ඉන්දියාවේ බෝපාල්හි වන්දනා ගමනක් සඳහා යමින් සිටි ශ්‍රී ලාංකිකයකු ආන්ද්‍රා ප්‍රදේශ් හි දී අතුරුදන්වී ඇතැයි වාර්තාවේ.
ඩබ්ලිව්.ස්ටීවන් රත්නායක (78) මහතා එසේ අතුරුදන්වී ඇත.
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්ගේ පැමිණිල්ලක් අනුව එරට රජයේ දුම්රිය පොලිසිය ඔහු සොයා පරීක්ෂණ පවත්වයි.
ස්ටීවන් රත්නායකගේ පුතා වන නිශාන්ත රත්නායක මහතා කියනුයේ තම පියා උඩුගම්පොළ පදිංචිකරුවකු බවයි. ඔහු වන්දනාකරුවන් 125 දෙනකු සමග දින 15ක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා සංචාරයකට එක්ව සිටියේය. ඔවුන් කටුනායක ගුවන්තොටුපළේ සිට චෙන්නායි දක්වා පැමිණි බවත් රත්නායක පවසයි.
එම කණ්ඩායම පසුගිය ඔක්තෝබර් 15 වැනි දා තමිල්නාඩු එක්ස්ප්‍රස් දුම්රියේ ආසන වෙන්කරගෙන තිබිණි. ඒ අනුව දුම්රියෙන් විජයවාඩ වලට පැමිණ ඇති අතර ඔවුන් පසුදින අලුයම 4.30ට පමණ දකුණු ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ වාරන්ගල් හි දුම්රිය නවත්වන විට ස්ටීවන් රත්නායක අතුරුදන්ව ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි කියති.
වාරන්ගල් සිට තෙලංගානා ප්‍රාන්තයේ අගනුවර වන හයිද්‍රාබාද් නුවරට දුර කිලෝමීටර් 147කි.
විජයවාඩ පොලිසියේ ස්ථානාධිපති ටී.සිරිනිවාස් රෙඩ්ඩි ‘ද හින්දු‘ පුවත්පතට පවසනුයේ පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි දුම්රිය පොලිසියේ සටහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.
චෙන්නායි නුවර මධ්‍යම දුම්රියපොළේ සීසීටීවී කැමරා පරීක්ෂා කළ බවත් එහිදී ස්ටීවන් රත්නායක ඔක්තෝබර් 15 වැනි දා එම දුම්රියපොළට පැමිණ ඇති බවට තහවුරුවී ඇති බවත් රෙඩ්ඩි කියයි. නමුත් ඔහු දුම්රියට නැගුණු බවට කිසිදු සාක්කියක් නොමැති බව ද පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි. පසුදින අලුයම විජයවාඩ පැමිණි දුම්රිය අංක 10 වේදිකාවේ නතර කළ බවත් එහිදී ද ඔහු පැමිණි බවට සාක්කියක් නැති බවත් වාර්තාවේ. ස්ටීවන් රත්නායක හැර සෙසු වන්දනා නඩය දින දෙකකට පෙර යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ද රෙඩ්ඩි සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ගමන් ඇතුළත් වන්දනා චාරිකා ඉතාම වෙහෙසකාරී හා අන්තරාදායකයි. තව දහ පහළොස් දාහක් වැඩිපුර ගියත් ප්ලේන් එකෙන්ම කෙළින්ම දිල්ලි හෝ බරණැස ගිහින් එතන ඉඳලා හයර් කරන බස් එකෙන් යන එක ඇඟට ගුණයි (නි)
දැන් දැන් ගොඩක් වන්දනා ගමන් සංවිධානය කරන ආයතන බිහිවෙලා තියෙනවා. නමුත් කිසිම ප්‍රමිතියක් නැහැ. මේ ගමන් වලට බොහෝවිට සහභාගිවෙන්නේ වයසක අම්මලා තාත්තලා. ඔවුන් ගැන මීටවඩා සැළකිලිමත් වියයුතුයි. අතරමංවීමට සහ නැවත සොයාගැනීමට බොහෝවිට භාෂාව වැදහත් සාධකයක්. අපේ අය හින්දි දන්නේ නැහැ. ඒ අය සිංහල දන්නේ නැහැ. මේ පසුගිය මාස කීපය තුළ සිදුවුණ දෙවෙනි සිදුවීම. බලධාරීන් මීටවඩා සැළකිල්ලක් දක්වනවා නම් වටිනවා. (නි)