මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව තීරණය කළ බව ආරංචි මාර්ග කියයි.

පසුගිය වසරේ පෙබරවාරියේ සිදුවිණැයි කියන බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදු වූ බව විපක්ෂය චෝදනා කළේය.

රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මේ සම්බන්ධයෙන් මීට පෙර ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටුව ද පරීක්ෂණයක් සිදු කළ අතර නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව යළි පරීක්ෂණයක් ආරම්භ කළේය.

සති දෙකක් ඇතුළත බැදුම්කර සිද්ධිය ගැන තිරණයක් ගැනීමට නියමිතය.