බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම ගාලගෝට්ටියකින් අතරමග නතරවිය. විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ගිය සභා වාර්තාව වැරදියයි කියමින් එම වාර්තාව සභාව මැද ගිනි තැබූහ. ඊට ආණ්ඩුපක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයාගේ ද සහය ලැබිණි. සභාව කල්තැබිය යුතුයැයි අබේසේකර මහතා ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද දෙකකින් සම්මතවිමෙන් පසු සභාව කල් තැබිණි. වාර්තාවේ අඩුපාඩු නිලධාරීන් නිවැරදි කැර ඇති බැවින් මෙලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවත් මන්ත්‍රීවරු මාධ්‍ය ඉදිරියේ රඟපාන බවත් සභාපති චානක මාදුගොඩ මහතා සභාව කල්තැබීමට පෙර කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මේ අය හැමදාම කරන්නේ ඔය වගේ වැඩ. වැඩ කරන අවංක මිනිස්සු ඕවට සැලෙන්නේ නැහැ. වැඩක් කරපු සබාපති කෙනෙක් එක්ක ඉදිරියට යන්න ඔබතුමා සමග අපි බෝපේ පොද්දල ජනතාව ඉන්නවා. ඔබට ජය! (නි)
අනේ මොනතරම් ග්‍රාමීයද මෙයාලගේ හැසිරීම? වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය පාටක් නම් නම් නැහැ. අපි කොහොමද මෙයාලගෙන් රටට සෙතක් බලාපොරොත්තු වෙන්නේ? හිතන්න කකුල උඩ තියාගෙන ඉන්න කෙනාගේ හැසිරීම ගෙදරදී කොහොම වෙන්න ඇද්ද කියලා, මේ වගේ සබාවක මෙහෙම නම් (නි)
මෙවන් නුගත් පිරිසක් ජනතා සේවයට යවපු අපේම ජනතාවට ජයවෙවා! ඒ කියන්නේ ඕව දකින අහන අපිටම ජය වේවා.(නදී)
පොද්දල පෑත්තෙ උදවිය කොහොමත් ඔහොම තමයි. ලගකදි හාමුදුරුවො කෙනෙකුටත් ගහන්න හෑදුවනේ.(නදී)
මොන ගාලගොට්ටිද? කාලා කාලා තෙල වැඩිවෙලා. තෙල් අඩු කරගන්න විනෝද වෙනවා.(නදී)
සුද්දෝ අපේ කරපිට පැටවූ ජනතා පරමාධිපත්‍ය අවඥා සහගතව අභිසරු වෘතියේ යොදවන ලැජ්ජ නැති පක්ෂ දේශපාලන ව්‍යුහයේ සැබෑ නිරුවත ප්‍රතිබිම්භනය වන තවත් එක් අවස්ථාවක්.(නදී)
මෙහෙමත් කටිටියක්.(නදී)
එක ගොනේක්ගේ කකුල මෙසේ උඩ.(නදී)
හෙට බිහිවෙන දරුවන්ට මොකක්ද දෙන්න තියෙන ආදර්ශය?
පළාත් සභා, ප්‍රාදේශීය සභා යනු දේශපාලනය කරන කපටි කාලකන්නින් විසින් මහජන මුදලින් සුර සැප විඳීම සඳහා එහෙයියන් රොත්තක් බිහි කර ගැනීමට හදපු ආයතන දෙකක්. පේනවනේ මුන් කරන කෝලම්. (නදී)
මාදු ගොන් හරක් එක්ක වැඩකරනකොට ඔහොම තමයි. සැලෙන්න එපා. අපි දන්නවා ඔයාට විරුද්දවදියෝ ඉන්න විත්තිය. ඉවසීමෙන් වැඩකරන්න. මෝඩයෝ මෝඩ වැඩ කරාට ඔයා මොනවා කරන්නද?(නදී)
ඔබතුමා මේ වගේ හරක් ගොඩක් එක්ක ඉන්න එකත් ලොකු දෙයක්. අවංක ගුණගරුක ඔබතුමාගේ යහපත් බව බෝපේ පොද්දල අපි හොදාකාරවම දන්නවා. ඉඩම් සේල් වලින් ලක්ෂ ගණන් ගහගන්න විදියක් නැති දුකට මේ පිස්සෝ කරන කුහක වැඩ වලට ඔබතුමා සැලෙන්න එපා. බෝපේ පොද්දල ජනතාව සමද ඔබ සමග. (ස)
ඔය ප්‍රේමලාල් උන්නැහේ බලන් ඉන්නේ සභාපති වෙන්න. එයා හැමදාම විරුද්ධ පක්ෂෙට වැඩ. ආණ්ඩු පක්ෂයේ හිටියට. හැම පාරකම මනාප ගණන අඩු කර ගන්නවා.(නදී)
සභාපතිතුමා හිනාවෙවී බලන් ඉද්දි මොනවද මේ වෙන්නේ සභාවේ.. ආ ? (ස)
මෙහෙමත් ගස් ගෙම්ම්බෝ ඉන්නවනේ.(නදී)
ශිෂ්ට මදි වගේ.(ස)
විකට චිත්‍ර පටියක විකට නළුවෝ ටික හොදට රගපානවා. මේසය උඩ කකුල තියන් ඉන්නේ ප්‍රදාන නළුවා වෙන්න ඇති.(ස)
අනේ මේ ජනතාවගේ දුකද? මේ මන්ත්‍රීවරු හොදයි කෝපි කඩේට?(නදී)
හැදියාවක් විනයක් නැතුව මේසේ උඩ කකුලුත් තියාගෙන... මේ වගේ අයට චන්දෙ ඉල්ලන්න නාමයෝජනා දුන්නේ කවුද ? චන්දෙ දුන්නේ කවුද?විනයක් නීතියක් නැති රටක වෙනදේවල් (නි)
මේ මන්ත්‍රීවරු හොදයි කෝපි කඩේට?(නදී)
එජාපෙටත් ලැජ්ජාවක්. මේවා ලොකු අයගේ වැරදි. (නි)
මොකද මාධු වෙන්නේ? පිස්සු නටන්න දෙන්න එපා ඔය විදියට. (ස)