බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් වාර්තාව ලැබී ඇති බවත් ඒ ආයතන වලට ලැබුණු ලාබ සඳහා ලාබාංශ ලැබුණු ආකාරය පෙන්වා ඇති බවත් එය අසාමාන්‍ය තත්වයක් බවත් ඒ සඳහා නීතිය සෘජුව ක්‍රියාත්මක කිරිමට රජය බැඳී සිටින බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක අද (10) මහනුවරදි පැවැසිය.
ඇමැතිවරයා මෙසේ පැවැසුයේ ජාතික හෙළ උරුමයේ නව නිලධාරින් සමග මහනුවර දළදා මාලිගය වැඳපුදා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනායක හිමි සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි මහ නායක හිමි හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමිනි.
බැඳුම්කර සිද්ධියට එෆ්.සි.අයි.ඩියට වඩා පාර්ලිමේන්තුවේ කොප් එක මගින් විශාල පරික්ෂණයක් සිදුකරන අතර විගණකාධිපති මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් වාර්තාවක් ලබා දි ඇති බවද කී ඇමැතිවරයා මේ සදහා සාධාරණය කිරිමට රජය සූදානමින් සිටින බවත් කීය.
මේ අතර ජපන් ජත්‍යාන්තර සහයෝගිතා ආයතනය හා නාගරික සංවර්ධන අධිකාරිය මහනුවර අන්තර් ජාතික මට්ටමේ මහා නගරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සැලැස්ම පිළිබඳවූ තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා ගිවිසුමකට ද අද (10) මහනුවරදී අත්සන් තැබිණි.
නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ජගත් මුණසිංහ මහතාද ජපන් ජත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත ටෝරු කොබයකාවා ද ගිවිසුමට මහනුවර ස්විස් හෝටලයේදී ඊට අත්සන් තැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හොඳට පැහැදිලියි අර්ජුන් බේරාගෙන සාධාරනය ඉටුකරන බවට. ඒ වගේම අර රාගම ඉන්න අහිංසකයටත් සාධාරනය ඉටුවේවි නේද? (නි)
සදරණය ඉටුකරන බව පේනවා (හේ)
අනේ හැබැට, (හේ)
රජය සාධාරණය ඉෂ්ඨ කරන්නම් ඉන්න බව පේනවා,(හේ)
පව් අනේ,(හේ)
අපිත් ඉන්නේ ඊළග ඡන්දෙ එනකල් තමයි. ඔයාලට සාධාරණයක් කරන්න (බ)
මෙයා ගොඩක් කාලෙකින් කරලියට බැහැලා. (හේ)
අර අනතුරට පත් දරුවාට සාධාරණයක් ඉෂ්ට නොකර බැඳුම්කරයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරයි කියලා අපිටත් හිතෙනවා. (නි)
බැඳුම්කරයට කලින් අර අනතුරට ලක්වුණ තරුණයට සාධාරණයක් කළොත් නරකද? (නි)
අනේ මගේ කට! (නි)
සාධාරණය ඉටුවන්නේ ඔබලාගේ දීමනා වලට පමණි. (නි)
සිංහල බෞද්ධයන්ගේ මහා නායකයා වීමට පෙරුම්පිරූ අයට වුණු දේ දැක්කනේ. දේශපාලන කුණු බක්කියේ (නි)
අර රිය අනතුරට ලක්වූ ළමයාට සාධාරණයක් කරන්නේ කවදාද? (නි)
අර අනතුරට පත් ළමයාට මොන විදියක සාධාරණයක්ද වුණේ කියලා කවුරුහරි මට කියන්න (නි)
නිකන් බොරු කයිවාරු විතරක් නම් එපා (නි)
කරුණාකරලා, මහා සංඝරත්නය මේවට ගාවාගන්න එපා. කරන සාධාරණය කරලා පෙන්වන්න. (නි)
තමන් විසින් කළ වැරදි වලට සාධාරණයක් ඉෂ්ට නොවුණ කල, අනෙක් අය කළ වැරදි වලට සාධාරණයක් ලැබෙනතුරු බලාසිටීමට තරම් අපි මෝඩ නැහැ (නි)