ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කළ හොත් එමගින් ලංකාව ආර්ථික අවදානමකට පත්වෙතියි පවසමින් ජනාධිපති වෙත ඉදිරිපත් කිරීම සඳහා පෙත්සමකට අත්සන් කිරීම, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කොළඹ දී අද (13) සිදු කළේය.
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කළ හොත් එමගින් ලංකාව ආර්ථික අවදානමකට පත්වෙතියි පවසමින් ජනාධිපති වෙත ඉදිරිපත් කිරීම සඳහා පෙත්සමකට අත්සන් කිරීම, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කොළඹ දී අද (13) සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයෝ කියනවා මෙය කොහොම හරි අත්සන් කරනවා කියල. ඉතින් එයට විරුද්ධව වෙන මොනවද කරන්න පුළුවන්. (බ)
ඉන්දික ප්‍රසාද් ඔබත් සමග අප එකඟ වෙනවා වගේම දුර දිග හිතන නියම ශ්‍රී ලාංකිකයන් ට හැර මනසින් අන්ද පක්ෂපාට වලින් දෑස් බැඳගත් මිනිසුන්ට මෙහි බරපතල කම නොතේරෙනවා වගේම දැනගන්නට අවශ්‍යතාවයකුත් නැතිබව කරන ප්‍රකාශවලින් ගම්‍යවෙනවා. (ර)
ලංකාවට වඩා වැඩි විරැකියාවක් සහිත ඉන්දියාව සමඟ ගිවිසුම් ගහලා ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙ විත් ලංකාවටම "බබා හම්බවුණාම" තේරේවි කට්ටියටම. එතකොට කේන්දර හොඳ නැහැ කියලා මොනවා කරන්නද? (නි)
බබා ලැබෙන්න කලින් කේන්දර බලන එක, බබා හම්බුනාට පස්සේ තොවිල් නටනවට වඩා හොඳ නැත්ද? (ර)
අපේ මෝඩ ඡන්දදායකයට අද ඇතිවී තිබෙන තත්වය ශෝචනීයයි. අපේ ඇමතිවරු හැමෝම වගේ මේ සෙල්ලම් දාන්නේ මේ දුප්පත් ගැහැණු රටට ගෙනෙන සල්ලි වලින්. ඒ වගේම මම වගේ බහුජාතික සමාගම් වල වැඩකරන අය නව තාක්ෂණය මෙරටට විකුණා තම මඩිය තර කරගන්නා විට ඒ සඳහා පිටරට පටවන්නෙත් අර දුප්පත් ගැහැණු අපේ රටට ගෙනෙන විදේශ විනිමය. (නි)
පොල් ගස් නගින අය ඉංජිනේරු වැඩ කරන්න යනවා. ඉංජිනේරුවෝ නිකන් බලා ඉන්නවා (අ)
ඉන්දිය හමුදාව රටට කළ විනාශය වගේ දෙයක් මෙම ගිවිසුමෙනුත් රටට සිදුවේවි (හේ)
බුද්ධිමත් අය අනිවාර්යෙන් සිදුවන විපත කල් ඇතුවම දකිනවා. දේශපාලනය කරන අය ඉස්තාලය වහන්නේ අස්වයා පැන්නාට පස්සේ . (ර)
දොස්තරලා දන්නා ආර්ථික ප්‍රතිපත්ති... (ර)
මෙතෙක්කල් ආණ්ඩුවෙ කෙරුවාව දැක්කහම, ඊළඟට වෙන්න යන්නෙ මොනවද කියලා හිතාගන්න පුළුවන්. (නි)
යහපාලනයට කඩේ යාම දැන් සමහරුන්ට කලාවක් වෙලා (නි)
රජයට මේ ගැන සිහිගැන්වීම අගය කළයුතුයි (නි)
රටේ හැම වැඩක්ම එහෙම තමයි.කලින් කේන්දර බලපු නැති එකේ පල විපාක තමයි මේ දැන් අත් විඳින්නේ.(ම)
වින්සන්ට් මහත්මයෝ, ඔබ ගැසූ කතිරයේ බරපතලකම ඉදිරියේදීවත් වැටහේවා කියා පතමි (නි)
දොස්තරලා චන්නට වඩා ආර්ථික ප්‍රතිපත්ති ගැන දන්නවා කියන එක මට නම් විශ්වාසයි (නි)
බබා හොඳ නැතිබව දොස්තර මහත්වරු දන්නවා නම් මොකක්හරි පිළියමක් යොදමු (නි)
මේ තරම් කුහක වෙන්න එපා. රටට විනයක් වෙන්න යනකොට මේ මිනිස්සු කරන්නේ ඒ වැඩේ නවත්වන්න උත්සාහ කරන එක. (නි)
ඔය ගිවිසුම් නැතුවත් වකුගඩු එහෙමත් බද්ධ කළේ. ඉන්දියාවෙන් දොස්තරලා ඇවිල්ලා අඩු මුදලකට ප්‍රතිකාර කරන්න පටන් ගත්තොත් එහෙම මේගොල්ලන්ට කොන්දොස්තරලා වෙන්න තමයි සිදුවෙන්නේ (නි)
මේ සංගමය පහුගිය කාලෙ කිසිම දෙයකට විරුද්ධවුණේ නැහැ. සයිටම් එකේ ළමයි ඉගෙනගෙන ඉවරවුණාම ඒකට විරුද්ධයි, දැන් හැම එකටම විරුද්ධයි.... කොහොමද උගතුන් මෙහෙම වෙන්නෙ? (නි)
මෙයාලා ඉතින් මොනදේටද සහයෝගය දුන්නේ? (නි)
හැමෝම දන්නවා මෙයාලගේ උගත්කම. උගත්කම තියෙන්නේ ඔවුන්ගේ රැකියාවට අදාළව. මෙයාලා ආර්ථික විශ්ලේෂණය කරන්න තරම් දැනුමක් තියෙන අය සහ එවැනි දෙයකට අදාළව හදාරපු අය නෙමෙයිනේ. (නි)
බබා හම්බුනාට පස්සේ කරන්නේ දෙයක් නෑ නේ ඒකයි. කලින් කේන්දර නොබැලුවට තමයි අපි දැන් මේ ගෙවන්නේ (හේ)
වෛද්ය තුමනි , ඔබ ඔබේ කාර්ය වන ලෙඩුන්ට බෙහෙත් දීම නිසි ආකාරව කරන්න. රටේ ශ්‍රමික ප්‍රශ්නය, රජයට විසදන්න දෙන්න. මේවන විට රට තුල විශාල සේවක හිගයක් පවතිනවා. කර්මාන්තශාලා , හෝටල් , මෙහෙකාර සේවය , වැනි අංශ පරදන ලෙස. ඔබට මේසදහා විසදුමක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න. (මගේ අදහස ප්‍රකාශ කිරීම කිසිවකුටත් පහර ගැසීමට නොවන බව කරුණාවෙන් සලකන්න). (අ)
ඉන්දියාවත් එක්ක වෙළද ගිවිසුම් ගැහීම නම් හොද දෙයක් නෙවෙයි (බ)
බබා ලැබෙන්න පෙර කේන්දර නොබැලූ එකේ ප්‍රතිඵල තමයි අපි අද විඳින්නේ. වෛද්‍ය සංගමය සමඟ තියෙන ගැටළු අපි ඇතුළෙදි විසඳා ගනිමු. ඔවුන් මේ කියන දෙය ඒ සංගමයට විතරක් අදාළ දෙයක් නොවෙයි. මුළු රටම ගිලගන්න ආ රකුසෙක් (නි)
ඔබගේ මාතෘකාව ගැන පුදුම වෙමු , රටේ ඉහළම බුද්ධිමතෙකුට, රටට වෙන හානිය කල්තිය දෙනගත් හැක. (ම)
මේක වෛද්‍ය සංගමයක්ද දේශපාලන සංවිධානයක්ද? (බ)
බබා හම්බුනාට පස්සේ කරන්න දෙයක් නෑ නේ ඒකයි. කලින් කේන්දර නොබැලුවට තමයි අපි දැන් මේ ගෙවන්නේ... (ර)
රටේ ඉහළම බුද්ධිමතෙකුට, රටට වෙන හානිය කල්තියා දැනගත හැක. (ර)
වෙල්ගම, ඔබ හරියට හරි. ඒක තවමත් කාටවත් තේරිලා නැති ඒක තමා පුදුමේ... (ර)
බුද්ධිමතුන් දේශපාලනීකරණය වෙන එක තමයි ලෙඩේ. එකට බේත් දෙන්නේ කවුද.? (ර)
ලංකාව නිදහස ලැබුන දවසේ ඉඳලා පිරිහුණා මිස දියුණු වුණේ නැහැ. ඉන්දියාව කියන්නේ ලෝකෙට තියෙන එක පිළිලයක්. ඉන්දියන්කාරයෝ ක්‍රිකට් වලට කරන අපරාධය පෙනෙන්නේ නැද්ද? රටේ දරුවන්ගේ අනාගතය විකුණන්න දෙන්න එපා.
මෙම උගතුන් ඒ පිළබඳ ක්‍රියාකාරී වීම අගය කල යුතුයි. දේශපාලකයන් මේ වනතෙක් රටට අත් කරදුන්නේ විනාශය පමණයි. (ර)
මොවුන් රටට ආදරේට නොවෙයි මේ වැඩ කරන්නේ. තමන්ගේ එ්කාධිකාරයට පහර වදින නිසා. ලෙඩ්ඩු ගැන හිතලම වැඩ කරන අයියලානේ මේගොල්ලෝ (නි)
බබාගේ කේන්දරේ බලන්න කලින් ස්කෑන් කරලා බලන්න ඕනි අංග විකලද කියල.ඒවාට ප්‍රතිකාර ඒ අවස්ථාවේම කරන්න ඕනි. (බ)
අනෙකුත් සංගම් ඉදිරිපත් නොවන කල, වෛද්‍ය සංගමයේ මැදිහත්වීම ඉතා අගයකොට සළකමි. කොන්දේසි විරහිතව සැමගේ සහය ඔවුන්ට ලබාදෙන්න. මෙය රටේ ඉදිරි අනාගතයට තදින්ම බලපාන ක්‍රියාවකි (නි)
බබා හම්බවෙන්න කලින් බබා ගැන කියන්න තරම් දැනුමක් දොස්තරලට කොහොමත් තියෙනවනේ. දොස්තරලා නොවුණත් මේ ගිවිසුමේ ප්‍රතිඵල ගැන අපිටත් හිතාගන්න පුළුවන්. අපිට වැඩිය අඩු කම්කරු කුලියක් තියෙන රටක් එක්ක, එක සමාන නිෂ්පාදන නිපදවා අපි කොහොම තරඟ කරන්නද? රටවල් දෙකේ ජනග්‍රහණය දෙස බැලුවත් ඔක්කොම වාසි යන්නේ ඉන්දියාවට. මේක නොතේරෙන නායකයෝ මොකටද අපිට? (නි)
අනාගතයේදි, ලංකාවෙ තරුණයින්ට වෙනදේ ගැන අපිට නම් දුකයි. (බ)
වෘත්තිකයකුට අවදානමක් දුර තියා හඳුනා ගත හැක....(බ)
වෙල්ගම සමග 100% එකඟයි. (බ)
