මත්පැන් බී අඹූ දරුවනට හිරිහැර කරතියි කියන සැමියකු මත් පැන් බොන කාල සීමාවේදී වීරඹුගෙදර පොලීසියේ පෙනී සිටින ලෙස කුරූණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය
බිරියට හා දරුවනට වද හිංසා කරතියි කියන මේ සිව් දරු පියා යහමගට ගැනීමට නම් සිරගෙට යැවීමෙන්වත් දඩ ගැසීමෙන්වත් පළක් නැතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය
පොලිස් පරීක්ෂක ලක්දාස් අබේගුණවර්ධන මහතා-
දිනපතාම සවස 5 ට පෙර මත් පැන් බීමට පුරුදුව සිටි සැකකරු ගෙදර ගොස් අඹු දරුවනට හිරිහැර කරනවා.
මහේස්ත්‍රාත්
එහෙම නම් මොහුට දඩ ගැසීටමන්වත් හිර ගෙට දැමීමෙන්වත් පළක් නෑ .බොන වේලාවට (5.30-8.30) පොලීසියේ රඳවා තැබීමට නියෝග කරනවා.
රුපියල් 2500 ක ඇපයක් මත නිදහස් කළ ඔහු ඇප අවලංගුකර උපරිම දඩයක් සමග සිර දඩුවම් නියම කරන බවද මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවට බුදුන් පවා පය තැබුවේ උතුම් සිතින් දෙතුන් විටක් කියලා... මම කුඩා කාලේ පාසලේදී ඉගෙන ගත්තෙමි, නමුත් වර්තමානයේ හෙළබිමේ හැම හන්දියක් ගානේම මත්පැන් හල්, ලංකාව බේබදන්ගේ පාරාදීසයක් වෙලා, සමහර උදවිය මේක ආදර්ශමත් දඩුවමක් කියලා කියනවා, මතට තිත කිවුවට තිතට වැඩ නම් යස අගේට සිද්ධ වෙනවා. (නි)
මාර දඩුවමක් තමයි, දැන් මෙයා බොන වෙලාව මාරු කරගනියිද දන්නේ නැහැ (නි)
කුමාරි, මොකද අනේ ඔයා බොන මිනිස්සු එක්ක ඔයතරම් තරහින් කතා කරන්නේ? කවදා හරි ඔයාටත් බොන මනුස්සයෙක් කසාද බදින්න සිද්ධ වුණොත් ? (නි)
දැන් මේ මනුස්සයා පොලීසියේ මහත්වරුන්ටත් බොන්න පුරුදු කරයිද දන්නේ නැහැ. (නි)
ලොකු දෙයක් අහිංසක ගැණු කෙනයි දරුවොයි බේරුව එක. මිනිස්සු ජිවන වියදම ඉහලයි කියා ා කෑ ගැහුවට බොන එක නවත්තන් නැහැනේ. බොන නිසාම තමා හැමදාම ගොඩ එන්න බැරි. (නදී)
ඔය තියෙන්නේ නියම දඬුවම් දැන් ඉතින් බිපන්කෝ ! (නදී)
රෑ 8.30න් පස්සේ බොන්න පටන් ගනීවිද දන්නේ නැහැ. (නදී)
අන්න ප්‍රායෝගික වැඩ. ස්තුතියි ඔබට (නි)
දඬුවම නම් නියමයි ,ඒත් ඉතින් පොලිසියේත් බොන අය ඉන්නවා, ඒ අයත් එක්ක එකතුවෙලා බොන්න පටන් ගනී ද? (නදී)
නියමයි. (නදී)
කුමාරිගේ මහත්තයා 'ෆුල් ටයිම්' බොන කෙනෙක්ද? (නි)
මේ දැන්වීම් බලන්න විදියක් නැනේ ලංකාදීප සයිට් එකේ නිවුස් දානවනේ (නදී)
එතකොට බේබදු .....? (නදී)
ඒක තමයි මමත් කල්පනා කෙරුවේ. 8.30 න් පසුව හොදම වෙලාවනේ. නේද විජේ.(නදී)
ෂෙරිෆ් උන්නහේ, බුදුන් වහන්සේ මේ අපේ ලංකාවට ආවා කියලා ඔප්පු කරන්න පිළිගන්න තරම් සාදක ටික කියන්නකෝ. කාටත් දැනගන්න? (නදී)
අපිට ඉතින් ඉක්මන් තීන්දු ලැබෙන්නේ මේ වගේ නඩු වලට තමයි (නි)
දෝනිගේ පළමු ප්‍රේමය පියා. පුතාගේ පළමු වීරයා පියා. බිරිඳගේ මුළු ලෝකයම තමා ස්වාමි පුරුෂයා. මේක තමා පවුල් ජීවිතය කියන්නේ. පුතා තමා පියාගේ සියලු ගති පැවතුම් හා ඇඳුම් පැළඳුම් ගැනත් දැඩි අවධානයක් යොමු කරාවි. "ලොකු වුනහම මමත් තාත්ත වගේම වෙනවා" බොහෝ අවස්ථාවල් වල චූටිපුතා කියන කතා තමා මේවා. තමා පියාගේ සියලුම චාර්යාවන් දෙස පුතා එසේ අවධානය යොමු කරනවිට පියෙක් හැටියට අපේ දැඩි වගකීමක් තිබෙනවා කිසම අයහපත් දේවල් නොකරන්න. විශේෂයෙන් දුම් පානය හා වෙනත් දේවල්. සෑම දෙමාපියන්ගේම වගකීමනේ යහපත් දරුවන් අපේ රටට දායාද කිරීම. අපිම අපේ දරුවන් බේබද්දෙක් කරනවාද? මොකක්ද මේ තාත්තලා දරුවන්ට දෙන ආදර්ශය? මේක ලොකු පවක්. ඔය ජරාව බොන සල්ලිවලට දරුවන්ගේ යහපත වෙනුවෙන් වියදම් කරන්න. දරුවන් තමන්ගේ දෑස මෙන් රැකගන්න. විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ අනාගතේ අඳුරු නොකරන්න. මත්පැන් ..ඔබව ඕනෙම වරදකට ඉතා පහසුවෙන් පොළඹවයි.(නදී) .
මං හිතන්නේ බුද්ධිමත් උපක්‍රමයක් යොදලා තියෙන්නේ, මේ කෙනාව යහමගට ගන්න. (නි)
මෙහෙම ගියොත් ලංකාවේ බාගයක් පිරිමි හවස පොලිසියේ තියන්න වෙයි. (නි)
බාර් වහන්නේ 9 ට කියලා එයාලා දන්නේ නැතුව ඇති. (නි)
හරි ෂෝක් දඩුවම..!! (නි)
නියම තීන්දුව. නඩුකාර හාමුදුරුවන්ට අපේ ප්‍රණාමය! (නි)
බීලා අනික් අයට හිරිහැර කරන එකනම් වැරදියි.නමුත් මේ මනුස්සයව දොස්තර කෙනෙක් ළඟට පවුලේ අය යොමුකළ යුතුයි. (නි)
පිරිමියා ඔච්චර හිරිහැර කරනවා නම් බිරිඳ ඇයි එකට ඉන්නේ? එකට ඉන්න බැරි වුණත් උසාවි ගිහින් හරි එකට ඉන්නවා. (නි)
ලංකාවේ සියලුම බාර් වලටත් ඔය ක්‍රමය දැම්මා නම් මතට තිතම තමයි (නි)
දැන් 8.30 පස්සේ ගෙදරට පොලිසියෙන් දාන්න වෙයිද දන්නෙත් නැහැ (නි)
කව්රුවත් කලබල වෙන්න එපා. 8.30 පස්සේ බොන්න පටන් ගත්තොත් මිනිහ අමාරුවේ. මොකද ගෙදර අය නැවතත් නඩු දානවනේ.. එතකොට මිනිහ ලොකු අමාරුවක වැටෙනවා. මේක ආදර්ශමත් දඩුවමක්. (නදී)
