මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඔහුගේ බෑනාට විරුද්ධව බස්නාහිර පළාත් මන්ත්‍රී රේණුක පෙරේරා ගොනු කර තිබූ පැමිණිල්ල අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නිෂ්ප්‍රභ කළේය.
පැමිණිලිකරු පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණයක් පවත්වාගෙන යන බැවින් තම පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බව මන්ත්‍රීවරයා අධිකරණයට දැන්වීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නීතිඥ කැළුම් කුමාරසිංහ ගොනු කර තිබූ නඩුවද අද ඉල්ලා අස්කර ගත්තේය.
මේ සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් විභාග වන හෙයින් එම තීරණය ගත් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පැමිණිලිකරු කියා සිටියේය.
සේවක අර්ථ සාධක අරමුදල් ආයෝජනයේදී හා ග්‍රීක බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩුක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිට හා මහ බැංකු අධිපතිට එරෙහිව එම පැමිණිල්ල ගොනු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට තමා කියන්නේ ඉල්ලලා කනවා කියලා. එකට එක අනුපාතය වෙන්න ඇති. මරුනේ (බ)
සේරම හොරු .එකාට එකා පිටවල් කහගන්නවා. (අ)
ජාතික ආණ්ඩුව පිහිටන්න කලින් දෙගොල්ලෝ සාකච්චා කරලා ගත්තු තීරණයක් වෙන්න ඕන. අහිංසක මිනිස්සු තමයි රැවටුණේ. මේකද යහපාලනය කියන්නේ? (ම)
ඊළඟට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමත් අහෝසි කරනවා. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියේය කියලා පොත් වල ලියලා තිබේවි. (අ)
මා හිතු දේ ටිකෙන් ටික සබැ වී ගෙන යනවා මා කණගාටු වන්නේද නැත හේතුව මා මේ පක්ෂ දෙකටම ඡන්දය නොදුන් නිසා වෙමි. එහෙත් මා මුළු රට වැසිය ගැන කණගාටු වෙමි මන්දයත් ඔවුන් සැමදාම මෝඩයන්ට අන්දන අයට කතිරය ගැසීම නිසාය (අ)
පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ, කියන පුවත බැලුවද, ඒ අනුව ඝෝටබය නිදොස් වෙන එක හරි , ඔවුන් නිවැරදි කරුවෝ, මේ මිනිස්සු වැරදිකරුවෝ , සමහරු හිතන විදිය හරි පුදුමයි (ම)
ගනු දෙනු. (හේ)
කන එක බෙදාගෙන හවුලේම කමු.(හේ)
අන්තිමට ඔක්කොම හොරු ටික ආණ්ඩුවට එකතු වුනා ලු.. (හේ)
ඕවට තමයි කියන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියලා. (හේ)