කියපු කතා (නි)
මෙම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර අවලංගු කරන එක එච්චර අමාරු දෙයක් නොවෙයිනේ. (නි)
මේ මේ... අපේ ලොක්කන්ට අපහාස කරන්න එපා හොඳේ! (නි)
අරයා ගැනයි, මෙයා ගැනයි, අරයා මෙච්චර හොරකම් කළාලු අච්චර හොරකම් කළාලු කිය කියා ඉන්නවා මිසක් එක් කෙනෙක්වත් අල්ලලා හිරේ දාලා නැහැ. මේ ඔක්කොම අපිට හිනාවෙනවා ඇති. මට නම් දැන් මේවා අහලම එපාවෙලා. (නි)
දන්නේ නැති නිසා අහන්නේ. එතකොට මේ ආණ්ඩුව මොකුත්ම කරන්නේ නැතුව ඇති නේද? මේ ගොල්ලෝ කරපු ඒවා දැනගන්න වෙන ආණ්ඩුවක් එනතුරු බලන් ඉන්න වෙනවා. (නි)
අපිට දැනෙන විදියට දැන් ඉන්න අයගේ කෙරුවාවල් එළිවෙන්නේ තව රජයක් පත්වුණදාට. මේ අය කවුරුත් එකයි බලනකොට. (නි)
ඒක විතරද? තව හොයා බලන්න (නි)
ඔවුන් කරන හැරි වැරදි කුමක් වුණත් කමක් නෑ (බ)
රිචි බාලසුරිය, නොදන්නා මෝඩ කතා කියා, ත්‍රස්තවාදයෙන් රට මුදාදුන් හිටපු නායකයට මඩ ගහන්න එපා (නි)
අනුන්ගේ ඒවා කියනවා. ඒ කාලේ කවුරු කවුරුත් කළ කී දේ අපිට මතකයි (නි)
කාගේ කාගේත් මුහුණත් තහඩු වල වළවල් වහන්න, සීමිත වූ කොණ්ඩ ගස් ටිකෙන් අසීමිතවූ තට්ට වහන්න ඇතුළු තව තව යටිතල පහසුකම් දෙන්නත්, කට්ටිය එදත් ගෙනගියා අදත් ගෙනයනවා ඇති.ඔයවගේ පහසුකම් ගන්න ඕනෑ නිසා නේද මැතිවරනෙට ඉස්සර ගස් ගල් තාප්ප පුරා පනාව දාගෙන වැඳගෙන ඉන්නේ? අතින් වියදම් කරලා නම් නොවන බව මහජනයා දන්නවා (නි)
පෙරේරා ඔය හරි. මේ ආණ්ඩුවේ රෙදි ගැලවෙන්නේ වෙන ආණ්ඩුවක් පත් වුණ දවසට. (ත)
දැන් වරද නිවැරදි කරන්න. චෝදනා නිසිලෙස විභාග කරන්න (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)