ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාත පරීක්ෂණයක් කර තීන්දුවක් දීම සඳහා අධිකරණයට යොමු කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක දී අද (3) මහරගම දී ප්‍රකාශ කළේය.
‘‘මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ. හිටපු ආණ්ඩුවෙන් එළියට ආවේ පක්ෂය අත්හරින්නේ නැතිව. ඒ ඇවිල්ලා ආණ්ඩුවක් හැදුවේ සියලු දෙනා ඒකරාශී කරගෙන වැරදි කළ කොටසකට දඬුවම් දෙන්නත් තව කොටසකට වැරදි කරන්න ඉඩ දෙන්නත් නොවේ. එය මගේ ප්‍රතිපත්තියයි.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව මම මගේ ප්‍රතිපත්තිය, තීන්දුව අද ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තත්ත්වයත් එක්ක ඒ නීති රීතිවලට ගරු කරමින් කෝප් කමිටු වාර්තාව කටයුතු කර තිබෙනවා. ඒ වාර්තාව ගැන නොයෙක් මත දේශපාලනඥයන් පළ කරනවා. කට්ටියක් එය හරි කියනවා. තව කට්ටියක් වැරදි කියනවා. සියලුම දේශපාලනඥයන් මේ ප්‍රශ්නයෙන් ඉවත් විය යුතුයි.‘‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විනයගරුක නායකයාට ජයවේවා! යුක්තිගරුක නායකයාට ජයවේවා! (නි)
ජනාධිපතිතුමනි, කාලය හරි සුක්කානම අතට ගන්න. දැනුත් ප්‍රමාද වැඩියි. පහුගිය ජනාධිපතිවරණයේදී ජනවරම ලැබුනේ ඔබටයි. නමුත් ඒ ජනවරම තවත් පිරිසකට අනිසි විදියට භාවිතා කරන්න ඉඩදෙන්න එපා. (නි)