මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් කරගත් සාක්කි හෝ තොරතුරු හෝ වෙනත් කිසිදු පාර්ශවයකට නොදුන් බව පාර්ලිමේන්තු මහලේකම් රජයට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මේ දැනුම් දීම කර ඇත්තේ තේරීම් කාරක සභාව රැස්කර ගත් තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත්ව ඇත්දැයි රජය කළ විමසීමට අනුවය.
තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම පදනම් කර ගනිමින් මහ බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරුවීම් කළ බවට විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේදී මතු කළ කරුණු පදනම් කර ගනිමින් රජය පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් මේ විමසීම කරනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි (නි)
බැඳුම්කර සිද්ධිය පිළිබඳව සත්‍යය ජනතාවට වසන් නොකළ යුතුයි. (නි)