IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බැඳුම්කර ගනුදෙනුව ගැන විගණකාධිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව තීරණය කළ බව ආරංචි මාර්ග කියයි.

පසුගිය වසරේ පෙබරවාරියේ සිදුවිණැයි කියන බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදු වූ බව විපක්ෂය චෝදනා කළේය.

රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මේ සම්බන්ධයෙන් මීට පෙර ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටුව ද පරීක්ෂණයක් සිදු කළ අතර නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව යළි පරීක්ෂණයක් ආරම්භ කළේය.

සති දෙකක් ඇතුළත බැදුම්කර සිද්ධිය ගැන තිරණයක් ගැනීමට නියමිතය.



අදහස් (0)

බැඳුම්කර ගනුදෙනුව ගැන විගණකාධිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 27 February 2016 01:18 PM

වැඩේ නම් අවංකව කරයි කියලා හිතන්න තිබුනා ඉස්සර ජේ වී පී එක නම්. ඒත් දැන් මේක ගැන විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

අමා Saturday, 27 February 2016 06:50 AM

අනේ මේ වගේ සුළු දේවල් මොකට හොයනවද? මීට වැඩිය තව කොයිතරම් නම් වැලි ගොඩදාන්න තියෙනවද? වළවල් හාරන්න තියෙනවද? (නි)

:       0       0

කලණි විතානගේ Saturday, 27 February 2016 01:44 AM

නිසි පරීක්ෂණයක ප්‍රතිඵල පිළිගන්න. පාට දේශපාලන කණ්ණාඩිය ගළවා පසකින් තබමු. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 27 February 2016 04:37 PM

ඒ පාර තවත් මාධ්‍ය සංදර්ශනයක්ද? (නි)

:       0       0

දහම් Saturday, 27 February 2016 03:26 AM

කලින් කමිටුව ඔක්කොම හොර හොයා ගත්ත. අන්තිමේ ආණ්ඩුවත් විසුරුවන්න වුනේ එ්කයි. එක ජනාධිපතිත් ප්‍රසිද්දියේ කිව්වා. දැන් මේ හදන්නේ සුදු හුණු ගාන්න. බලමුකෝ ජේ වී පී අවංකකම. (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 27 February 2016 09:27 AM

විස්වාසයක් තියෙනවා ජ වී පෙ හොර සහතික දෙන්නේ නැහැ කියල , බලමු මේකේ සභාපතිත් එයාලගේ කෙනෙක් නිසා වැඩේ හරියටම සාධාරණේටම කරාවි (බ)

:       0       0

කලණි විතානගේ Saturday, 27 February 2016 04:01 AM

ජ.වී.පෙ. අවංකකම ගැන සැක තබා ගන්න එපා. (ම)

:       0       0

මිලාන්ත මිලානෝ Friday, 26 February 2016 04:08 PM

මෙතන වංචාවක් සිදුවී ඇත්නම් එතන මුලින් හදමු ඔවුන්ට දැඩි දඬුවම් දීලා. ඉන්පසු මහා හොරු ටික ගැන බලා ගමු. (ර)

:       0       0

කලණි විතානගේ Saturday, 27 February 2016 10:54 AM

ජවිපෙ අවංකව වැඩ කරාවි. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 27 February 2016 04:30 AM

අපි හිතනවා ජේවීපී එකේ සහ යූඇන්පී යම් ප්‍රමාණයක් අවංක සහ පිරිසිදු චරිත කියා හොරුන්ට සහ ඔවුන්ගේ නඩයට කිසිවිටක බුරුලක් නොදෙන්න, මේ විනාශ වෙන්නේ ඔබගේත් මගෙත් රට මිස හොර දේසපලුවන්ගේ බිම නොවේ (බ)

:       0       0

කුමාර Saturday, 27 February 2016 04:41 AM

බැංකු හොරු සේරටමයි බටලන්දේ මිනිමරුවටයි ඊළග ආණ්ඩුවක් යටතේ මරණ දඩුවම දිය යුතුයි (බ)

:       0       0

සුසන්ත Friday, 26 February 2016 06:24 PM

මේ මොන විහිළුවක්ද නැවතත්? තව සති දෙකකින් කියාවිද දන්නෙ නැහැ කිසි හොරයක් වෙලා නැහැ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site