පවතින රජයක් නිවැරදි මඟක ගෙනයාමකට දරණ උත්සාහයක් නම් එය අගය කළ යුතුය. එහෙත් ජනතාව විසින් පත්කර ගත් රජයක් අපහසුවට පත්කිරීම, අහිංසක රෝගීන් බිල්ලට ගෙන තම ආත්මාර්ථකාමී ඉල්ලීම් ලබාගැනීම, ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයන් ගොඩ ගැනීමට උත්සාහ කිරීම මෙම ක්‍රියාදාමය තුළ පවතින්නේද යන්න අපි බලා සිටින්නෙමු. (ර)
මෙහි යම් සැකයක් ඇති වෙනවා. ඇයි මේ වෛද්‍ය සංගමය මෙතරම් මෙයට විරුද්ධ. මොවුන්ගේ ඒකාධිකරිය මෙම ගිවිසුම මඟින් අහෝසි වෙයිද? රෝගින්ගේ යහපත සඳහා මොවුන් කරන්නේ අල්ප වු දේවල්. නමුත් මොවුන්ට තර්ජනයක් වු කල රෝගින් ප්‍රාණඇපයට ගැනිමට මොවුන්ට කිසිම පැකිළීමක් නැත. මෙම ගිවිසුම නිසා ජනතාවට කෙසේවෙතත් මොවුන්ට යම්කිසි තර්ජනයක් ඇති වන බව පැහැදිලි වේ. (නි)
වෛද්ය සංගමය මේ ගැන මේතරම් හදිසි වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව මෙමඟින් පුද්ගලීක රොහල් වලට පිටින් වෛද්‍යවරු විත් තම පොකැට්ටුවට වන පාඩුව ගැන ඇති බයටය. නැත්නම් රජයේ රෝහල්වල සැපිරිය යුතු බොහෝ දේ ගැන මෙයලා ඉතාම නිහඬය. රජයේ වැට් බද්ද පුද්ගලීක රෝහල් අයකිරීමේදී තම ගාස්තුවෙන් අඩුකර මහජනතාවට සහනයක් දෙන්න. (නි)
ලත් අත්දැකීම් අනුව කේන්දරේ වේලාසනින් බැලීමේ වරදක් නැත. (බ)
මෙය වෛද්‍ය සංගමයකි. උගතුන්ගේ බුද්ධිමතුන්ගේ යහපත් දැක්ම රටට වැඩ දායක විය හැක. (බ)
බටහිර වෙද ක්‍රමයෙ කෙන්දර නැත. බබා ඉපදෙන්න පෙර ස්කැන් පරීක්ෂණ කර බලා දරුව කොහොමද බලයි. මවගේ ජීවිතයට තර්ජනාත්මක තත්ත්ව ඇතිදැයි බලයි. එසේ නම් ඉදිරියට ගතයුතු දේ තීරණය කරයි... මෙම ගිවිසුම ලක් මවගේ ජීවිතයට තර්ජනයකි.. එසේනම් අප ලක් මව රැක ගැනීමට මේ ගිවිසුම අදම නවතා දැමිය යුතුය..(බ)
මධු , මොන රජයක් යටතේ හෝ රටට විනාසයක් වෙන්න යනකොට මොන සංවිධානයක්, සංගමයක් උනත් එකට විරෝදය පෑමට ප්‍රජාතන්ත්‍රවාදී රටක ඇති අයිතියට ඔබට අබියෝග කල නොහැකියි. ඔබගේ දේශපාලන පාට කුමක් උවත් රටට විනාශයක් වෙන දෙයකදී ඒ ගැන නොබියව හා අවංකව අදහස් ප්‍රකාශ කරන්න පක්ෂය පැත්තකට දාලා. නැත්තම් ඔබට පක්ෂය ඉතුරු වේවි නමුත් ඉන්න රට නැති වේවි. (ර)
මධු, මේකේ තියෙන භයානක කම මේ අයට තේරුන නිසයි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ. අනික් අයගේ කොමෙන්ටුත් කියවල බලන්න ඔයා ඉන්නේ කොතනද කියලා. (ර)