මම ගොඩක් දුප්පතුන් අතර ලස්සන ගමක ලොකු මහත් වුනේ.ඒ කාලේ මේ ජරා අරක්කු පස්සේ මිනිස්සු ගියේ නෑ.සෑම ගෙදරකම වගේ හකුරු, පැණි හැදුවා. රා පොඩ්ඩක් බිව අය නම් හිටියා.දැන් සමාජයේ මිනිසුන් කෑම වැරදුනත් බිම වරද්දන් නෑ. එයාලගේ පලවෙනි කාරණේ බීම එහෙම අසරණ වුන අය දැකලයි මම බොන මිනිසුන්ට දොස් කියන්නේ. (ස)
ඒ අතින් අපි වාසනාවන්තයි (නි)
මහදැනමුත්තව මතක් වෙනවා .... (නදී)
ෆුස්රුල් ගෆූර් -කටාර් ,ඔබ නිතරම පොස්ට් කරන කොමෙන්ට්ස් වලින් හොද වැදගත් අදහස් ප්‍රකාශ කරනවා. ඔබව අගය කරන්න කැමැතියි. (නදී)
ඵස්රුල් ගෆුර් -ඔබගේ අදහස ඉතාම අගෙයි. කෙටියෙන්ම කියනවනම් යම් මවකට හෝ පියෙකුට කිව හැකිනම් " පුතේ උඹ මං වගේ වෙයන් කියල" ඔහු හෝ අය සාර්ථක පියෙක් හෝ මවක්. අපේ මේ වෑයම එයටයි. (නදී)
අනේ මගේ බිරිඳ නම් මම බීල ආවම දොර අරින්නේ නැහැ , එළියේ නිදාගෙන වෙරි හිදුනම සාක්කුවේ යතුරෙන් දොර අරගෙන ගිහින් හොරෙන් නිදගන්නවා , (නදී)
ඔන්න නීති, අල්ලස් ගන්න අයව පාර සුද්ද කරන්න දාමු. මේ වාගේ හොද නීති ටිකක් හදා ගමු (නදී)
අනේ කුමාරි අක්කේ ඔයාගේ කියමන 100% කින් මම නිවැරදි කරනවා ..අපි කුඩා කාලේ ගමේ සමහර ගෙවල් වල තාත්තල බීල ඇවිත් දරුවන්ට බිරිඳට ගහල ..එලවපුවාම අපේ ගෙදරට කාඩා ගෙන එනවා දරු පැටව් ටිකත් සමඟ ..අපේ අම්ම රෑ එළිවෙනකම් නවාතැන් දුන්නම ..ඒ බේබද්ද දැනගත්තොත් අපේ ගෙදරයි ඉන්නේ කියලා ..අපේ ගෙට රෑ එළිවෙන කම් ගල් ගහනවා ..ඒ කාලේ අද වගේ ..පොලීසි වලට කෝල් කරලා මහා රෑ නිදහසට කාරණා ගොනු කරනවා කියලත් නෙවේ ..ඉතින් අපේ අම්මයි ..අප්පච්චියි ..එලි වෙනකම් ගේ මුර කළා ..අපි හැමටම ..බීමත් පුද්දගල ඉන්න නම් කියන්නේ මම ..තමන්ට ඒ දේ අවශ්‍යනම් ..රැකියාවෙන් ගේ දොර අඩුපාඩු සියල්ලෙන් සම්පුර්ණ කරල ..සති අන්තේ යාළුවන් සමඟ අවශ්‍ය නම් මාසයකට දෙපාරක් ඒ සදහා ශෝෂල් විදියට තමන් යොමු වෙන්න ..දරුවන්ගේ බිරිඳගේ නිවසේ ආරක්ෂාව සුරක්ෂා කරලා ...?අපිට මතට තිත ..තියන්න මේ ආත්මේ ලැබෙන්නේ නැහැ ...? (ස)
මොකක්ද පොලිසියේ මහත්තයෝ ඕක , ඉන්නම්කො එළිවෙනකම් හරි, මගේ කෝට් එකයි පොඩි උම්බලකඩ පලුවකුයි දුන්නනම්, ඔහේ කොහේ හරි වැටිලා ඉන්නම්කො. (නදී)
කාලෝචිත දඩුවමක් !! (නදී)