මීට දෙසතියකට පෙරදී බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වූ සිනමා නිළිය බවට බිපාෂා බාසූ පත්වුණා. එයට හේතුව නම් ඇය හා ටෙලිනාට්‍යය හා සිනමා නළු කරන් සිං ගෝවර්ගේ විවාහය සිදුවීමත් සමගිනි. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් සුපිරි විවාහ මංගල්‍යයක් මැයි මස 13 වැනිදාට සිදුවීමට නියමිත බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ කලක් බොලිවුඩයේ සුපිරි නිළියක බවට පත්ව සිටි ප්‍රිටි සින්ටාගේය.
ඇය හා ඇමෙරිකානු ජාතික ජින් ගුඩ්නෆ්ගේ විවාහ ගිවිස ගැනීම මේ වසර මුලදී සිදුවූ අතර, එය උත්කර්ෂවත් ලෙස සැමරීම වස් ප්‍රිටි සින්ටා මෙසේ සිය විවාහ උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීමට අදහස් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
වාර්තා වන අන්දමට මැයි 13 වැනිදා පැවැත්වෙන විවාහ උත්සවය දකුණු මුම්බායිහි තරු හතේ සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා බොලිවුඩ් තරු, දේශපාලන තරු මෙන්ම සිය හිමිකාරීත්වය දරන "කිංග්ස් ඉලෙවන් පන්ජාබ්" කණ්ඩායමේ ක්‍රිකට් තරු ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් තරු බොහොමයකටද මේ සඳහා ආරාධනා කර ඇති බව සඳහන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd