IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බබා නිසා කාර්යබහුල වෙලා ඉන්න නිලන්ති

නිලන්ති ඩයස් පුංචි තිරයේ මෙන්ම සිනමාවේදී ද කැපී පෙනෙන තරුවක්. ඇය මේදිනවල නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන්නේ 'දෙරණ ස්ටාර් සිටි' වැඩසටහනත් සමගයි. ඒ පිළිබඳව ඇය අපත් සමග මෙසේ පවසා සිටියා.

"මේ දවස්වල දෙරණ ස්ටාර් සිටි වැඩසටහනත් සමග කාර්ය බහුලවෙලයි ඉන්නේ. එය ගායනය, නර්තනය, රංගනය කියන මේ සියලු අංග කැටිවූ වැඩසටහනක්නෙ. එක එක දවස්වලට වෙනස්ම වෙනස් තේමාවන් යටතේ තමයි වෙන්නේ."

"ඉතිං එහි වැඩකටයුතුවලට අමතරව බබාගේ සහ පවුලේ කටයුතුත් සමග තමයි මේ දවස් ටික ගෙවෙන්නේ. ඊට අමතරව පසුගිය දවස්වල අවුරුදු වැඩසටහන් තිබුණා. ඒවත් එක්ක තමයි කාර්ය බහුල වුණේ. මම දැනට මගේ නිර්මාණ කටයුතු සඳහා තාවකාලිකව සමුදීලයි තියෙන්නේ. "

"මොකද බබාගේ වැඩ කටයුතු නිසා. එයා තාම පොඩි නිසා මාව නිතරම හොයනවා. ඒකත් එක්ක දිගට යන වැඩ බාරගන්නේ නැහැ. දැනට දෙරණ එකේ වැඩකටයුතු යන නිසා වෙනත් වැඩ බාරගන්න කාලයකුත් නැහැ."

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

බබා නිසා කාර්යබහුල වෙලා ඉන්න නිලන්ති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site