IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බිපාෂාට පස්සේ ප්‍රිටී සින්ටා

මීට දෙසතියකට පෙරදී බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වූ සිනමා නිළිය බවට බිපාෂා බාසූ පත්වුණා. එයට හේතුව නම් ඇය හා ටෙලිනාට්‍යය හා සිනමා නළු කරන් සිං ගෝවර්ගේ විවාහය සිදුවීමත් සමගිනි. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් සුපිරි විවාහ මංගල්‍යයක් මැයි මස 13 වැනිදාට සිදුවීමට නියමිත බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ කලක් බොලිවුඩයේ සුපිරි නිළියක බවට පත්ව සිටි ප්‍රිටි සින්ටාගේය.

ඇය හා ඇමෙරිකානු ජාතික ජින් ගුඩ්නෆ්ගේ විවාහ ගිවිස ගැනීම මේ වසර මුලදී සිදුවූ අතර, එය උත්කර්ෂවත් ලෙස සැමරීම වස් ප්‍රිටි සින්ටා මෙසේ සිය විවාහ උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීමට අදහස් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

වාර්තා වන අන්දමට මැයි 13 වැනිදා පැවැත්වෙන විවාහ උත්සවය දකුණු මුම්බායිහි තරු හතේ සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා බොලිවුඩ් තරු, දේශපාලන තරු මෙන්ම සිය හිමිකාරීත්වය දරන "කිංග්ස් ඉලෙවන් පන්ජාබ්" කණ්ඩායමේ ක්‍රිකට් තරු ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් තරු බොහොමයකටද මේ සඳහා ආරාධනා කර ඇති බව සඳහන්.  



අදහස් (0)

බිපාෂාට පස්සේ ප්‍රිටී සින්ටා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site