IMG-LOGO

බන්ධනාගාරවල 33,000ක් ඉන්නවා

(යොහාන් භාසුර)

මෙරට බන්ධනාගාර තුළ උපරිම ධාරිතාව රැඳවියන් 12,000 ක් පමණක් වුවත් වර්තමානය ඒවායේ පුද්ගලයන් 33,000 ක් රඳවා සිටින බවත් නිත්‍ය සිරකරුවන් 9,200 ක් සහ රිමාන්ඩ් සිරකරුවන් 21,000 ක් ලෙස රැඳවියන් සිටින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා අද (9) පැවසීය.

බොරැල්ලේ පිහිටි බන්ධනාගාර දෙපාර්තමේන්තු මූලස්ථානයේ අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා එසේ පැවසීය.  

මෙරට තුළ බන්ධනාගාර 36 ඇති අතර ඒවායේ උපරිමෙයෙන් පුද්ගලයන් 12,000 ක් රඳවිය හැකිවුවද ඒවායේ පුද්ගලයන් 33,000 ක් රඳවාගෙන ඇති බවත් එම රැඳවියන්ගෙන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගත වූවයන් බවත් ඒ මහතා කීය.

රටක් සහ දෙපාර්තමේන්තුවක් ලෙස තරුණ පරපුර දැනුවත් කර බන්ධනාගාරය වෙත පැමිණීම වැලැක්විමට කටයුතු කළ යුතු බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගත වූවන් බොහෝ දෙනෙක් තරුණ වයසේ පසුවන්නන් බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම තත්වය තුළ පුද්ගලයන් බන්ධනාගාරගත කර බලාපොරොත්තු වන සාධනීය තත්වයට යා නොහැකි බව ද සඳහන් කළ ඒ මහතා ජනතාව බන්ධනාගාරතවීම අවම වන තත්වයට රට තල්ලු කළ යුතු බව ද කීය.

වර්තමානය වන විට මෙරට ඉතාම නරක තැනකට වැටී ඇතැයි විශ්වාස කරන බවත් රිමාන්ඩ් සිරකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගතවුවන් වීම වඩාත් ගැටගුසහගත බවත් ඔහු කීය.

මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූන් බන්ධනාගාරගත වූ වාහාම රෝහල්තවීම කියන තීරණය බන්ධනාගාර නිලධාරීන් මත ඇති කරුණක් නොවන බවත් රැඳවියකුට යම් රෝග ලක්‍ෂණයක් ඇති වූ පසුව වෛද්‍යතුමාට ඉදිරිපත් කළ පසු නිර්දේශයක් දෙන්නේ නම් රෝහල්ගත කළයුතු යැයි එයට බන්ධනාගාරයට විරුද්ධ වියනොහැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෑතකාලයේ එවැනි නිර්දේශ නොලැබීම නිසා මැති ඇතමතිවරු බන්ධනාගාර තුළ සිටින බව ද වීරසිංහ මහතා සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ නිවස්න රජය සතු දේපළක් වීම නිසා එම දේපළ සහ වටපිටාව ඇතුළු සියලු දේවල්වල වැඩකටයුතු සිරකරුවන් ලවා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නීතිමය ප්‍රතිපාදන ඇති බවත් කෙසේ වෙතත් ඔවුන් ළවා ආහාර පිසීම වැනි නිවස තුළ කටයුතු කරනොගන්නා බවත් ඔහු කීය.

බන්ධනාගාර නිලධාරීන් වර්තමානයේ අතිශයින් කර්යබහුල සහ අතිශයින් තීරණාත්මක මොහොතක සිටින බවත් සමස්තයක් වශයෙන් බන්ධනාගාර නිලධාරීන් සියලුදෙනා හොදින් වැඩකටයුතු කරන අතර අතළොස්සක් නිසා විශ්වාසය පළුදුවීමක් වුණා වියහැකි බවත් වීරසිංහ මහතා පැවසීය.

බන්ධනාගාර පිළිබඳව මහජනතාවගේ විශ්වාසය දිනාගත හැකි ආකාරයට මෙහෙයවියයුතු අතර ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) සේනක පල්ලෙතැන්න මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය. 



අදහස් (1)

බන්ධනාගාරවල 33,000ක් ඉන්නවා

Sameera Wednesday, 09 July 2025 04:48 PM

ලංකාවේ නිතිරිති යාවත්කාලීන විය යුතුයි! වැරැදි කරන පුද්ගලයකු නැවත සමාජගත විමට අවස්ථාවක් ඇති කල යුතුයි! වසර 5 වැනි උපරිම කාල සිමාවකට වැරදිකරුවන්ට බන්ධනාගාර ගත කල යුතුයි! දඩ මුදල් ගෙවිමට වසර 1-2 අතර සහන කාල සිමාවක් ඇතිකිරිම. වෘත්තීය පුහුණුව ලබාදිම, පරිවාසයට යටත්ව ස්වෙච්ඡා රැකියා ලබාදිම, මනුෂ්‍යයන් සිරකරුවන් කිරිමෙන් රටක් පරිවර්තනය කල නොහැකිය! දියුණු රටවල් රජයේ වියදමින් රිමාන්ඩ් සිරකරුවන් නඩත්තු නොකරන අතර ඔවුනට සමාජගතවීමට අවස්ථාව ලබා දේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site