පොලිස් අත්අඩංගුවේ සිටියදී පැන ගොස් සැඟවී සිටි බව කියන හම්බන්තොට බඳගිරිය තරුණයා සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනා හා සොහොයුරිය එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (30) නියෝග කළේය.
ජී.ජී.ගයාෂාන් සැකකාර තරුණයා සහ ඔහු සැඟවී සිටියදී පොලිසියට බොරු පැමිණිලි කළැයි ද ඔහු සඟවාගෙන සිටි බවටද සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ සහෝදරයන් වන ජී.ජී.සුරංග, ජී.ජී.රෝෂන් කුමාර හා සොයුරිය වන ජී.ජී.නිමාලි එසේ ඇප මත නිදහස් කැරිණි.

![DSC05405[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC054051.png)
![DSC05406[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC054061.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd