IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසෙත් මම ගොඩක්ම සතුටුවුණ දවසක්

2016-10-08-ent-129

වර්තමාන කලා ක්ෂේත‍්‍රයට බිහිවූ කටකාර, දඟකාර, හැඩකාර රංගන ශිල්පිනියක් විදියට පේ‍්‍රක්ෂක ප‍්‍රහර්ශයට පත්වූ කලාකාරිනියක් තමයි ලෝචනා ඉමාෂි.

කුඩා කල සිටම නිවේදිකාවක් ලෙස පේ්‍්‍රක්ෂකයන් අතරට පිවිසි ඇය පසු කලෙක ඒ ඔස්සේ රංගන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණා. ඉතා කෙටි කලකදීම කලා ක්ෂේත‍්‍රයේ කොයි කව්රු අතරත් වැඩි කතාබහට ලක්වන චරිතයක් වීමට ඇයට හැකිවූයේ රූප ස්වභාවය මෙන්ම ඊටම ගැළපෙන දඟකාරකමත් නිසා වෙන්නට ඇති.

මවක වීමේ අභිමානයෙන් පසුවන ලෝචනා මේ දිනවල නම් කෙටි නිහැඬියාවක තමයි පසුවෙන්නෙ. ක්ෂේත‍්‍රයට නැතිවම බැරි තාරුකාවක් වූ ඇය වෙනුවෙන් තමයි මෙවර ‘‘ජීවිතේ මල්’’ වෙන්වන්නේ.

 

2016-07-30-ent-37
2016-10-08-ent-128මගෙ ජීවිතේ මම ගොඩක්ම සතුටුවුණ දවසක් තමයි පොඩි කාලෙදිම මට ළමා නිවේදිකාවක් ලෙස වැඩකරන්න ලැබීම. ස්වර්ණවාහිනියෙ ‘‘හුරුබුහුටි’’ වැඩසටහනෙ තමයි මම මුලින්ම නිවේදන කටයුතු කළේ. පළමු වතාවට තමයි පොඩි ළමයි දෙන්නෙක් සජීවී වැඩසටහනක් ඒ විදියට ඉදිරිපත් කළේ. ඒ අවස්ථාව ලැබීම මගෙ ජීවිතේට ලැබුණු ලොකු ජයග‍්‍රහණයක්. ඉතින් මට මුලින්ම ඒ වැඩසටහන මෙහෙයවපු දවසෙ දැනුණු සතුට වචනවලින් විස්තර කරන්න බැරි තරම්.

 

2016-07-30-ent-38
අපි O/L විභාගය කරලා ප‍්‍රතිඵල එනකම් බලාගෙන ඉඳලා A/L වලට සූදානම් වෙනවනෙ. ඉතින් A/L වලින් පස්සෙ අපේ O/L කාලෙ හිටපු යාළුවො එක එක විෂයන්වලට බෙදෙනවනෙ. එහෙම බෙදෙද්දි මම තෝරගත්තෙ කලා විෂයන්. ඉතින් කොහොමහරි අහම්බෙන් වගේ අපේ හිටපු හොඳම යාළුවො ටික නැවතත් A/L පන්තියෙදි මුණගැහුණා. අපි ඔක්කොම නැවතත් ඒ විදියට මුණගැහුණෙ අහම්බෙන් වගේ. නමුත් අපි එකම විෂයන් තෝරගෙන තිබුණෙ. ඉතින් ඒ අපි හැමෝම එකම පන්තියකට වැටුණු දවසෙ හරිම සතුටක් දැනුණා. ඒ කාලෙ හරිම සුන්දර විදියට ගතවුණේ. ඒ වගේ සොඳුරු කාලවකවානුවක් ආයෙත් එන්නෙ නෑ. කවදාවත්ම අමතක නොවනම කාලයක්. ආයෙත් යන්න තියනවනම් කියලා හිතෙනවා.

 

2016-07-30-ent-39
මම A/L විභාගය අවසන් කරලා ජනසන්නිවේදනයට තියෙන ආසාව නිසා එය වැඩිදුර හදාරන්න හිතුවා. ඒ වෙනුවෙන් ලාල් හේමන්ත මහත්මයා මෙහෙයවන මාධ්‍ය හා ජනසන්නිවේදන ඩිප්ලෝමාවට සම්බන්ධ වුණා. එහිදී අවසානයේදී හොඳම ප‍්‍රවෘත්ති නිවේදකයා, හොඳම වැඩසටහන් නිවේදකයා, තිර රචනය යනාදී ඛාණ්ඩ යටතේ දක්ෂතා සපිරි පිරිසක් තෝරා ගත්තා. ඒ අතරින් මට හොඳම ප‍්‍රවෘත්ති නිවේදිකාව සහ හොඳම වැඩසටහන් නිවේදිකාව යන ජයග‍්‍රහණයන් දෙකම ලැබුණා. ඇත්තටම ඒ මොහොතෙ මට ලොකු සතුටක් දැනුණා. මම හිතුවෙ නෑ ඒ ජයග‍්‍රහණය ලැබෙයි කියලා.

 

2016-07-30-ent-40
මගෙ පළවෙනි මෙගා ටෙලිනාට්‍ය වන කාව්‍යාහි ප‍්‍රධාන චරිතයට පණ පෙවීමට ලැබීම මගෙ ජීවිතේ මම ලබපු තවත් ඉහළම සතුටක්. ඒ අවස්ථාව ලැබුණු දවසෙ මට ඇත්තටම හිතාගන්න බැරිවුණා. මොකද ළමා රංගන ශිල්පිනියක් විදියට කටයුතු කළාට පෙම්වතියගෙ චරිතය තුළින් මුල් වතාවට ප‍්‍රධාන චරිතයක් කරන්න අවස්ථාව ලැබුණෙ මෙමගින්. ඉතින් මම හරි ආසාවෙන් මේ චරිතය වෙනුවෙන් දායක වුණේ. ඒ මගෙ පළමු ටෙලිනාට්‍ය වුවත් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ වගේම ඒ චරිතය වැඩි කතාබහකට පවා ඒ කාලෙ පත්වුණා. ඒකත් මගෙ ජීවිතේ සුවිශේෂ මතකයක්.

 

2016-07-30-ent-41
මගෙ අක්කගෙ විවාහ උත්සවය දවසත් මගෙ මතකයෙ රැඳුණු තවත් සොඳුරු දවසක්. අපේ පවුලෙ ගෑනු ළමයි තුන්දෙනෙක්මයි ඉන්නෙ. ඉතින් අපේ ගෙදර තිබුණු පළවෙනි වෙඩින් එකත් ඒක. නෑදෑයෝ, යාළුවො බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් සහභාගි වෙලා හිටියා. ඒ දවස වගේම මගෙ වෙඩින් එකත් මතකයේ රැුඳුණු දවසක්. නෑදෑයො, යාළුවො ගොඩක් පිරිවරාගෙන ගත කරපු ඒ සොඳුරු දවස ජීවිතේ නොමැකෙන දවසක්. ඕනම ගෑනු ළමයෙක් ගොඩක් කාලයක් බලාගෙන ඉන්නවා ඒ දවස උදාවෙනකම්. ඉතින් තමන්ට සුුදුසු සහකරුවෙක් ලැබිලා විවාහවන දවස හරි ලස්සනයි. මගෙ විවාහය සිදුවුණේ යෝජිත විවාහයකින්. සේමිණී ඉද්දමල්ගොඩ අක්කා තමයි යෝජනාව ගෙනාවෙ. කොහොමහරි ඒ විදියට හමුවෙලා අවුරුද්දක් ඇතුළතදී අපේ විවාහය සිද්ධවුණා. ඉතින් හරි සුන්දර මතකයන් සපිරි දවසක් තමයි ඒ ගත වුණේ.

 

2016-07-30-ent-42
මගෙ මහත්තයා නෙදර්ලන්තයෙ ජීවත් වෙන්නෙ. ඉතින් ඒ නිසා මටත් ලංකාව අතහැරලා එහි පදිංචියට යන්න වුණා. ඉතින් එහෙ ගිහින් ඉන්න මට ගොඩක් අමාරු වුණා. මොකද මමත් මහත්තයත් එහෙ ගොඩක් තනිවෙලා හිටියෙ. කාත් කව්රුත් නෑ. මම ලංකාවෙ තනියම හිටපු කෙනෙකුත් නෙමෙයිනෙ. ඉතින් මෙහෙ කට්ටියත් එක්ක ඉඳලා එහෙ ගිහින් ඉන්න අමාරු වුණා. කොහොම හරි මට එහෙ ඉන්න බැරි නිසාම මහත්තයා ලංකාවට එන්න නැවත මට අවසර ලබාදුන්නා. ඒ අවසරයත් එක්ක මම නැවතත් ලංකාවට ආවා. ඒ ආපු මොහොතෙ මට දැනුණු සතුට මෙහෙමයි කියලා කියන්න බෑ.

 

2016-07-30-ent-43
මගෙ බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසෙත් මම ගොඩක්ම සතුටුවුණ දවසක්. විවාහයෙන් පසුව දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන දේ කාගෙත් සතුටට කාරණයක්නෙ. ඉතින් ඒ විදියට දරුවා මාස ගණනාවක්ම කුසේ තියාගෙන ඉඳලා මෙලොවට බිහිවුණ මොහොතෙ අම්මගෙ අතට දරුවව ගෙනත් දෙනවනෙ. ඉතින් ඒ ගෙනත් දුන්නු මොහොතෙ මට දැනුණු සතුට, ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න බෑ. මම කලින් කියපු හැමදේටම වඩා සතුටු හිතුණෙ ඒ මොහොතෙදි තමයි. මට ලැබුණෙ පුතෙක්ව. දැන් මගෙ ජීවිතේම සම්පූර්ණ වුණා කියන හැඟීම හදවතට දැනෙනවා. ඒ ගැන ගොඩාක්ම සතුටුයි.

 

ධනු විජේරත්න

 

related-ARTICAL

බබා හිනාවුණ ගමන් Photos එවන්න කියලා එයා රට ගියා

 

2016-09-24-ent-101

 



අදහස් (0)

බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසෙත් මම ගොඩක්ම සතුටුවුණ දවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 216 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site